ads
News
Loading...

කුවෙිට් රටෙි අපේ සල්ගාදු බෙිරගන්න


කුවේට් රටේ ෆාහිල් (Fahil) නගරයේ වසර 08ක් සේවයේ නියුත මැක්ෂි රොනල්ඩ් සල්ගාදු (අවු 52) යන අය දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වී ජිවිතයත් මරණයත් අතර සටනක දිවිගෙවන බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් ඔහුගේ බිරිය වන ගීතිකා සල්ගාදු මහත්මිය ඉල්ලා සිටී.
කුවේට් හි සිදුවූ අනතුරක් හේතුවෙන් එරට අධිකරණය මඟින් ඩිනාර් 4000ක දඩ මුදලක් ඔහුට ගෙවීමට නියම කර ඇති අතර එම දඩ මුදල ඔහු සේවය කරනඅතරතුර කොටස් වශයෙන් තම වැටුපෙන් ගෙවා දමාගෙන ගොස් තිබේ. එහෙත් ඔහුට වැළඳී ඇති දරුණු වකුගඩු රෝගය නිසා සේවය කිරීමට නොහැකි බැවින් මේ වනවිට ඩිනාර් 2700ක මුදලක් ගෙවීමට ඉතිරිව තිබේ. මෙම ඉතිරි දඩ මුදල ගෙවන තුරු ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මැක්ෂි රොනල්ඩ් මහතා සේවය කළ ආයතනය තම බාරයට ගෙන ඇත.
මාස ගණනාවක් සේවය කිරීමට නොහැකි හේතුවෙන් එම හිඟ මුදල ගෙවීමට නොහැකිව ඔහු අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටී. ඔහුගේ හිතවතුන් කීප දෙනෙක් මේ වනවිට දෛනික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරනබව මැක්ෂි රොනල්ඩ් මහතා පවසයි. මැක්ෂි මහතාගේ රෝගී තත්ත්වයද ඉතා උත්සන්න බැවින් එරට වෛද්‍යවරුන් හැකි ඉක්මනින් තම රටට පිටත්ව යන ලෙස ඔහුට උපදෙස් දී තිබේ.
වසර 08ක් සේවය කළ සිය ආයතනයෙන් කිසිම හව්හරණක් නොලැබුන බවද සැමියා නැවත ගෙන ඒමට දඩ මුදල පියවීමට අවශ්‍ය මුදල්ද සොයා ගැනීමට ‍ෙනාහැකි තත්ත්වයක පසුවන බවත් හැකි ඉක්මනින් තම සැමියා ලංකාවට රැගෙන ඒමට පහසුකම් සලසා දෙනමෙන් ඔහුගේබිරිය වගකිවයුතු නිලධාරීන්ගෙන් ආයාචනා කර සිටී.
මැක්ෂි රොනල්ඩ් මහතා කඳාන - පොල්පිතිමූකලාන ප්‍රදේශ පදිංචි අයෙකි. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන ඔහු 2010 වර්ෂයේ කුවේට් රටට ගොස් ඇති අතර එම රටේ මැන්ගාෆ්ට් නගරයේ ආයතනයක බස් රථයක රියැදුරු සේවයේ යෙදී ඇත.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :