ads
News
Loading...

ජීවිතයට අර්ථ දෙන සිංදු ලියන පොඩි හාමුදුරුවෝ



පන්හිද ගෙන ගීයක විසිතුරු බව මවන ස්වාමීන් වහන්සේ කෙනෙක් අද අපේ සාකච්චාවට එකතුවෙනව⁣.ඒ රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේයි.උන්වහන්සේ මෙි වෙත්දි ජනප්‍රිය ගායක ගායිකාවන් හට තම ගීතමය රචනා වලින් නිර්මාණකරණයෙහි යෙදෙනවා.  

අපි අලුත් කටයුත්ත ගැන කතාකරමු නේද

මුලින්ම මන් ගීතයක් කිරීමට තෝරාගත්තේ නෙලූ අධිකාරී අක්කාට නමුත් මුල්ම ගීතය ගායනා කරේ කමනි ලසන්තිකා ඒ ගීතය සංගීතවත් කරේ නෙලූ අධිකාරී අක්කාගේ ස්වාමි පුරුෂයා වන කපිල පූගලආරච්චි අයියා ඒ ගීතය තමයි" ලංවීලා ඉමු කීවත් ලොවට හොරෙන්" සාමාන්‍ය මට්ටමින් ජනප්‍රිය වුනා ඒ ගීතය.

ඔබ වහන්සේ ගීත රචනය එක්ක නම කියවෙන්න පටන් අරන් කොච්චර කල්ද?

මන් මුලින්ම ගීතයක් නිර්මාණය කරේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් පළමු තරගයේ හය වැනියා වූ කමනි ලසන්තිකාට ඒ 2014 වර්ෂයේ දැන් අවුරුදු අටක් වෙනවා හැබැයි ඊට ඉස්සෙල්ලා මන් ගීත ලීවා නමුත් ගායකයෙක් හෝ ගායිකාවක් මගේ පද රචනාවක් ගායනා කරලා තිබුනේ නෑ.



අද වෙත්දි ගීතවල අර්ථය ගැන ගොඩක් රසිකයන් හිතන්න පටන් අරන් නේද?
ඔවු එහෙම ස්වභාවයක් දකින්න ලැබෙනවා.ඒක සුබ නිමිත්තක් හැටියටයි මන් දකින්නේ

මොකද කාලයෙන් කාලයට වෙනස් වෙනවා රසිකයන් ඒ ඒ වයස් සීමාව පසු කරනකොට දැන් අපි හිතමුකෝ මෙහෙම වයස 19 වගේ කෙනෙක් වයස 35 වගේ යනකොට බලන මිනුම් දණ්ඩ නොහොත් කෝණය වෙනස් වෙන්න පටන් ගන්නවා දැනුම් තේරුම් ගෙන අර්ථාන්විත ගීත අහන්න පෙළඹෙනවා වගේම මනසිනුත් උසස් කටයුතු කරන්න පටන් ගන්නවා මෑත කාලයේ අර්ථය යටපත් වෙලා ශබ්දය ඉස්මතු වෙච්ච ගීත නිර්මාණයන් තමයි අහන්න ලැබුනේ ඒ වගේම ඒ කාලය තුල අහන්න පුලුවන් අර්ථාන්විත ගීත නිර්මාණය වුනු බවද කියන්න ඕනි.රසිකයන් අර්ථාන්විත ගීත අහන්න යොමු වීම කලාවේ නියැලෙන හැමෝටම සුබ පෙර නිම්ත්තක් හැටියටයි මට හිතෙන්නෙ



අපි අලුත් කටයුත්ත ගැන කතාකරමු නේද?

මට ලොකු ආසාවක් තිබුනා බුදු හාමුදුරුවෝ ගැන ගීතයක් ලියන්න අවුරුදු ගානක ඉදලා නමුත් ඒ අදහස ඉෂ්ට කරගන්න වුනේ නෑ කාලයක් එක්ක අතපසු වුනා කොහොම කොහොමින් හරි.ඊට පස්සේ මෑතක මන් ජනප්‍රිය සංගීතඥ ඉසුරු වික්‍රම අපේ අයියාත් එක්ක වෙන නිර්මාණයක් කරන්න සූදානම් වෙනකොට තමයි ඉසුරු අයියා අපි බොදු බැති ගීතයක් නිර්මාණය කරමු කියලා අපි නිර්මාණය කරේ.ඊට පසුව අපි මේ ගීතය ගායනා කිරීමට තෝරාගත්තා රෝමේෂ් සුගතපාල,කවීශ කවිරාජ්,තීක්ශණ අනුරාධ,තුෂාර සුබසිංහ,මංගල ඩෙනෙක්ස් ,ජීවන ප්‍රනාන්දු,බුද්ධික උෂාන්,උදේශ් නිලංග,රනිල් ප්‍රියංකර,හෂාන් තිළිණ,අමිල මුතුගල මේ පිරිස මේ නිර්මාණය කිරීමට ඉසුරු වික්‍රම අයියා අමිල මුතුගල අයියා,හෂාන් තිළිණ අයියා ලොකු සහයෝගයක් ලබා දුන්නා.මේ ව්‍යසන කාලය අඩු වුනාම ගීතය ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා.


ගීත ලියන ස්වාමින් වහන්සේලා ඉන්නෙ අත⁣ලොස්සක් නාගිත හාමුදුරුවන් ඒ ගැන මොකද හිතන්නෙ?

මෙහෙමයි කලාව කියන්නේ හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.නමුත් කලාවේ නියැලෙන බොහොමයක් ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා. උන්වහන්සේලාට කලා හැකියාවන් තිබුනට කරන නිර්මාණයන් ජනතාව අතරට ගෙනියන්න ක්‍රම වේදයක් නෑ ඕනෑම ක්ෂේත්‍රයක එහෙමයි අපි දකිනවා ගායකයන්ට වඩා සිංදු ගායනා කරන්න පුලුවන් හැකියාව තිබෙන අය පේමන්ට් වල කෝචිචිවල බස්වල සිංදු කියලා එදා වේල ගැට ගහගන්න නියැලෙන බව.මන් විශ්වාස කරන දේ තමයි හැකියාව තිබුනට වැඩක් නෑ පිනක් තියෙන්න ඕනි කෙනෙකුට ඉහලට යන්න.



සාහිත්‍ය පොතපත ආදිය ගීත රචනයට ගොඩක් වැදගත් වෙනව නේද?

"කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියලා වැකියක් තියෙනවානේ. සාහිත්‍ය පොත පත නිතරම පරිශීලනය කිරීමෙන් නිතර නිතර අලුත් වචන අලුත් අදහස් දැනගන්න ලැබෙනවා මන් හිතන්නේ ඕනෑම ක්ෂේත්‍රයේ කෙනෙක් වේවා තමන් නියැලෙන මාර්ගයට අදාල දේවල් පරිශීලනය කරන්නම ඕනි වෙනවා දැන් නිදසුනක් ගමුකෝ අතීතයේ රජ්ජුරුවෝ යුද්ධයක් කරනකොට අවි ආයුධ සෙනා යුද්ධයකට අවශ්‍ය සියළුම දේ සංවිධානය කරගෙනනේ යෞද්ධය සදහා පිටත් වෙන්නේ ඒ වගේ ගීත රචනා කරන්නත් මේ සාහිත්‍ය පොත පත් පරිශීලනය ඉතා වැදගත් වෙනවා..

අවසාන ව⁣ශයෙන් කවද විතරද අලුත් ගීතය දකින්න ලැබෙන්නෙ කියලත් කියමු


දැන් මේ තියෙන තත්තවය ටිකක් පහ වෙලා ගියාම අපි ගීතය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.දැන් මේ තියෙන පරිසරයත් එක්ක නිදහසේ ගීතයක් රස විදීමට වඩා ගැටලු ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා කොහොම වුනත් ජනතාව අපි නිර්මාණය කළ බොදු බැති ගීතය වැළද ගනී කියලා විශ්වාස කරනවා..


අපේ සම්මුඛ සාකච්චාව ගැන ඔබ වහන්සේගෙ අදහස?

ඉතාම හොද වටිනා සාකච්ඡාවක් යොමු කරපු ප්‍රශ්න වුනත් වෙනසක් තියෙනවා හැමදාම අපි සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වුනාම හැමදාම අහන ප්‍රශ්න ටිකක්නේ තියෙන්නේ ඉතින් මන් ස්තූතිය පුද කරනවා
මට මේ සාකච්ඡාවට ආරාධනා කිරීමට.
තෙරුවන් සරණයි..

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :