ads
News
Loading...

වෙස් මංගල්‍යයට කලින් නැටුම් ගුරුවරයට වෙච්ච දේ


දිනුක රත්නායක නැටුම් උගන්වන කෙනෙක්.ඉතින් දිනුක් තමන්ගෙ කතාව මෙි විදිහට මතක් කරල තිබුනා.ඒ තමන්ගෙ මුහුණුපොතේ.

උපුටාගැනීම

අද....(2019/06/29) අදට හරියටම අවුරුද්දක්.ඒ කියන්නෙ (2018/06/29) තමයි ඔබ මේ දකින  ඡායාරූප දෙක ම ගත්තේ.
          මේ ඡායාරූපය නැවත මුහුණු පොත ට එක් කරන්නට වීම පිළිබඳව මට මෙන්ම ඔබට ද ඇත්තේ අප්‍රසාදයක් බව මා විශ්වාස කරමි.ඒ වෙනුවෙන් ඔබගෙන් සමාව අයදිමි. 
      මගෙ FB profile එකේ ඉන්න ගොඩක් දෙනා අතට මොකක්ද උනේ අයියෙ....අත ඇයි sir....කියල  ගොඩක් වෙලාවට අහන්නෙ මේ ගැන  දන්න නිසා නොවන බැවින් ඔවුන් ඇතුළු සියල්ලන්ගේම  දැන  ගැනීම පිණිස මෙසේ ලිපියක් එල කරමි.
      අදට හරියටම  අවුරුද්දකට කලින් ඒ කියන්නෙ අද වගේ දවසක එදා සිකුරාද දවසක් වෙස් මංගල්‍යයට හරියටම  තිබුනෙ සති දෙකයි.උදේම ගිහිල්ල වෙස් photo ටික ගත්තෙ වෙස්  මංගල්‍යයයෙ උවමනාවකට. මට කවදාවත්ම හිතුනෙ නෑ මං ඒ  ඇඳුම අඳින්නෙ ජීවිතේ අන්තිම  වතාවට  කියල.
       වෙස්  මංගල්‍යයට දින ලඟ හින්ද අපි රෑ වෙනකම්ම  Practice කරනව...එදා රෑත් ළමයි සේරම  ගෙවල්වලට පිටත් කරල මමයි මගෙ ගෝලයෙකුයි තමයි ගෙදර යන්න පිටත් උනේ. මහන්සි වෙලා ඉන්න හින්ද  ඉක්මනට  ගෙදර යන්නෙ අතුරු පාරකින්. හැමදාම  ඒ  පාරෙන් යනව කියල  දැනගෙන තමයි කලින් ඉඳන්ම සැලසුම් කරල හැංගිලා ඉඳල පාරට පැනල  කැති වලින් අපිව  කැපුවෙ. රෑ 11ත් 12ත් අතර එතන ඉඳල දිවුලපිටිය පොලිසියට 100m ක් ඇති.පොලීසිය අත ලඟ වෙලත් අදටත් පොලීසිය නිහඬයි. cctv ගෙයක් ගෙයක් ගානෙ තිබ්ලත් පොලිසියෙන් අද ඇහුවත් කියන්නෙ සාක්ෂි නෑ කියල. එතකොට  මේ රටේ හැම වරදක්ම හොයන්නෙ සාක්ෂි තිබිලද මේ අසාධාරණය උනේ ඇමතියෙක්ගෙ පුතෙක්ට නම් මේ වෙද්දි හොයල දඩුවනුත් දීල. එකම  රටක පුරවැසියො දෙන්නෙකුට  නීතිය  දෙවිදියක්. පුලුවන් නම් ඔයාල මේ ලිපිය  කියවනව නම් මේක හැකි තරම් shere කරන්න.මට කරන උදව්වක් විදියට  මොකද  media එකකින් හරි මට උදව් කලොත්. මේ දේම තව කෙනෙකුට වෙන්න  පුළුවන්.මං දන්නව කවුද  මේක කලේ කියල ඒත් ඔප්පු කර ගන්න  විදියක් නෑ.
      වැරදි කරුවෙක් උනත් එල්ලල මරන්න  කලින් කියනව මේ වරද නිසයි. උඹ එල්ලන්නෙ කියල.ඒක නිසා අඩුම තරමින් මටත් දැන ගන්න  ඕනි.ඇයි මෙහෙම  කලේ කියලවත්.
     හැංගිලා ගහන්නෙ බයගුල්ලො නියම  පිරිමි නම් නිරායුද  කෙනෙක්ට  ඔහොම කරන්නෙ නෑ.මං දන්නව උඹල මේ post එක දකිනව කියල.මං උඹලගෙන් අහන්නෙ මාව කපල උඹලට  මොනවද ලැබුනෙ. පොඩි ගානකට  උඹල මේක  කලා නම් දැන් ගොඩක් පසු තැවෙනව ඇති.උඹල නැති කරන්න  හැදුවෙ කුඩු කාරයෙක් වත් ස්ත්‍රී  දූෂකයෙක්වත් නෙවයි.උඹලගෙම දරුවන්ට අවුරුදු පහක් තිස්සෙ උගන්වපු ගුරුවරයෙක්ව. උඹලගෙම wedding එක කරල දුන්න අෂ්ඨකකාචාර්ය වරයෙක්ව. අවුරුදු 15 ක් තිස්සෙ කඨින චීවර, කරඬු වහන්සේල වඩම්මපු වෙස් නර්තන  ශිල්පීයෙක්ව. රට පුරා පිරිත් පින්කම් වල තේවාව කරපු වාදන ශිල්පීයෙක්ව.  ඇත්තටම ඔයාල කීයක් හරි අරගෙන  මාව කපන්න  එන්න  කලින් මේ දේවල් දැනගෙන  හිටියෙ නෑ නේද. ඇත්තටම දැන් උනත් ඔයාලට ඒ  වටිනාකම දැනෙන්නෙ නැතුව ඇති.ඒක දැනෙන්නෙ තවත් කලා හදකටම පමණයි.
      අනේ මට ආයෙ නටන්න බෑනෙ බෙර ගහන්න  බෑනෙ හේවිසි ගහන්න බෑනෙ කියල හිතල  මං කවදාවත්ම දුක් වෙන්නෙ නෑ. මගෙ ජීවිතය බේරුන එක මං ආයෙ පංති කරන එක අෂ්ඨක කියන එක ගැන  හිතල  මං ගොඩක් සතුටු වෙනව. ඔබට දඩුවම් පමුණුවන්නට ලංකාවෙ නීතියට  බැරි උනාට  ස්වභාධහමක් කියල දෙයකුත් තිබෙන බව  මතක තබා ගන්න.
     මගෙ අම්ම  කකුලක් පෝලියෝ තියෙද්දි මගෙ තාත්ත  පොල් ගස් බඩ ගාල අපිව හදල වඩල උස් මහත් කලේ ඉගැන්නුවෙ අපිව හොඳ තැනකට ගේන්න  මතක තියාගන්න මහත්තයො ඒ අහිංසක දෙමාපියන්ගෙ ශාපය ම ඇති උඹලට. මගෙන් ඉගෙන ගන්න  ඉගෙන ගත්තු දරුවො ඒ දරුවන්ගෙ දෙමාපියො උඹලට ශාප කරනවා.
     මගෙ උපාධිය  දවසක මම  ඉවර කරනව school  එකක පත්වීමක් අරගෙන  උගන්වනවා මතක තියාගනිං ඒ උගන්වන්නෙත් නැටුම්.ආයෙ නටන්න  බැරි වෙන්න  උඹල මගෙ අත් දෙක කැපුවට මන් දැනටත් නැටුම් උගන්වනව.මගෙ වම් අත  උස්සන්න බැරි උනත් මගෙ දකුණු අතේ ඇගිලි 4ක් නැති උනත් මම අද එදා වගේම එක ඇඟිල්ලෙන් අකුරු ලියනව.බයිසිකලය එලවනව.කනව බොනව.නානව.රෙදි ටික  හෝද ගන්නව.තව මොනවද හැමදේම  කර ගන්නව  තනියම  කවදාවත්ම  කාටවත් බරක් උනේ නෑ වෙන්නෙත් නෑ.
      කවදාවත්ම  තව කෙනෙක්ගෙ දියුණුව නවත්වන්න හදන්න එපා.ඊර්ෂියා කරන්න  එපා.උඹලට තිබුනෙත් මට තිබුණ  වෙලාවමයි.ඒ අත් කකුල්මයි නේද.තව කෙනෙක්ගෙ දියුණුව දිහා බලල සතුටු වෙන්න  පුරුදු වෙයල්ල. උඹල කා ගැනවත් මගෙ හිතේ තරහක් නෑ.මම උඹලට අනුකම්පා කරනව.මම අද ගොඩක් සතුටින් ඉන්නෙ.මුගලන් මහ රහතන් වහන්සේ ගැන  හිතද්දි මම කවුද  මම ඔයාලට මෙත් වඩනව.සියල්ල ස්වභාධහම බලා ගනීවි. මාව මරණෙන් නැගිට්ටවපු මගෙ අම්ම තාත්ත  සහෝදර සහෝදරියන්ට වගේම අද මං ලඟ නැතත් ඒ  වෙලාවෙ මට යෝධ ශක්තියක් උන පෙම්වතියට, මං වෙනුවෙන් කැපවුන දෙමාපියන්ට දරුවන්ට වගේම මට පන්ති කරන්න අවස්ථාව දුන්න නිමේෂ් චතුරංග ගුරුතුමාට අෂ්ඨක කියන්න හදල දුන්න ශාලික මදුමාල් සහෝදරයට හදවතින්ම මම ස්තුති කරමි.  බුදු සරණයි. හැමෝටම 

       ----   දිනුක් රත්නායක-
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :