ads
News
Loading...

අසහාය කලාකරු නිහාල් නෙල්සන් වෙනුවෙන් මාවතක්



ඊයෙ දවසට යෙදුන නිහාල් නෙල්සන් කලාකරුවගෙ උපන්දිනය වෙනුවෙන් වෙනස් යමක් සිදුවුන.ඒ ගැන සටහනක් පහළින්


ඒගොල්ලො ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ යැයි සම්භාව්‍ය නාමපුවරු තමන්වෙත සවිකරගන්නට සැඟවී රහස් කතා කියූ අය ඉදිරියට අමුවෙන් ගොස් උස් ව නැගී සිට කීවේ නිහාල් නෙල්සන් ය.

හැත්තෑව දශකයේ මුල ගුණෙ අයියගෙ කාමරේ ගැන එතුමා රටට කළ හෙළිදරව්ව හා ධර්මසිරි බණ්ඩාරණායකයන් විසින් කළ 'හංස විලක්' චිත්‍රපටය සමාන්තර තවත් ප්‍රබල නිර්මාණාත්මක සහ අභියෝගාත්මක පණිවුඩයන් දෙකක් සේ මම දකිමි.

ජෝතිපාලයන් විසින් චිත්‍රපට ගීත ලොව ආක්‍රමණය කළේ කේමදාසයන්ගේ තෙරපුමෙන් බව දැක නිහඬව සිටි සමහර ප්‍රබුද්ධයෝ ජෝති මළ කල නිහඬ සැනසුම් හෙළුවේ ජෝති තව හිටියා නම් සුනිල් ශාන්තයන් 'දෙස ගී ගොස' වෙත ගත් මගට ජෝතිපාල ආවොත් තමන්ලාට වෙන ඉරණමේ ඉව දැනී වන්නට ද ඇත...

'රයිගමයයි ගම්පොලයයි යාළුවෝ' ගැන නිහාල් නෙල්සන් සූරීන් ගේ ගායනය නිකමට වූවා නොවේ යැයි දැන් සිතමි. 'පූසයි මීයයි දෙන්නා උන්නේ'..ගීතය ද කුඩා කළ අපි හාස්‍යයට ඇති ආශාවට වින්ඳාට එහි වෙන ගැඹුරු කතා ගොඩාක් ඇති බව ලංකාවේ සංගීත ලෝකය ඉදිරියේ කෙළින් හිටගෙන බලද්දී දැන් මට දැනේ.

නිහාල් නෙල්සන් වැනි පෞරුෂයන් ගජේ ගසන්නට තිබුණේ සුනිල් ශාන්තයන් වැන්නවුන් සමග යැයි මට සිතෙන්නේ සීටී සූරීන් වැන්නවුන් ට සිදුවූ දේ දැනෙද්දී ය.

මම නිහාල් නෙල්සන් සූරීන් පෞද්ගලිකව නොහඳුනමි.ඒත් ඒ නිර්මාණ අතරින් මම දකින්නේ අපේ රටේ සංගීත ලෝකයේ කුහකකම් වලට එරෙහිව නිහාල් නෙල්සන් යනු ගලිවරයෙකු කියා ය.
ලියන්නට ගියේ වචන කීපයකි. ඒ,,ඊයේ නිහාල් නෙල්සන් සූරීන්ගේ ජන්ම දිනය දා එතුමා නමින් පාරක් නම් කිරීම ඇසුවෙමි.දුටුවෙමි.
අති විශිෂ්ටය ඒ කර්තව්‍යය...සහ ඊට මුල් වුණු,දායකවුණු කාට කාටත් ස්තූතිය ම පුදමි. එය තවත්, තව තවත් වටින්නේ නිහාල් නෙල්සන් සූරීන් මිය යන්නට පෙර,ඒ දෑසට දකින්නට මේ පාර ඒ නමින් නම් කිරීම ය.

'මේ කුඩු අත් හැරියේ නැත්නම් අපෙ රට කුඩේ කුඩූ' කියා බාල ගැටවර වූ අපිට කුඩු රටට එන මුල් කාලෙයේදී ම ඔළුවට මිටියෙන් ගහන්නා සේ තදින් දැනෙන්නට ගැයූ ඔබ ඒ කළේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියල්ලෝ ම එක්වී කළත් ඊටත් වඩා උස කන්දක් වැනි මෙහෙවරකි.

මේ රට සනසන්නට, නීරෝගී කරන්නට ගැයූ ඔබට .....
දීර්ඝායු වේවා කලාකරුවාණෙනී!


-උදයා දේවාමුල්ල
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :