ads
News
Loading...

උපුල් ගුරුගේ ගේන අපේ ලෝකයට දරුවත් එක්ක එන්න


   අපේ රටේ දරුවන්ට  මෙවැනි දෙයක් මීට පෙර සිදුකර නැහැ....

 දැන්ම කතාකරන්න...
         
         ළමුන් වෙනුවෙන්  ගොඩක් වැඩ කරන කුසලතා වර්ධන වැඩසටහන් අධ්‍යක්ෂක උපුල් ගුරුගේ මහතා ඔන්න අලුත් වැඩක් පටන් අරගෙන.ඒ ගැන උපුල් ,ගොසිප්ලන්තයට කිව්වෙ මෙන්න මෙහෙමයි.

  උපුල් ගුරුගේ ළමුන් වෙනුවෙන් අලුත් වැඩක් පටන්ගත්තා කියල ආරංචියි ?

ඔව්.අලුත් පංතියට යන්න කලින් මෙහෙට එන්න..කියන නව්‍ය  සංකල්පය  එක්ක අපේ ළමා පෙළට නිර්මාණාත්මක  වගේම ගුණාත්මක  ,රසවින්දනාත්මක හෝරා කීපයක්  ගතකරන්නට ළමුන්ට අවකාශය සලසා දීමත් ,ඒ තුළින්  ළමයා තුළ  තමා පිළිබඳ  පුළුල්  විශ්වාස යක් ඇතිකිරීමට  අවස්ථාව  සැලසෙනවා.එක විදියෙන් ලබාගත් දැනුම නිර්මාණ ශීලිත්වය  සමග සමබර කරලා දරුවාට    විබ්දනය රසවින්දන ය කැටිවූ  පෞරුෂයක්  ,අභිමානයක් සමග අලුත් පංතියට යන්න අවස්ථාව ක් උදාකිරීම මේ වැඩසටහනේ අරමුණ වෙනව

කාලෙත් එක්ක ළමයි අලුත් කරන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි නේද?
කොයි කවර කාලයේ  සිටියත් ළමයි කියන්නේ  අපූරු කොඨිටාශයක්.ඔවුන් සැබෑ ලෙසින් හදුනාගැනීමයි වැදගත් වෙන්නෙ.එහෙම වුණා ම ළමුන් සමග වැඩ කිරීන අපහසු වෙන්නෙ නෑ.

ඔබ නිපුනතා සංවර්ධනය වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක් විදියට වසර දහයක් ගෙවනව කියන්නෙ ලේසි නෑ නේද?

මම හිතන්නේ දරුවන්ගේ නිපුණතා සංවර්ධන  යුගයේ අවශ්‍යතාවයක්.මුල් ළමාවිය සංවර්ධන යේ සිට උසස් අධ්‍යාපනය  දක්වාම නිපුණතා  සංවර්ධනය  අත්‍යවශ්‍ය  දෙයක්.විශ්ව විද්‍යලයෙන් පිට වූ දා පටන් මම මේ පිළිබඳ  අධ්‍යයන  සිදු කළා මගේ පශ්චාත්  උපාධිය ටත් මම පර්යේෂණ  සදහා තෝරාගත්තේ  නිපුණතා  සංවර්ධනය ළමයා වෙතට  සංප්‍රේෂනය කරන්නේ කෙසේද  යන්න පිළිබඳවයි...
ගෙවුණු  10 වසර තුළ ලංකාවෙ බොහෝ තැන්වල මේ පිළිබඳ  වැඩමුළු  ,ඉගෙනුම්  කව,සාහිත්‍ය  කෘති ,පර්‍යේෂණ රැසක් සිදුකලා.
ඒ තුලින්  ලැබූ පන්නරය සහ අත්දැකීම්  ඔස්සේ   මෙවැනි වැඩ සටහනක් වෙට්ග ප්‍රවේශ වෙන්නෙ.

ඔය අතර දරුවන් තුලින් අදුනගත්ත දේවලුත් තියෙන්න ඇති

ඔව් .මම දරුවන් තුළින්  බොහෝ දේ හදුනා ගත්තා.මම විශ්වාස  කරන ප්‍රධානම දෙය තමයි හැම ළමයෙක්  ම දක්ෂය  කියන කාරණාව.
විශේෂ යෙන් එක එක ළමයා තුළ තිබෙන්නේ එකිනෙකට වෙනස් දක්ෂතාවයන්..ඒත් බොහෝ වෙලාවට දෙමාපියන් ඔවුන්  සතු කුසලතා හදුනා ගන්නෙ නෑ....ඔවුන් සතු විභව ශක්තිය  හදුනාගෙන එය චාලක ශක්තිය ක් බවට පත් කිරීමට  අවශ්‍ය  පරිසරය  සැකසීමයි අප කළ යුත්තේ.

 අපේ ලෝකයත් ඒ වගේ වැඩසටහනක්ද?
  අපේ ලෝකය කියන්නේ ඒ සදහා වූ ප්‍රවේශය  හැටියට හදුන්වන්න මම කැමතියි.
27 වැනිදා බොරැල්ල  පුන්චි තියටර්  වෙත ඔබේ දරුවා රැගෙන ආවා ම ඔබට ත් මෙය ප්‍රායෝගිකව  අත්විදින්නට  පුලුවන්.

මෙි වගේ වැඩසටහනක් ක්‍රියාත්මක වන මුල්ම අවස්ථාව මෙික නේද?
  ඔව්. අපේ රටේ දරුවන්ට රස වින්දනය ,මූලික කරගත් යම් යම් ක්‍රියාකාරකම් සිදුකළත් මෙවැනි දෙයක් මීට පෙර සිදුකර නැහැ. 

මෙි සදහා දරුවන්ට සම්බන්ධ විය හැකි ආකාරය ගැනත් කියමු.
  දරුවන්ට මේ සදහා සහභාගී වීමට මේ මාසයේ   27වැනිදා පුංචි තියටර් වෙත  උදේ 8.00 ට පැමිණෙන  ලෙස අපි ආදරයෙන්  ආරාධනා  කරනවා.ඉඩ කඩ සීමිත බැවින් 0718553264 අංකයට කතාකර ඔබේ දරුවාගේ පැමිණීම තහවුරු  කර ගන්නා  ලෙස දන්වා සිටිනවා.

දරුවන් වෙනුවෙන් ඔබට කියන්න තියෙන දේ?
ළමයි කියන්නෙ  හෙට දවසේඋරුමය ඔවුන්ගේ ලෝකය නිර්මාණාත්මක ව තැනීමේ අපේ ප්‍රයත්නය දීප ව්‍යාප්තව සිදුකර ඔවුන්ගේ ලෝකය නිර්මාණ ශීලීව ගොඩ නගන්නට මම ඇප කැප වෙනවා.හොද  ම දේ ඔබේ දරුවාට ලබා දෙන්නට කියා මම සියලු  දෙමාපියන්ට ආදරයෙන් සිහිපත්කරනවා

 උපුල් ගුරුගේ - 0718553264


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :