තදිති කිවිදියක් විදියට අපට හමුවෙන්නෙ මෑත භාගයෙ නමුත් මුල්ම අත්දැකීම මතක්කරමු
මුල් අත්දැකීම මතක් කරන්න වෙන්නෙ සංවේදී කාරණාවකින්..මොකද දරුවෙකුගෙ ලෝකෙට වැඩෙන්න අවශ්‍යම ආදරය තියෙන්නෙ අම්මා ලඟ.,ඒ අම්මා කුඩා කලදිම මට අවුරුදු 10 දි මිය යනවා.ඉතින් ඒ දුක පාලුව ආදරය අහිමිවීම නිසාම පුංචි පුංචි කවි කෑලි නිසඳැස් මම ලියනවා.එතනින් තමයි මම ලියන්න සහ කියවන්න පටන් ගන්නෙ.දෙවනි කාරණය තාත්තා..මගේ තාත්තා හරියට කවි කියපු සහ ලියපු කෙනෙක්.. ඉතින් ඒ කාරණා දෙක තමයි මුල් වෙන්නෙ කවි ලියන්න
මෙික හරිම සංවෙිදි කතාවක් ඉතින් ඒ කවීත්වය පොතක් කරා ගෙන එන්න අභ්‍යාස කලාද
ඔව්.දිගටම ලිව්වා ,ඒ කාලෙ ඉඳලම මට පුරුද්දක් තිබුනා ඩයරි ලියනන..ඒ පොත් පිරෙන්න මම කවි වගේ ඒවා කවිම නෙමෙයි..නිසඳැස් ලියනවා.පත්තර සහ පොත් කියෙව්වා.පත්තරකාරියෙක් ලේකිකාවක් වෙන්නත් පුංචි පිස්සු හීනයක් තිබුනා.ඒ නිසා පාසල් අධ්‍යාපනයෙන් පස්සෙත් මම කවිය පුවත්පත්කලාව සම්බන්ධ විවිධ දේ සොයා යමින් ඉගන ගන්න උත්සාහ කලා.එතනදි මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලය සහ ඒ පාඨක සමාජයෙන් මට ලැබුනෙ කිව නොහැකි අත්වැලක්.ඒ හරහා පත්තර වලට නිතර කවි ,නිසඳැස් ලිව්වා.ඒවා පලවුනාම හරිම සතුටුයි
තදිතිගෙ නිර්මාණ වලට පාදකවෙච්ච ජීවන අත්දැකීමුත් තියෙනවද
ජීවන අත්දැකීම් නැත්තෙ නැහැ.මිනිස්සු විදියට අපට ජීවත් වෙද්දි ගෙවන්නට ලැබෙන ජීවිතය සහ ඒ ඔස්සේ ලැබෙන අත්දැකීම් කොටස් අපට ජීවිත කාලෙම මතක හිටින තැන් තියෙනවා.කවි ලියද්දි ඒ කාරණා ඉස්මතු වෙන එක වලක්වන්න බැහැ.ආදරය කියන්නෙ මිනිස් අවශ්‍යතාවයක්, ඒක අහිමි වීම සහ ආදරය නොදැනීමත් කවියට පාර කිව්වා වෙන්න පුලුවන් .
කවියත් එක්ක ඉත්දි අපිට තේරෙනව තාරුණ්‍ය තුල තවමත් අපි සිටින බව.ඉතින් කවිය හරහා හිත සුවපත් කල අවස්ථාත් ඇති
අනිවාර්යෙන්ම.මම හිතනවා මම තාමත් ඉන්නෙ තාරුණ්‍යයේ කියලා.මම මගේ කවිය උපරිමය විඳින කෙනෙක්.ඒ කවිය ඇතුලෙ අඩුපාඩු ඇති.ඒත් මම ඒ කවිය ඇතුලෙ ජීවත්වෙන එක මට අමන්දානන්දයක්.මම ආසයි ඒකට.මට සතුටින් ඉන්න ලැබෙන සුන්දරම අවස්තාව තියෙන්නෙ කවිය ඇතුලෙ.
පලවෙනි පොත කරලා අවුරුදු දෙකකට පස්සෙ තව කවි පොත් දෙකක් කලා.ලියෝ සහ පෙම්බරා කියලා.ඉතින් කෙටිකවි පොතක් සහ ගීත දෙකක් කරන බලාපොරොත්තුව තියෙනවා
ඉදිරිගමනට සහය දෙන අයට ස්තුතියි පල කරන්න අවස්ථාව
0 Comments :
Post a Comment