ads
News
Loading...

මියගිය ගායිකාවගෙ නීතිඥවරිය දැන් කියන කතාව

 
   ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් ගණන අදවන විට වැඩිවෙමින් පවතී.දෙමාපියන් හා දරුවන්, සහොදර සහෝදරියන්, අඹු සැමියන්, සීයා/ආච්චී, අත්ත/අත්තම්මා ආදීන්, මාමලා, නැන්දලා, වෛවාහික ඥාතීන් හෝ වෙනත් පවුල් නෑසබඳතා ඇති පුද්ගලයන්ට හෝ සහවාසයේ යෙදෙන සහකරු ආදීන් අතර ප‍්‍රචණ්ඩත්වයන් හා හිංසනයන් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ලෙස පිළිගැනේ.⁣බොහෝ විට මෙම ප්‍රචණ්ඩත්වයට පත්වන පාර්ශවය කාන්තාව වන අතර පිරිමි න් වැඩිදෙනෙක් මෙම වරද සිදු කරයි.
    පහුගිය දවසක එසේ අවාසනාවන්ත ඉරණමකට ලක්වූ ගායිකා ප්‍රියානි ජයසිංහ පිළිබද නීතිවෙිදිනි සංජිවනි අබෙිකෝන් මෙනවිය තම නිල මුහුණු පොතෙහි  මෙසේ සටහනක් තබා ඇත.


උපුටාගැනීම 

"මීට අවුරැදු එකහමාරකට විතර කලින් පිුයානි ජයසිංහ ගායන ශිල්පිනිය සුසිලා කෝට්ටේගේ කලා ශිල්පිනියත් සමග මාව හොයාගෙන පානදුර නීති අාධාර කොමිෂන් සහාවට ආවා..ඇයගේ විවාහා ජිවිතය තුළ ඇය ස්වාමිපුරැෂයාගෙන් ගුටි කාපු වාර අනන්ත බව දැනගන්න ලැබුනේ එතකොට...මම ඇයගෙන් ඇහුවා ඇයි ඔයා මේ තරම් කාලයක් මෙහෙම ගුටි කා ගෙන ජිවිතය ගත කළේ කියලා..ඇයත් ස්වාමිපුරැසයාගේ හිංසනයට ලක් වෙලා අප වෙත එන අනෙක් ගැහැනු අය බොහෝ වෙලාවට කියන උත්තර ටිකමයි දුන්නේ ..මගේ ළමයි නිසා ඉවසුවා..පවුල කඩා ගත්ත ගැහැණියක් වෙන එක අවනම්බුවක් හදා ගන්න උත්සහා කරා..ආදි වශයෙන්..කොහොම වුනත් ඇයට හිංසනයෙන් ගැලවීමට අපේ නීතිය තුල පවතින එකම ආරක්ෂාව ගැන පැහැදිලි කරලා දීලා ගෘහස්ථ පුවණ්ඩත්වය වැළැක්වීමෙි පනත යටතේ පානදුර නීති අධාර කොමිසම මගින් නඩුවක් ඇයගේ සැමියට ව්රැද්ධව පවරා..පවතින නීතිය තුළ Protection Order එකක් එක් වරකට ගත හැකි උපරිම කාලය වන අවුරැද්දකට ලබා ගත්තා.ඒත් දික්කසාද වෙන්න නම් ඇයට කැමැත්තක් තිබුණේ නෑ.පස්සේ වෙලාවක ඇය අැවිත්  මට ඇයගේ CD පටයකුත් දීලා මට කිවුවා මිස් ලාට පිං සිද්ධ වෙන්න මම ගුටි නොකා ඉන්නවා දැන් .ගායක සංගමයෙන් organise කරලා.මිස්ගේ දේශනයක්  කර ගන්නත් ඕන අපේ අයව දැනුවත්් කරන්න කියලා..අපට පුලුවන් වුනේ අවුරැද්දක් ඇයව හිංසනයෙන් ගලවා ගන්න විතරයි..සෙනෙහෙ පිදිමෙි වරදට ඇය මෙන්ම තවත් විශාල ගැහැනු ගණනක් තම  ජිවිතය විදවමින් සිටින බැවින්..ගැහැනුන්ට එරෙහිව සිදු කරන හිංසනයන් සධාරණිකරණය කිරිම වහා නවතා දැමිය යුතු වෙනවා.වෙන විදියකට කියනවානම්  මිනිහෙක ගැහැනිනයට පහර දෙන්න use කරන ඔිිනැම හේතුවක් නිදහසට කරැණක් නොවිය යුතුයි."
උපුටාගැනීම අවසන්.








2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රිය වැළැක්වීමේ පනත ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රිය වැළැක්වීමට සඳහා වු සිවිල් විසදුමකට ඉඩ සලසන්නකි.

පීඩා විදි පක්ෂයට (ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නිසා අසහනයට පත් වු පක්ෂයට: ඒ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනුයේ හෝ සිදු කිරීමට ඉඩ ඇත්තේ යම්කෙනෙකු විසින්ද ඒ තැනැත්තා විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම වැලැක්වීම උදෙසා ආරක්ෂාකිරීමේ අතුරු ආඥාවක් සහ/හෝ ආරක්ෂක ආඥාවක් නිකුත් කිරීමට මේ පනතින් ඉඩ සලසයි.


ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා අසහනයට පත්වන අය පීඩාවට පත්වන තැනැත්තා ලෙස හඳින්වේ මීට හේතුව එම අය මෙම සිද්ධීන් නිසා හුදෙක් "ආපාදිතයකු" ලෙස සැලකීම වැළැක්වීමයි.


ගෘහස්ථ පරිසරය තුළ සිදුවන ඇතැම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ (1995 අංක 22 දරණ සංශෝධිත පනතේ) ද හිංසාව, බරපතළ හිංසාව, බරපතළ ලිංගික අපයෝජනය, සහ මනුෂ්‍ය ශරීරයට සිදුකෙරෙන අපරාධ වැනි පොදු සාපරාධී ක්‍රියා ගණයට අයත් විය හැක.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :