ads
News
Loading...

රෝගී ටිකිරි ඇතින්න පෙරහැරේ යැව්වෙ ඇයි?


  මෙවර දළදා පෙරහැරේ ගිය ටිකිරි ඇතින්න ගැන ගොඩක් අය කතාබහ කලා.ඉතින් ඒ වෙන එකක් නිසා නොවෙයි ඇය හොද සෞඛ්‍යය තත්වයෙහි නොසිටීම.ඒ නිසාම බලධාරීන් ඒ ගැන නොසිතා පෙරහැරට සාභාගි කරගැනීම ගැන ගොසිප්ලන්තයෙත් අවධානය යොමුවුනා.

මේ ටිකිරි, 70 හැවිරිදි රෝගී ඇතින්නක්.  ඇය මේ පාරත් පෙරෙහැරට සේවය කළ යුතු අලි 60 දෙනාගෙන් කෙනෙක්. ටිකිරි හැමදාම පෙරහැරේ හවස ඉඳලා මධ්‍යම රාත්‍රිය වෙනකන්ම ගමන් කරනවා.  ඇය හැම රාත්‍රියකම ගින්දර, දුම්, ශබ්දය මැද්දේ කිලෝමීටර් ගණනාවක් ඇවිදිනවා පෙරහැරෙන් මිනිසුන්ට ආශීර්වාද කරන්න හිතාගෙන.  ඇයගේ ඇඳුම නිසා ඇගේ අස්ථි ශරීරය හෝ ඇගේ දුර්වල තත්වය කිසිවෙකුට පේන්නෙ නෑ.  ඇගේ වෙස්මුහුණ අලංකාර කරන දීප්තිමත් විදුලි බුබුලු වලින් තුවාල වුන ඇගේ ඇස්වල කඳුළු කාටවත් පේන්නෙ නෑ.. ඇය ඇවිදින විට ඇගේ කකුල් විලංගු දාන තියෙන නිසා ඇයට පියවර තැබීමට අපහසු බව කාටවත් පේන්නෙ නෑ.

ඔනෑම ඇදහීමක් විෂ්වාසයක් ඒ විශ්වාසය වෙනත් කෙනෙකුට බාධාවක් හෝ හානියක් නොකරන තාක් කල් සියල්ලන්ට විශ්වාස කිරීමට අයිතියක් තියෙනවා. ඒත් තව ජීවිතයක් දුක් විඳීමට සලස්වනව නම් මෙය ආශීර්වාදයක් හෝ ශුද්ධ දෙයක් ලෙස හඳුන්වන්න පුලුවන්ද?

ආදරය කිරීම, හානියක් නොකිරීම, කරුණාව හා දයානුකම්පාව යන මාවතක් අනුගමනය කිරීම, මෙය බුදුන්ගේ මාර්ගයයි.  එය අනුගමනය කිරීමට කාලයයි.


   ටිකිරිගෙ ඇඟ මස් වලින් ඇට බෙිරී වියපත් බව පෙන්වන අකාරය

වියපත් ටිකිරි මත නැගුනු තේසජ

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :