ads
News
Loading...

අයුක්තියට එරෙහි හඬ නිහඬ කරයිද?

 
 පැමිණිලි කරල තියෙන්නෙ හාමුදුරුනමකුයි ,විශ්‍රාමික  ගුවන් හමුදා නිලධාරියෙකුයි...

  මම සරත් එන් සිල්වා ගැනත් පැමිණිල්ලක් කරනවා-රන්ජන්
 
   අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ  ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝගය කලා.
           අද පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන  අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින්  බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කරල තියෙනවා.ඒත් ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ  ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියා.
එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ..සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.
එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා දන්වා සිටියා.
   දිගින් දිගටම දූෂණයට එරෙහිව හඬ නංවපු රන්ජන්ට විරුද්ධ ව පැමිණිලි කරලතියෙන්නෙත් 
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන අයයි.ඒ කොහොම වුනත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා නඩුව අවසානයේ පැවති මාධ්‍ය හමුවෙිදී එක් මාධ්‍යවේදියෙකු ඇසුවෙි ගලබඩ අත්තේ හිමි නමගැනයි.එව්ට ඔහු පැවසූයේ තමන් අන්‍ය ආගමක් ගැන විශේෂ අදහසක් පල නොකරන බවයි.තමන් හට ස්වාමීන්වහන්සේ නමක්ම පැමිණිලි කලා වුවදඔහු තවත් ස්වාමීන් වහන්සේ නමක් ගැන කතා නොකිරීම සැබෑ මිනිිසෙකු ලෙස පෙන්වූ බව බොහෝ දෙනා අදහස් දක්වනවා.ඒ අතර තමන් සතුව සරත් එන් සිල්වා හට විරුද්ධ තිබෙන පැමිණිලි සිදුකරන බවත් ඔහු පැවසුවා.
      ⁣තමන් අධිකරණය හට අපහාස  නොකිරීමට හේතු විමසීම සදහා නැවත 2018 ජූලි මස 30වනදා රන්ජන් රාමනායක අධිකරණය ඉදිරියෙහි පෙනී සිටිනු ඇත.සුපර්ස්ටාර් නාමය ලැබූ එකම ලාංකික රංගන ශිල්පියා වන රන්ජන් දෙස සියළු දෙනා බලා සිටිනවා ඇතුවාට සැකයක් නැහැ.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :