ads
News
Loading...

වෙල්ගම නායකයා වෙච්ච නව නිදහස් පක්ෂය


   හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් හඳුන්වාදීම අද සිදු කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිපදෙනෙකු අද පැවැත්වෙන සමාරම්භක උත්සවයට සහභාගවීමට නියමිතයි.

පසුගිය කාලයේ ගත් ඇතැම් තීරණ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඇතිවූ බෙදීමේ ප්‍රථිඵලයක් ලෙස නව ලංකා නිදහස් පක්ෂය නමින් අද දිනයේදී නව දේශපාලන පක්ෂයක් බිහිවනවා.



එහි සම්බන්ධීකාරක නීතීඥ රජික කොඩිතුවක්කු මහතා කියා සිටියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති අනුමත නොකරන එහෙත් බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට ගරු කරන පාක්ෂිකයන් වෙනුවෙන් නව පක්ෂය බිහිවන බවයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :