ආදරවන්තයින්ගෙ දිනය දවසෙ රශි පබා රංගන ශිල්පිනියගෙ අාදරේ කරපු බලුපැටියා නැතිවෙල.ඉතින් ගොසිප්ලන්තය කියවපු කෙනෙක් දැක්කොත් රශීට කෝල් එක්ක දෙන්න මෙි බල්ලා හිටිය තැනකින් හොයාගන්න උදව් කරන්න.
මේ ආදරවන්තයන්ගේ දිනයේදි මගේ නැති උන ආදරේ හොයලා දෙන්න 🙏🏻
මේ ඉන්නේ මගේ ආදරණීය බලුපැටියා "Britney “
![]() |
මෙි ඉන්නෙ බ්‍රිට්නි |
මෙයා අද පාන්දර 12.15ත් 12.30ත් අතර කාලයේ අතුරුදහන් වෙලා තියෙනවා..
අත්වැරදීමකින් ගේට්ටුව ඇරිලා අපේ බලු පැටියා පාරට ගිහින් තිබුනා
විනාඩි 10ක් වගේ කාලයක් ගත වෙන්න ඇති
අපි එයාව පුලුවන් හැම තැනකම නින්දක් නැතුවම හෙව්වා..
ඒත් අපිට හොයාගන්න බැරි උනා
අපි විශ්වාස කරනවා එයාව කවුරුහරි අරන් ගිහින් කියලා
එයා නැති උනේ මොරටුව -එගොඩ උයන පරණ ගාලු පාරෙදි අද පාන්දර 12 .15ත් 12.30ත් අතර කාලයේදි
හොයලා දෙන කෙනෙක්ට ,ගෙනල්ලා දෙන කෙනෙක්ට මුදල් ත්‍යාගයක් මං ලබා දෙන්න සූදානම්....
අනේ...දන්න කෙනෙක් මට එයාව හොයලා දෙන්න .ඒක ලොකු පිනක්.
එයාව හැදුවේ අපේ පවුලෙ දරුවෙක් වගේ..
කවදාවත් කූඩුවක දාලා නෑ..ගෙදර නිදැල්ලෙමයි හැදුනේ..
එයා නැතුව මමත් අපෙ ගෙදර අයත් හුගාක් දුකින් ඉන්නේ
අනේ...මට එයාව හොයාගන්න උදව් කරන්න .ලොකු පිනක්...
ලොකු වේදනාවකින් ඉන්නේ මං 😣
එයා Pomeranian වර්ගයේ බලු පැටියෙක්
වයස අවුරුද්දයි මාස 4
එයා ලා දුඹුරු,රත්තරන් පැහැයට හුරුයි.
දන්න කෙනෙක් ඉන්නවනම් ,ගෙනියපු කෙනෙක් ඉන්නවනම් මේ අංකයට කතා කරන්න.
071-4049689
/077-2631055
0 Comments :
Post a Comment