ads
News
Loading...

අසරණයන් වෙනුවෙන් කාංචන එක්ක එකතුවෙන්න

   සංවෙිදීත්වයෙන් අනූන ලංකාවෙි කලාව තුල අතිශය දක්ෂ රංගන ශිල්පියෙක් වෙච්ච කංචන  කොඩිතුවක්කු අසරණයන්ගෙ පිහිට වෙනුවෙන් ප්‍රජා වැඩසටහනකට සම්බන්ධ වුනා.ඒ ගැන කංචන  ගොසිප්ලන්තය වෙබ් අඩවිය හරහා ජනතාවටකියන්න කියල අපිට කීවා.
      හැමදාම ජනතාව වෙනුවෙන් සිදුකරන යහපත් දේ වෙනුවෙන් පෙනී සිටින අපි වෙබ් මාධ්‍ය සහකරු ලෙස එකතුවුනා.
       පිහිටක් අවැසි අය වෙනුවෙන් ඔබගේ ළමා,වැඩිහිටි,පිරිමි කාන්තා ඇදුම් ,සපත්තු,මෙිස,කොට්ට උර,ශීත කාලයට අදින අැදුම් ආදී සියළු ආධාර 0717160043 ජංගම දුරකථන අමතා ඔවුන් වෙත ලබාදෙන්න ඔබට පුළුවන්.

 කාංචන අපිත් එක්ක කිව්ව දේ

  "අවුරුදු 23ක කලා ජීවිතය තුල මම ගොඩාක් තැන් වල ඇවිද්දා. අපේ ආදරණීය ජනතාව ගේ ආදරය වින්ඳා. අපේ කලා කුසලතා රස විඳලා ඔවුන් ගේ සැබෑ ජීවිත වල දුක් කම්කටොලු තත්ත්පරයක ට හරි අමතක කරන්න ඔවුන් දකින උත්සාහය මම දැක්කා. සම්මාන අතට ගනිද්දි මට දැනුනේ ඒ ජනතාව ගේ ආදරයේ ආශිර්වාද යේ බර. ඉතින් ඒ ජනතාව වෙනුවෙන් පෙරලා කරන්න පුළුවන් පොඩි දෙයක් හරි ලොකු ආදරේකින් කරන්න මම තීරණය කලා. ඒ වර්ෂ ගණනාවකට කලින්. මගේ දෙමාපියන් ගේ යහගුණ තුළින් මෙන්ම මාගේ අධ්‍යාත්මික නායකයන් ගේ මග පෙන්වීමෙන් ජීවිතය අර්ථපූර්ණ වන්නේ කෙසේ දැයි කියා මා දැන කියා ගත්තා. ඒ අනුව  මගේ පවුලේ උදවිය හිතවතුන් රසිකයන් සමගින් බොහෝ දේ කරන්නට මට හැකි වුණා. මගේ විවාහයේදීත් බිරිඳ ගේ සහයෝගය සමග වියදම් කපා හැර හා ලැබුණු ත්‍යාගමුදල් එකතු කර රණවිරුවන් සියයකට කෘතිම පාද හා උපකරණ ලබා දෙන්න අපි කටයුතු කලා. ලංකාවේ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ වඩාත් සක්‍රිය ම ආපදා සහන හා පූර්ව දැනුවත්කිරීමේ හා පශ්චාත් සහන සේවා සපයන සාමාජික එකමුතුව වන සෙනෙහසේ හමුදාව 2016 මැයි මස ගංවතුර සමයේ ගොඩ නගන්නට අපිට හැකි වුණා. ඒ හරහා උපකාර අවැසි උපකාර ලබාදීමේ හැකියාවැති උපකාර කළමනාකරණ ඒකක එකිනෙකට සම්බන්ධ කරමින් රාජ්‍ය යන්ත්‍රණය බල ගැන්වෙන තෙක් අපේ විපතට පත් ජනතාව ජීවත් කරවන්න සෞඛ්‍යය පහසුකම් ලබාදෙන්න අපිට හැකි වුණා. අද සමාජ මාධ්‍ය සමාජය පරිහානිය ට ගෙනයන බවට පවතින මතය සමාජ  ය තුළ වෙනස් කරමින් සමාජ සුබසාධනයට සුබසිද්ධිය ට එය යොදා ගත හැකි ආකාරය අපි ප්‍රායෝගිකව සනාථ කලා. 2017 2018 වර්ෂ වලත් අපි රටේ පොදු ජනතාවට උවදුරක් වන සෑම අවස්තාවකම සෙනෙහසේ හමුදාව හරහා ඔවුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්න කටයුතු කලා. ඉදිරියටත් එය එසේමයි. 
මේම ඇඳුම් පැළඳුම් එකතු කිරීමේ කාර්‍යයත් මේ වසරේ අපි විසින් කරන තවත් අලුත් වැඩක්. ඔබට ඇඳිය හැකි ඒත් විවිධ හේතු මත ඔබ බවිතයෙන් ඉවත් කල වැඩිහිටි හා ළමා පිරිමි හා කාන්තා ඇඳුම් සපත්තු සෙල්ලම් බඩු ඇඳ ඇතිරිලි, කොට්ට උර බ්ලැන්කට්ස් ආදී දී අපි එකතු කරන්නේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ජීවත් වන පිරිස් සඳහා එළැඹෙන ශීත කාලයේ පාවිච්චි කිරීමට හා උතුරු හා නැගෙන්හිර ප්‍රදේශවල දුගී හිතවත් ජනතාව හා බෙද ගැනීමටයි. ඔබේ නිවසෙත් ඇත්නම් කරුණාකර අපට ඒවා පිරිසිදුව වෙන් වෙන් වශයෙන් අසුරා ලේබල් කර අපට ඇමතුම්ක් ලබා දෙන්න මේ පෝස්ට් එකේ සඳහන් අංකයට අපි ඇවිත් එකතු කරගන්නම්. ඔබේ නෙතට පරණ ලෙසින් පෙනෙන ඒ ඇඳුම් නැවුම් ලෙස පිළිගන්නට අපේම රටේ තවත් කොටසක් බලා සිටියි...අගොස්තු මාසය පුරාවට එකටු කරනු ලබන මේ දේවල් නිසො පරිදි සැලසුම් කොට අදාල ප්‍රදේශවල ග්‍රාමසේවා නිලධාරීන් පූජ්‍ය ප්‍රධානීන් හා සෙසු නිසි නිලධාරීන්  ගේ තොරතුරු මත බෙදා හරින්මට සැප්තැම්බර් ඔක්තෝබර් මාස වල කටයුතු යොදා ඇත.
හැකි සෑම විටම උපකාර කළහැකි කෙනෙකුට අපට හැකි පමණින් ලබා දීමටත් බෙදා ගනීමේ යහගුණය වඩවමින් එමෙන්ම නාස්තිය අවම කර ගනිමින් තමා සතු දේ බෙදා ගානීමෙන් ලබන අහිංසක සතුටේ රසය බෙදා ගන්නයි අපේ වුවමනාව. ගොසිප්ලන්තයේ සහෝදර සහෝදරියන් කුණු රසය බෙදා සමාජය ගඳ ගස්වන්න දත කන සයිබර් මාධ්‍ය බාවිතයට එහා ගොස් සමාජය දැනුවත් කල හැකි සුවදවත් කල හැකි සමාජ සද්කාර්‍ය්ය සඳහා තම දායකත්වය ලබාදීම සැබැවින්ම ප්‍රසංශාත්මකව අගය කල යුතුමය. ඉදිරියටත් මේ සහයෝගය අපේක්ෂා කරමි."
ස්තූතියි .
කංචන කොඩිතුවක්කු

  (ගොසිප්ලන්තය -සැමදා ජනතාව වෙනුවෙන්මයි)


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :