ads
News
Loading...

ගොඩක් අය වැඩියෙන්ම ආදරේ මගෙ කොණ්ඩෙට


     "මම රංගන ශිල්පිනියක් කියල ඔහු දැනගෙන හිටියෙ නෑ."

        " විවාහය හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි.පොඩියට හරි විවාහ ගිවිසගැනීමෙි උත්සවය මම ගත්තේ මාස හයක් විතර සැලසුම් කරලා.කොහොමත් මම මෙි වසරේ විවාහ වෙන දැඩි තීරණයක හිටියා.ඉදිරි මාස හතර ඇතුලත මගේ විවාහ උත්සවය ගන්න මෙි දවස්වල සූදානම් වෙනවා.ජනකයි මමයි ලොකු  උත්සව නැතත් චාම් සරල උත්සවයක් කලා ශිල්පීන් සියලු දෙනාම එකතුකරගෙන ගන්න බලාපොරොත්තු වෙනවා "

මෙි දවස්වල පොඩ්ඩි නාට්‍යය හරහාත් ආලිංදයට එන තාරුකා වන්නිආරච්චි විවාහය ගැන හිතන විදිහ පුවත්පතකට එහෙමයි තමන්ගෙ කතාව පටන්ගත්තෙ.

කොහොමද තාරුකා ට ජනකගෙ මුණ ගැසීම සිද්ධවෙන්නෙ?
   ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  කටයුතු කරන කෙනෙක්.මීට වසර දෙකකට ඉහතදී ඔහු මට මුලින්ම මුණ ගැසුණේ විදෙස් සංචාරයක් අතරදී.මම රංගන ශිල්පිනියක් කියල ඔහු දැනගෙන හිටියෙ නෑ.
පස්සෙ ඉතින් කතාබහ කළා.ඔහු නිහතමානී පොලොවෙ පය ගහල ඉන්න සරල කෙනෙක්.ඒ සරල කමට තමයි මම එයාගෙ ගොඩක් කැමති වුනේ.අපේ අදහස් ගොඩක් ගැලපෙනව කියල මට හිතුනා හිත ගිය තැන මාළිගාව කියනවනේ.පතාගෙන ආපු විදියට සිද්ධවුනා කියල හිතනවා.

තාරුකා ට ආදරේ ගැන  මොකද හිතෙන්නෙ
  ආදරය රැදෙන්නෙ විශ්වාසය මත.සර්ව සම්පූර්ණ මිනිස්සු මෙි ලෝකෙ නෑ.ඒත් ආදරය රැකගන්න නම් අපි පරෙස්සම් කරගන්න ඔිනා විශ්වාසය කියනදේ.නොගැලපීම් ගලපගෙන ජීවත්වීම තමයි මම ආදරේ විදියට දකින්නේ.

විවාහය ගැන තාරුකා කොයි විදියටද දකින්නෙ?
  අපි ජීවිතේගන්න හැම තීරණයක්ම විවාහ ජීවිතයට බලපානවා.විවාහ වුනා කියල එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කියල කිසිම කෙනෙකුට කියන්න බෑ.ඒකට කැපවීම් තියෙන්න ඔිනා.විවාහ ජීවිතේදී දෙන්නට දෙන්නා ගරු කිරීම හරිම වැදගත්.අැත්තම කියනවා නම් විවාහය කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.

විවාහයත් එක්කම තාරුකාගේ රංගන කටයුතු සීමා වෙිවිද?
 අනේ නැහැ.එයා කැමතියි.මම දිගටම රඟපානවට.තවම විවාහයේ වගකීම මගෙ ඔළුවට වැටිල නෑ.තවම කැන්දාගෙන ගියෙ නැහැනෙ.ඒත් මම  හොද ගෘහණියක් කියල හිතනවා.හොද බිරිදක් වීම තමයි අරමුණ.මම රෑට කෑම වර්ග හදනවා.අපේ ගෙදර ආවම මම ජනකට රසට උයලා කන්න දෙනවා.අලුත් කෑම වර්ග හදන්න මම ආසයි.ඒත් අම්මා තරම්ම රසට උයන්න මට බෑ

සැමියාගෙන් රංගනයට තහංචියක් වැටුනොත්?
  පුංචි දුකක් තියේවි.මොකද මට හැමදේම ලැබුනෙ මෙි ක්ෂේත්‍රයෙන් නිසා.සාධාරණ හේතුවක් මත තහංචි වැටුනොත් සැමියාගෙ කැමැත්තට මුල් තැන දෙනවා.මොකද හැමදේටම වඩා වටින්නෙ පවුල.අනික ජනක ටීවි බලපු කෙනෙක් නෙවෙයි.ඒත් එයා මම නිසාම කාලාවට ටිකක් ආසාවක් ඇති වෙලා.

2010 න් පටන් ගත්තු ගමන ගැනඅද තාරුකා ට සතුටු වෙන්න පුළුවන් ද?

  ඇත්තටම.2010 වසරේ ⁣චවි කල්‍යානි තරගයෙන් ජයග්‍රහණය කිරීමත් එක්කම තමයි මට සියලු දේවල් හිමිවුනෙ.මම අද රංගන ශිල්පිනියක්.නර්තන ශිල්පිනියක්.නිරුපන ශිල්පිනියක් ලෙසත් කලා ක්ෂේත්‍රයේ නියැලෙනවා.මම ආපු ගමන ගැන අද මට අප්‍රමාණව සතුටු වෙන්න පුළුවන්.

කොහොමද මෙි දවස්වල කලා කටයුතු?
  සියත ටීවී ඔස්සෙ විකාශනය වන " පොඩ්ඩි " ටෙිි නාට්‍යයේ තමයි මෙි දවස්වල වැඩ කටයුතු කරගනෙ යන්නෙ හිරු ටීවී නාලිකාවෙ අහස් මාලිගා නාට්‍යයේ චරිතයක ඉදිරියේ දී මාව දකින්න ලැබෙිවි.අලුත් චිත්‍රපටියක් රුගත කිරීම් මෙි මාසෙ අවසානේ ඇරඔීමට නියමිතයි.කරපු චිත්‍රපටි දෙකකුත් ඉදිරියෙදි තිරගත වෙන්න නියමිතයි.පොඩ්ඩි නාට්‍යයේ මගේ චරිතයට ඉහළ ප්‍රතිචාර මෙි දවස්වල තියෙනවා.

ක්ෂේත්‍රයේ සුරුපිනියන් අතර ඉන්න සුරුපිනියක් තමයි ඔබත්.රුපෙට පෙම් බදින අය ගොඩක් ඇති.කොහොමද ලැබෙන ප්‍රතිචාර?

අම්මෝ ඔව්.ගොඩක් අය වැඩියෙන්ම ආදරේ මගෙ කොණ්ඩෙට .හැමෝම ලස්සනයි කියන්නේ නැහැ.මාව කැතට දකින අයත් ඇති.

✒️ නදීශා අතුකෝරළ





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :