ads
News
Loading...

රෙනූෂාගෙන් වෙන්වෙච්ච මධූ තවමත් දුකින්ද?

   ආදරය,විරහව කියන්නෙ මිනිස්සු  ගොඩක් සංවෙිදී කරන දෙයක්.කලාකරුවන් කියන්නෙ ඊටත් වඩා සංවෙිදී වෙන පිරිසක්.තමන්ගෙ ආදරය විවාහයට පස්සෙ එය නීතියෙන් අවසන් වෙච්ච මොහොතෙ මධුමාධව අරවින්ද අතිශය සංවෙිදී සටහනක් මුහුණු පොතට එක් කරල තිබුනා.

උපුටාගැනීම

දෙපා නැමද සමු ගමු අපි අම්මේ
උසාවියෙදි අම්මට     සමුදුන්නේ

ඇය වෙනුවෙන් මම සුදු කොඩි දැම්මා.ඒ බව දන්නේ නෑ ඇගෙ අම්මා......
ජීවිතය අපිට බොහෝ දේ දෙනවා වගේම ගන්නව අම්මෙ....
මාව බදාගෙන ඇය මට සමුදුන්නා.
ඇගේ අය්යාත් මට සමුදුන්න....
මගේම අම්ම නොවුනත් නැන්දම්මෙක් උනේ නෑ ඇය මට මියගිය ඇගේ ස්වාමියා වගේම.ඔහු ආදරනීය තාත්ත කෙනෙක්.

ඉතින් රෙනූශාගෙයි මගෙයි කතාව අද නිම උනා... බදිනකොට රටටම කියන මගුල වගේම වෙන්වීමත් කියන්න ඕනෙ....දික්කසාදය හන්ගන්න තරම් බොරුවක් නෙවෙයි මම.

පිහිමන්න වලින් මරාගෙන අපහාස නොකර වෙන්වීමේ කලාව අපි ලියමු අම්මෙ...

ඇයට සාරියක් දීලා දෙපා අල්ලා වැන්දා....
ඇය මාව බදාගෙන හිස සිප මගෙ රත්තරන් පුතා කියා කියද්දී මගේ පපුව පිච්චුනා ආදරෙන්.

ඔව් කවුරුත් නොකරන දේ සමහර විට කරන්නෙ පනිවිඩයක් දෙන්න....

යන හුලගට සාප කරන්වට..අතහරින හීනෙට පරිබව නොකර සිප අත හැරීම 
අපිට ඉතුරු කරනවා... ඇත්තක්......

අපිට හෙවන දුන්න ගස් වලට අපි ආදරෙයි..

ඉතින් ආදරනීය රෙනූශා ඔබට හොදක් වෙන්න කියා පතනවා හදවතින්......
දුන්න ආදරය වගේම කවපු බත් කටක් ගානේ
මතකයි.....
ජීවිතේ ඉවර නෑ....
කිසිවක් ම සිදුවී හමාර නෑ....
සියලුදේ සිදුවෙමින් පවතිනවා......

ඔබේ යායේ මල් පිපේවා.....

අරවින්ද යායෙත් මලක් පිපෙනවා....
දූවිලි මැදින් මාව අත්දෙකටම ගත්ත ඇය බලාගෙන ඇති...මම ඔබට සමුදුන්න හැටි....

මට කිසි මතකයක් ගෙනියන්න ඕනෙ නෑ...හැබැයි කිසිදෙයක් අමතක වෙන්නෙත් නෑ....

අපි ගැන තියෙන අවසන් සටහන.....මෙ.

ආදරනීය හිතවතුනේ අද උසාවියකදී
මගෙත් රෙනූශාගෙත් කතාව නීතියෙන්
අවසන් උනා....අපි ඊට කලින් අපිව අවසන් කල නිසා...

සමුගැනීම් කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි...

මෙසේ සමුදෙනු දැක නැතිනම්......
මතක තියා ගන්න මම ඇත්තක්.

             මදු මාදව අරවින්ද
                    2018/07/23
(උපුටාගැනීම අවසන්)

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :