ads
News
Loading...

ගැමි හදට කතාකරන ගීත ගයන අමිල


අමිල හේරත් ගායනා කරන අලුත්ම ගීතය " එරන්දතී" අලුත් අවුරුද්දේ නිකුත් වුනා.වෙනස්ම හඩක් එක්ක සුන්දර ගැමි ජීවිතයට ලග අත්දැකීමක් ගීතයට මුසු කල අමිල වෘත්තීයවෙිදියෙක්.අමිලගෙ හැකියාව ගැන ගොසිප්ලන්තය අපි මෙි විදියට කතා කලා.

* සුභ අලුත් අවුරුද්දක් අමිල?
     සුභ අලුත් අවුරුද්දක් ඔබටත්.ලෝකවාසී සැමටත්.

* අවුරුද්දත් එක්කම අලුත් සිංදුවක් නිකුත් වුනා?

    ඔව් එරන්දතී ගීතය නිකුත් කලා.මෙි ගීතය අපි කරන්න අරන් සෑහෙන කාලයක්.ගීතය ලියලා සංගීතවත් කලේ ලක්ෂ්මන් හිල්මි කියන සොදුරු සංගීත අධ්‍යක්ෂකවරයා.නමුත් ගීතය මං අතින් නැතිවෙල තිබුනෙ.පස්සෙ කාලෙ මෙි සිංදුවට තිබුන ආසාව හින්දම ආපහු ලක්ෂ්මන් හිල්මි අයියව හම්බෙල සිංදුව ආය හැදුවා.

* ඒ කියන්නෙ හොද කතාවන් ඒ ඇතුලෙ තියෙන සිංදුවක් නේද?
     එරන්දතී සිංදුවෙි තේරුම එක්ක ගත්තහම ඒක ගැමි පරිසරයට ගොඩක් බද්ධයි.ඒ නිසාම ඒ පදවැල් වගේම සංගීතය ගොඩක් අයට දැනෙන බව ප්‍රතිචාර වලින් පෙනෙනවා.

* අමිල මෙි වෙත්දි ගීත කීයක් විතර කරල තියෙනවද?

   දැනට ගීත හතක් විතර කියල තියෙනවා.එයිනුත් වැඩිහරියක් කලේ ප්‍රියන්ත නාවලගේ.ගීත දෙකක් ලගදිම එනවා.

* වැඩිපුර ගීත කරන්න ප්‍රියන්ත නාවලගේ ව තෝරගත්තෙ ඇයි?
   මට දැනුන මගෙ හඩ එක්ක ඒ ගී තනු ගොඩක් ගැලපෙනව වගේම අපිට වැඩ කරන්න පහසුයි කියන එක.ඉතින් ප්‍රියන්තව මම තෝරගන්නව නිතරම ඒ නිසයි.

* ගැමි ජීවිතය,පතල් කර්මාන්තය වගේ දේවල් වලට බද්ධ වෙච්ච ගීත දැන් හරි අඩුයි නේද?
  ඒ හින්දම මම මෙි පැත්ත තෝර ගත්ත.මම ගමෙි ඉපදුනු කෙනෙක් ඒ නිසා ගම මට දුර නෑ.

* 2020 අවුරුද්දේ මොනවද අලුත් බලාපොරොත්තු ?
      මගෙ තව ගීත හැදෙනවා.එකක් සිරසෙ නිහාල් වික්‍රමඑදිරිසිංහ ලියපු එකක්.අනික සම්පත් ප්‍රනාන්දුපුල්ලේ විසින් ලියන ලද්දක්.

*එරන්දතීට ලැබුනු ප්‍රතිචාර කොයිවගේද?
      පතල් රස්සාවට යන තරුණයෙක් තමන්ගෙ ගමෙි පෙම්වතී වෙනුවෙන් සිතන සිතුවිලි කවියක් වගේ ලස්සනට හිල්මි අයියා ලියල තිබුනා.ගීතය ගායනා කලාට පස්සෙත් හොද ප්‍රතිචාර ලැබුනා.

* එරන්දතී ගීතය වෙනුවෙන් උදව් කර අයත් ගැන කියමු.
   කිහිපදෙනෙක්ම ඉන්නව.ලක්ෂ්මන් හිල්මි සිංදුව ආපහු හදන්න ගොඩක් මහන්සි වුනා.ඔහු ට සහය වෙච්ච ලක්ෂ්මන්ගෙ ස්ටුඩියෝ එකේ ශබ්ද පරිපාලක රංගන සංගීත්ව මතක් කල යුතුමයි.ඒ වගේම සංගීතය තුල හයිය දීපු ප්‍රියන්ත නාවලගේ වත් මතක් කරන්නම ඔිනා.

   එරන්දතී පහලින් නරඔා කමෙන්ට් කරන්න.




තරින්දි හොට් වුනු හැටි  👈මෙතැනින් කියවන්න


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :