ads
News
Loading...

සිරසෙන් මඩොල්සිමට යකඩ වැටක්



සමාජ මාධ්‍යයට බොහෝ දේ කරන්න පුළුවන්.පහුගිය දවසක මඩොල්සිමෙන් වැටිල අපි අතරින් වෙන්වුන මාධ්‍යවෙිදියා වෙනුවෙනුත් අන්න එහෙම ක්‍රියාන්විතයක් ඇරඔිලා.ඒක කරල තියෙන මුල් වෙච්ච චරිතය උදය දේවාමුල්ල පෞරුෂත්ව වර්ධන උපදේශකතුමා.ඔහු ඒ ගැන තබපු සටහන නිසා ම සිරස මාධ්‍ය ජාලයෙහි සුසාර දිනාල් ක්‍රියා්තමක වී මඩොල්සිමට වැටක් හදන්න යනවා.මෙි ඒ ගැන කතාවයි.

උපුටාගැනීම පහළින්

#මෙන්න_සිරස
"ආයුබෝවන්...
කවුද මේ..."
"ආයුබෝවන් උදය..මම සුසාර දිනාල්..සිරසෙ..."
ඉතාම පැහැදිලි සහ වචන අතර උදෑසනට ගැලපෙන සේ පරතරය තබමින් මගේ කණට ආ ඒ භාෂාව ඍජු ය. ඉලක්කයටම සේ ය.
සිරස නාලිකාවේ වැඩසටහනක් වෙනුවෙන් මට මේ කතාකරනවා නොවන බව මට ක්ලික් වුණි. වගේ ම, එවැන්නකට කිසිදාක සිරසේ සුසාර දිනාල් මට කතාකරලා ම නැත. මගේ ඔළුවට ක්ෂණිකව ම ආවේ දිනුරව ය.
ඔව්! මේ ඇමතුම ඒ මඩොල්සිම දී රටට අහිමිවුණු සිරසේ දිනුර විජේසුන්දර වෙනුවෙන් ඊයේ මම එෆ්බී එක හරහා සිරස මාධ්‍ය ජාලයෙන් කළ ඉල්ලීම නිසා ම වියයුතුය. ඒත් එක්කම මගේ හිස පෙදෙසේ කේශනාලිකා ප්‍රබෝධමත්වන්නට පටන්ගත්තා යැයි මට ටක්කෙට ම දැනෙන්නට ගත් බව ස්ථීරය.
"ආහ්...අනේ ඔව්...දිනාල්....
කියන්න.."
" මම උදෙන් ම උදයගෙ නින්දවත් කැඩුවද දන්නෙ නෑ..."
"නෑ නෑ හරි දිනාල්,,කියන්න..."
"උදය,,මම මේ කතාකලේ ඔයා ඊයෙ එෆ්බී එකෙන් ශෙය' කරලා අපිට අපේ දිනුර වෙනුවෙන් යෝජනාකරලා තිබුණ වැඩේ අපි කරනවා ය කියලා කියන්න..."
මගේ සතුට ඇඳ උඩ සිට සීළිම තෙක් ගොස් පාවෙනවා සේ මේ පාන්දර දැනෙන්නට ගත්තේ ය. මට සිතුණේ එක ම එක දෙයකි.
සිරස ම තමයි!
" ෂා..මරුනෙ අනේ...පින් සිද්ධවෙනවා ඒකට..මාර වටිනවා අප්පා...බොහෝ ම ස්තූතියි..."
මම සිරසේ සුසාර දිනාල් ට ඒ වචන ටික දුන්නේ මුහුණට මුහුණ අපි දෙන්නා ලඟ සිට කතාකළා නම් මම ඒ ඉන්න තැනින් නැගිටලා මගේ අත්දෙක එකතුකරලා නමස්කාරව ඔහුට කතාකරන්නා සේම මිස ඊට සුළු හෝ වෙනසක් නොමැතිවය. සහතිකයි!
එය ගෞරවයට එහා ගිය අවබෝධයේ ප්‍රතිචාරයකි. මා එයට පසුබට නම් නැත.
මඩොල්සිම ප්‍රපාතය විසින් ගිලගත් සිරසේ දිනුර ගැන මම ඊයේ මුහුණුපොතේ ලීවේ මට දැනෙන ඇත්තම ය. පසුගිය දෙසැම්බරයේ අග දිනක අපි මඩොල්සිම නරඹන්නට ගියවිට එහි එක තැනක ප්‍රපාතයත් මීදුමත් සමග ඇති ඒ දැඩි අවදානම් ස්ථානය ගැන බොහෝ වේලාවක් කතාකල නිසා දිනුරගේ මේ වියෝව මට මගේ ඇතුළාන්තයට ම දැනෙන්නට විය. ඒ වෙනුවෙන් කළයුතු හොඳම දේ කරන්නට කියා සිරස මාධ්‍ය ජාලයෙන් ඉතාමත් කාරුණිකව මම එහි ලියා ඉල්ලාසිටියේ එනිසා ය.
සුසාර දිනාල් මහතා මට මේ උදෑසන අමතන්නේ ඒ නිසා ය.
" උදය,,ඔයාගෙ ඒ ආටිකල් එක මම කියෙව්වා.අපේ අයත් ගොඩාක් ඒක ශෙය' කරනවා මේ වෙද්දි. ඔයා කරපු ඒ ඉල්ලීම අපි අපේ දිනුර වෙනුවෙන් කරනවා. ඊයෙ ම මම කතාකළා මඩොල්සිම ට අදාල පලාත් පාලන ආයතනයට...සහ උදය ඔය වැඩේ අපි කරනවා වගේ ම ඒ වෙනුවෙන් ඒක හරියට ම කිරීමේ වගකීමත් අපිටමයි. මොකද සියදහස් ගණනක් නරඹන්නන් එන යන තැනක් එතන සහ...ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් මේ කරන්න යන වැඩේ අපි හරියට ම හොයලා,හිතලා, සැලසුම්කරලා කරන්න ඕන....ඒ නිසා මම මේ ගැන අපේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්මයා එක්ක කතාකළා. වැඩේට අදාල පිරිවැය සහ සියල්ල සිරසෙන් කරනවා වගේ ම අදාල ඒ වැඩේ යුධ හමුදාවේ මැදිහත්වීමෙන් මේක කරන්න හමුදාපති තුමා එකඟ වුණා....මොකද උදය මේ ප්‍රපාතය උඩ ඉඳගෙනයි ඔය යකඩ වැට ගහන්න වෙන්නෙ..ඒක බොහොම අවදානම් සහ යුදහමුදාව නැතුව ඒක කරන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි.... "
සුසාර අවශ්‍ය තැන කොමා තබමින්, නැවතීමේ ලකුණට අවැසි තැනට ගලපෙන නිවාඩුව දෙමින් මගේ දුරකතනය හරහා අදාල සංශිප්තය කියාගෙන යයි.
ඇත්තට ම පාන්දර වැවකට බැස්සොත් ඔබට එන හිරිගඩු මුහුවෙච්ච සොබාදහමේ රසයන් සියළු ඉන්ද්‍රියන්ට දැනෙද්දී එන හැඟීම ගැන හිතන්න... මට මේ ඇමතුම එවැන්නක් සේ ය දැන් දැනෙන්නේ. ඒ,,,මේ මහා කාර්යයට.. සිරස මාධ්‍ය ජාලයෙන් මේ කරන්නට යන සත්පුරුෂ මෙහෙයුමට,,, මමත් යම් තරමකට හෝ දායක වුණා නේදැයි හිතෙන නිසා ය.
"නියමයි සුසාර.අනේ ඔයාලට මාර ම පිං. මම ඊයෙ ඒ ආටිකල් එක දැම්මා විතරයි මහ පුදුම වේගෙන් ඒක ශෙය' වුණා. සෑහෙන්න කොමෙන්ට්ස් ආවා..මේ කරන වැඩේට මිනිස්සු සිරසට මාරෙට තෑන්ක්ස් කරාවි. ෂුව'. නොසෑහෙන්න සතුටුවෙයි එයාලා..සහ, සුසාර, ඔබතුමාලා මේ කරන්න යන දෙයින් රටේ බොහොමයක් උඩ මට්ටම්වල ඉන්න නායක කාරකාදීන්ට, ඔය ජනතාවට සේවය කරන්න තියෙනවා ය කියන ගොඩක් රාජ්‍ය ආයතනවලට පොඩ්ඩකට හරි එයාලගෙ ඇස් ඇරෙයි..අනේ, දිනුර ට ඒ පිනම ඇති ඔයාලා මේ එකතුවෙලා කරන වැඩෙන්...
ඇත්තමයි.ඒ දෙමව්පියන්ගෙ, දිනුරට ආදරේ කරන අයගෙ හිතේ දුක යන්තමකට හරි නිවෙන්න සිරස මේ කරන්න යන වැඩේ උස කන්දක් වගේ වේවි සුසාර... පින් ඔයාලට."
මම එහෙම කියාගෙන යද්දී මගේ හඬ පල්ලම් බහිනවා මට දැණුනු නිසා ම මම අපි දෙදෙනාගේ සංවාදය 'ඇති දැන්' බවට පත්කරන්නට ය එසේ "පින්" යැයි කියා නැවැත්වූයේ. හේතුව වන්නේ මගේ හිතට මෙවැනි බරට දේ දැනෙන සමහර තැන් වලදී මට මගේ කටහඬ මොහොතකට දෙකකට අහිමිවීයන බව මම අත්දැකීමෙන් ම දන්නා බැවිනි. ඒත් සිරසේ ඒ උස් කඳු මුදුනෙන් ආ හඬ නොනැවතිණි.
"උදය,,උදේ පාන්දර ම ඔයාගෙ නින්ද කැඩුවද කියලත් මට හිතෙනවා..කමක් නෑ...ඔයා බොහොම වුවමනාවෙන් එෆ්බී එකේ ඒ ඉල්ලපු ඉල්ලීම සිරසෙ අපි අපේ දිනුර වෙනුවෙන් කරනවා කියලා කියන්න ම ඕන නිසයි උදෙන් ම මේ කතාකළේ. බොහොම ස්තූතියි උදය...ඔයාටත් ගොඩක් පින්! "
මම ජනේලය ඇරගෙන බැල්කනිය මතට ආවෙමි. කෙහෙල් මණ්ඩිය ට එහායින් පූදින ගොයම මට පෙනුණි. මොහොතකින් දෙකකින් පමණ මට සිරස ලාංචනය,,ඒ රතු පාට ත්‍රිකෝණය මගේ හිතේ ඇඳුණි. ඊට උඩින් අර මේසයකට බරවෙලා දිනුර තේ කෝප්පයක් අතින් අරගෙන කටට ලංකරගන්න හදන පිංතූර මගේ හිතේ ඇඳුණි... මඩොල්සිම,,අර අති භයානක ප්‍රපාතය මීදුමෙන් වැසී යනවා ඊටත් උඩින් හිතේ ඇඳුණේය.
කළු පාටට වගේ මතක ටී ෂ'ට් එකක් එක්ක ඩෙනිමක් ඇඳගත්තු දිනුර මීදුම පිරුණු ප්‍රපාතයට ටිකක් විතර මෙහායින් සවිකර තියෙන යකඩ වැටට හේත්තුවෙලා අත්දෙක බැඳගෙන අපිත් එක්ක හිනාවෙන ෆොටෝ එකක් එක්ක මගෙ ඇස් අද මේ උදේ පාන්දර බොඳවී ගියේ ය.
සිරස ට ස්තූතියි. කතාකර කීවාට සුසාර දිනාල් මහත්මාටත් ස්තුතියි. මේ වෙනුවෙන් කතාකළ සිරසේ හැමෝටමත්, අර අපි සිරසෙන් කරපු ඒ ඉල්ලීම සයිබ' අවකාශයේ දහ අතේ ශෙය' කරපු ඒ වෙනුවෙන් අකුරු අමුණපු හැමෝටමත් හරිම ස්තූතියි.
පුංචි ඉල්ලීමක් කරනවා මුහුණු පොතේ හැමෝගෙන් ම මෙන්න මෙහෙම..
අපි බොහෝ දෙනෙක් හුරුවෙලා ඉන්නෙ කාගෙ හරි වරදක් පෙන්වන්න,ශෙය' කරන්න,ඒකට බණින්න...ඒත්, ඊට වෙනස් ව හිතන කෙනෙකුගේ හොඳ ගැන ලෝබ නැතුව කතාකරන,ශෙය' කරන, ඒ වෙනුවෙන් අකුරු අමුණන බොහොම පොසිටිව් මිනිස් හිත් අපි අතරේ අඩුමත් නෑ.මම අන්න ඒ අයගෙන් මේ ඉල්ලන්නෙ...
මේ ඉල්ලීම තව බොහෝ අයට,බොහෝ තැන්වලට දැනිලා විවිධ විවිධ විධි වලින්,,තව තව වැඩ රටේ ලෝකෙ යහපත වෙනුවෙන් හිතෙන්න දැනෙන්න ඒක හේතුවක් වෙනබව දන්න ම නිසයි මෙහෙම ඉල්ලනෙ...
ඉල්ලීම තමයි; සිරස තමන්ගෙ ඒ අහිමිවුණු දිනුර වෙනුවෙන් මේ කරන්න හදන වැඩේ ගැන ස්තූතිකරලා ඔබ අතින් එක පෝස්ට් එකක් පුලුවන් නම් ශෙය' කරන්න.
එය වෙනුර වෙනුවෙන් තවමත් කඳුළු ගළන හිත් වලට සැනසුමක් වේවි!
එය, වෙනුරගෙ වගේ වටිනා ජීවිත තව එකක් හරි අපිට රැකගන්න පුලුවන් වෙන විදිහේ පෙරසූදානමක් වේවි!!
සහ, සිරස කරන්න යන මේ වැඩේ ඇතුළෙ තියෙන positive action එක.....
අර පොසිටිව් තින්කිං ගැන කියකියා වචන නාස්තිකරන කාටත් අපූරු මඟපෙන්වීමක් වේවි!!!
දිනුර, ඔයා දන්නවද ඔයා ඔය ගියේ තව ජීවිත කීයක්නං රැකගන්න වැඩක් හදලද කියලා...
සිරස එතන ඔයා වෙනුවෙන් ඒ වැඩේ කරනවා දිනුර!

-උදයා දේවාමුල්ල

 කොහොමවුනත් මෙි ආරංචිය ගොසිප්ලන්තය ඔබ වෙත ගෙන එනව එක්කම අපි දෙයක් කියනව ඒ තමයි පරෙස්සම් වන්න.තමන්ගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන්ම සිතන්න. 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :