සිනමාවේ හැමෝම දන්න අනූජ් රණසිංහ ,දුශේනි මෙි දෙන්න අද රාත්‍රියේ හිරු මෙගා ස්ටාස් 2 අවසාන තරගයේ තරගවදින්න කලින් ගොසිප්ලන්තය එක්ක එකතුවුනා.
අනුජ් දැන් සෑහෙන මහන්සි වෙනව නේද?
ඔව්,හිරු මෙගා ස්ටාස් අන්තිම වටයට එන්න ලැබුනා.මමයි ,දුශේනියි අපි දෙන්නම ගොඩක් මෙිදවස්වල එ්කට මහන්සි වෙනවා.නර්තනයෙන් වගේම ගායනය මෙි හැම පැත්තෙන්ම.ඒ නර්තන යගේම final එන්න ලැබීමත් විශේෂ දෙයක් .අනික් කාරණය ක්ෂේත්රයේ තුල මෙි හැමදේකටම පන්නරයක් ගන්න හිරු මෙගා ස්ටාර්ස් වෙිදිකාව ලොකු පිටුවහලක් වුනා.
![]() |
මෙගාස්ටාස් වෙිදිකාවෙි |
කවුරුත් නොදන්නව වුනාට අනුජ් කියන්නෙ ගොඩක් කැපවෙලා වැඩෙිට බහින කෙනෙක්?
වැඩකට බැස්සහම කැපවෙන ප්‍රමාණය ගැන මං හිතනව.මොකද මට හැමදේම පිලිවෙලකට තියෙන්න ඔිනැ.ඉතින් මං මෙි වැඩෙිදි විතරක් නෙවයි.ඒක හැම තැනදිම පාවිච්චි කරන දෙයක්.ඒක වාසිදායක අවස්ථාවකුත් වුනා අවාසිදායක අවස්ථාවකුත් වෙනවා.මට හැම වටයකදිම අවශ්‍ය වුනේ කරන දේවල් නියම විදියටම දැනෙන්න ලබාදෙන්න.ඒ ගැන නිතර හිතුවා
ඩාන්සින් ගැන මුලින්ම හිතුනෙ කොයි කාලෙද?
මම මිස්ටර් ශ්‍රී ලංකා දිනපු කාලෙදිම ඩාන්සින් ගැන ආසාවක් ආවා.මම පොඩි කාලෙ ඉදන් ඩාන්සින් කරපු කෙනෙක් නෙවෙි.මුලින්ම චන්දන සර් ලග ලැටින් ඩාන්සින් කලා.මම මෙි වෙලේ මගෙ ඩාන්සින් ගුරුවරු ටික මතක් කරන්න ඔිනා.පානදුරේ නදීශ,විශේෂයෙන්ම මතක්කරනව ගයාන් ශ්‍රීමාල්,චන්දන වික්‍රමසිංහ ,චන්න විජේවර්ධන යන අය යටතේ නර්තනයකරන්න විවිධ අවස්ථාවත් යටතේ ලැබුනා.ශාන් පෙරේරා,ලලිත් පැරකුම්,මෙගා ස්ටාස් 1 එකේ සදුන් වත් මතක් කල යුතුමයි.
![]() |
නර්තනය හැඩකරන කට්ටිය |
මුලින් රියලටි වලට එන්න බයක් තිබුනෙ නැද්ද
හිරු මෙගා ස්ටාර්ස් අලුත් දෙයක් නෙවෙි.සීසන් වන් එකේදි ලබපු අත්දැකීමක් නිසාම රියැලටි නිසා චකිතයක් තිබුනෙ නෑ.දුශේනිට නම් තිබුනා මම එයාට ඒක තේරුම් කරල දුන්නා.ජය පැරදුම ගැන තේරුමක් ඇතිව ආපු ගමනක් මෙික.
දුශේනිගෙන් ලැබෙන සහය ගැනත් කියමු
මට අවශ්‍ය දේ ලැබෙනවා වගේම අපි දෙන්නටම අවශ්‍ය වුනේ අපේ ටැලන්ට් එලියට ගන්න.එයා ඩාන්සින් වලදි ගොඩක් හොද තැනක හිටියත් අපි බැලන්ස් එකේ කන්සෙප්ට් හැදුවා.එයා නොහිටින්න මෙි වැඩෙි මෙච්චර දුර ට සාර්ථක වෙන්නෙ නෑ.
මෙගා ස්ටාස් අතර අනූජ් ට වෙච්ච අමතක නොවන සිදුවීමකුත් ඇති?
අන්තිම ඇක්ට් එකට ගින්දර පාවිච්චි කරන්න වුනා.ගිනි පිඔින්න ගිහින් මූණ කට පිච්චුනා.දුශේනිත් බය වුනා.ෆයිනල් වලදී ඒක වෙනස්ම විදියට කරනවා.
ආදරණීය රසිකයන්ටත් කියන්න දෙයක් ඇති?
අද දවසේ හිරු මෙගා ස්ටාස් 2 අවසන් තරගය හවස 7ට නරඔන්න.අපේ ඩාන්සින් ඇක්ට් එක ලස්සනයි නම් ගායනය ලස්සනයි නම් අපිට Sms කරන්න මෙි විදියට
Hms(space)2 කියලා type කරලා 7766 ට යැව්වොත් අපිට vote කරන්න ඔගොලොන්ට පුලුවන්. එක phone එකකින් ඔනි තරමක් sms එවන්නත් පුලුවන්
අවසාන වශයෙන් ස්තුතිය?
විශේෂයෙන් මගෙ අම්මා තාත්තා.දුශේනිගේ අම්මා ,තාත්තා, කොස්ටියුම් කරපු හිරාන් විජේසිංහ,ලලිත් පැරකුම් ඇතුළු කණ්ඩායම මතක් කරනව.
0 Comments :
Post a Comment