ads
News
Loading...

වෙබ් සීරිස් නිසා දැන් ඒ තත්වය වෙනස් වෙල



          හසු දිසානායක කියන්නෙ තරුණ අධ්‍යක්ෂකවරයෙක්.ලෝකයේම පවතින තත්වයනිසා සිනමාව ,නාට්‍ය වෙනස් පැත්තකට හැරිල.ඉතින් ගොසිප්ලන්තය ඒ ගැන කතාකරන්න අද තෝරගත්තෙ ඔහුව.

හසූ වර්තමානයේ සිනමාව තුලට විකල්පයක් විදියට වෙබ් සීරිස් ගොඩක් ජනප්‍රිය යි නේද?

ඔව්.
සිනමාව වශයෙන් කතා කරනවටත් වඩා මාලාටෙලි නාටක වගට විකල්පයක් විදියට ඉතාමත් සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තිබෙන මාධ්‍යයක් මේ වෙබ් සීරීස්.

කොවිඩ් කාලය නිසාම netfix ආයතනය කලාව තුල නියැලෙන අයට විවිධ වශයෙන් අනුග්‍රහ ලබාදුන්නා අපට අහන්න ලැබුන

ඔව්⁣ ලෝකයේ ජනප්‍රියතම ⁣වෙබ් සීරීස් ප්‍රදර්ශන කරන්නන් විදියට netflix මේ කොවිඩ් නිසා නිවෙස් තුළ සිටින මිනිසුන්ට තමන්ගේ වෙබ් සීරීස් නරඹන්න අවස්ථාව පුළුල් කළා වගේම නිර්මාණකරුවන්ටත් වැඩි අවස්ථා ලබා දීලා තිබුණා. Netflix වගේම දැන් ලංකාවෙත් ටික ටික වෙබ් සීරීම් ජනප්‍රිය වෙන්න පටන් අරන්. Youtube මාධ්‍යයේ පවා

මෙි අලුත් ප්‍රවනතාව යට ප්‍රේක්ෂක ආකර්ශනය කොහොමද

මම හිතන විදියට ඉලක්කගත ප්‍රේක්ෂක පිරිසක් විදියට ගොඩක්ම තරුණ පිරිස වෙබ් සීරීස් ව⁣ටා ඒකරාශී වෙලා තියෙන්නේ. තරුණ පිරිස් දැඩි උනන්දුවකින් අද වෙද්දී වෙබ් සීරීස් නරඹන්න පටන් අරගෙන තියෙනවා. විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් තියෙන බව ඔප්පු වෙනවා ඒවා නරඹන මිලියන ගණන් ප්‍රේක්ෂකයෝ දකිද්දී. ලංකාවේ පවා.

ඇතැම් ප්‍රවීනයන් ගේ මතයක් තියෙනව මෙි හරහ සිනමාවට තර්ජනයක් තියෙනව කියල ඒ ගැන අදහස?
සමහරවිට මේ හරහා ඇතැම්විට ඔය කියන ප්‍රවීනයන් කියන අයට තර්ජනයක් ඇති. මොකද තමන්ගේ දක්ෂතාවය එළිදක්වන්ක බැරුව සිටින බොහෝ තරුණ තරුණියන් අවම තරමින් යූටියුබ් හරහා හෝ තමන්ගේ නිර්මාණය අවම සම්පත් සහ උපකරණ මධ්‍යයේ නිර්මාණය කරලා සමාජගත කළාට පස්සේ ඒවා බොහෝ දෙනෙක් නරඹලා ඔවුන්ගේ දක්ෂතා එළියට පේන්න ගන්නවා. එතකොට අලුත් විදියේ⁣ වෙනසක් තියෙන නිර්මාණ බලන්න පෙළගැහිලා ඉන්න ප්‍රේක්ෂකයන් අර පොඩි කොල්ලො කෙල්ලෝ කරන විකල්ප ධාරාවේ නිර්මාණ වට ඒකරාශී වෙද්දී නිෂ්පාදකවරු සහ අනුග්‍රහය දක්වන්නන් පවා අර යල් පැනගිය අදහස් තියෙන ප්‍රවීනයන් කියන අය අතහැර මේ තරුණ නිර්මාණකරුයන් වෙත ආකර්ශනය වෙනකොට තර්ජනය වෙන්නේ සිනමාවට නෙවෙයි, යල්පැන ගිය සිනමාවට කියලයි මගේ නම් අදහස.

මෙි වෙත්දි ඉන්දියාවෙි පවා වෙබ් කතා මාලා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනව.වර්තමානයේ ඔබ වඩාත් සිත්ගත් කතාව ගැනත් කියමු

ඔව් ඉන්දීය වෙබ් සීරිස්වලින් නම් මම කැමතිම සහ මම බලපු හොඳම වෙබ් සීරිස් එක තමයි Sujay Ghosh අධ්‍යක්ෂණය කරන Typewriter වෙබ් සීරිස් එක.

ලංකාවේ නම් මම කැමතිම වෙබ් සීරිස් එක මේ දිනවල යූටියුබ්හි feathers art යූ⁣ටියුබ් නාලිකාවේ යන Goob Bye mini web series එක.

සමස්තයක් විදියට කැමතිම එක නම් Unorthodox සහ Typewriter තමයි

හසූ අධ්‍යක්ෂකවරයෙක් විදියට ඉදිරිකාලෙයෙ වෙබ් සීරිස් වැඩවලටත් යොමුවෙනවද

ඔව් එහෙම අදහසක් මට මෑත කාලයක දී ආවා. නමුත් මම තාම නිශ්චිතව හිතලා නෑ වෙබ් සීරිස් එකක් කරනවමද නැද්ද කියලා. නමුත් ආසාවක් තියෙනවා thriller/suspense ශානරයේ වෙබ් සීරිස් එකන් කරන්න. අපි බලමු ඉස්සරහට.

රටක කලාව වෙනුවෙන් වගකිවයුතු අංශ පවා මෙවන් තලවලට යම්කිසි මූල්‍යමය දේවල් ලබාදීම ක්ෂේත්‍රයේ පැවැත්මට වටිනවා නේද
රටේ ප්‍රධාන ධාරාවේ කලාවක් වන සිනමාවට පවා හරිහමන් මූල්‍යමය අනුග්‍රහයක් නැතිකොට මෙවැනි දේවල්වලට ලැබේවි කියලා නම් බලාපොරොත්තු තබාගෙන සිටීම ටිකක් අමාරු වැඩක්. ඒත් එහෙම යම්කිසි මූල්‍යමය හෝ වෙනත් සම්පත දායකත්වයක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා ඉතා වටිනවා.

පහුගිය දවස්වල ඔබ සමාජ මාධ්‍ය හරහා නිර්මාණාත්මක දරුවන් ව හදුන්වාදුන් වැඩ වගයක් කලා නේද ඒ ගැනත් කියමු

ඔව් ඒක ඇත්තෙන්ම අහම්බයෙන් සිදුවුණ දෙයක්. මගේ අසල්වාසී නිවසක පුංචි දියණියක් තමන් විසින් කරපු පුංචි පුංචි නිර්මාණ ගොඩක් එකතු ඇගේ නිවසේ පොඩි නිර්මාණ එළිදැක්වීමේ ප්‍රදර්ශනයක් සංවිධානය කරලා තිබුණා ඇගේ මවගේ සංකල්පයකට අනුව. මම ඒ පිළිබඳව මගේ ෆේස්බුක් ගිණුමේ පළ කළාට පස්සේ ගොඩක් අය ඇගේ දක්ෂතාවයට ප්‍රතිචාර දක්වලා තිබුණා. ඉතින් මට හිතුණා ඒ ලස්සන සංකල්පය සමාජගත කරන්න ඕන කියලා. ඒ අනුව මම #පුංචිඅපේදස්කම් කියන හෑෂ්ටැග් එක යටතේ ඒ සංකල්පය සමාජගත කළා. විශේෂයෙන්ම මම සාමාජිකත්වය දරන ළමා අපයෝජන නවතමු ෆේස්බුක් සමූහය මඟින් තමයි ගොඩක්ම එය ප්‍රචලිත කළේ. ඉතින් එය ඉතාමත් සාර්ථක වුණා. කොවිඩ් නිසා නිවෙස්වලට වෙලා කාලය ගත කරන පුංචි දරුවන්ගේ දක්ෂතා මුළු රටම දැක්කා වගේම ඒ දරුවන් පවා සතුටු වෙන්න ඇති ඒ නිසා. ඒ වගේමයි ඒ දරුවන් වෙනුවෙන් තෑගි බෝග ලබා දෙන්නත් බොහෝ නැන්දලා මාමාලා එකතු වුණා. තවමත් ඒ ආදරණීය වැඩේ ෆේ්ස්බුක් තුළ තියෙනවා. ආරාධනා කරනවා හැම අම්මා තාත්තා කෙනෙකුටම ඔබේ පුංචි දරුවාගේ නිර්මාණාත්මක දක්ෂතා සියල්ලත් මේ වගේ #පුංචිඅපේදස්කම් ෆේස්බුක් අවකාශයේ බෙදාගෙන සතුටු වෙන්න කියලා. මම ඇත්තටම ඒ දේ කළේ මගේ ආත්ම තෘප්තිය උදෙසා.

මෙි කාලෙ ඔයාගෙ රසිකයන්ට කියන්න පණිවිඩයකුත් ඇති?

මට දෙන්න තියෙන වටිනාම පණිවිඩය තමයි මේ කොවිඩ් කාල සීමාවේ ඔබේ කාලය ඵලදායීව ගත කරන්න. ඔබට පුළුවන් කවියක්, කෙටිකතාවක්, නවකතාවක්, තිරපිටපතක් ලියන්න. චිත්‍රයක්, සිතුවමක් අඳින්න. සමහරවිට හැමදාම වැඩ ගොඩක් අතරේ හිර වෙලා කාර්යබහුල ජීවිතයක් ගත කරපු ඔබ තුළ සිටින කලාකරුවා අවදි කරවන්න හොඳ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. කලාව කියන්නේ ඔබ සැනසීමට පත් කරන දෙයක්, ඉතින් හැකි තරම් ඒ වගේ දේවල් කරන්න උත්සහ කරන්න. ඔබට වැරදුණා කියලා ඔබේ අඩුපාඩු හොයන්න කවුරුත් නෑ. ඒ වගේමයි ඔබ ඔබ ගැන අලුතින් හිතන්න පටන්ගන්න. ඔබ හැමදෙනාටම සුබ පතනවා!



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :