ads
News
Loading...

රෙදි සෝදන්නෙකු නිසා චීනයම නැවත ඇවිලෙයි




කොවිඩ් වෛරසය හදුනාගැනීමට ලැබුනේ චීනයේ
වූහාන් නගරය තුලින්.එය යම් තරමකට පාලනය කලද කෝවිඩ් 19 ලොව රටවල් සෑම එකකටම වගේ බලපෑම් කලා.අද අපිටබදැනගන්න ලැබෙන්නෙ කෝවිඩි දෙවන අදියරක් ගැනයි.


ජිලින් නගරයේ රෙදි සෝදන සේවකයෙකුගෙන් කෝවිඩ් දෙවන අදියර පැතිරීම ආරම්භ වී ඇතිබවට ආරංචි මාර්ග පවසනවා.

ආසාධිත නව පොකුරක් හඳුනාගනිමිත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරය අර්ධ ලොක්ඩවුන් සිමා පැනවීමට අද (13) නගර බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇති වීම හේතුවෙන්.

කොරෝනා ආසාධිත පොකුර හඳුනාගැනීම නගරයේ හඳුනාගැනීමත් සමඟ එම නගරයේ ප්‍රවාහන කටයුතු සිමා කර නගර සීමාවද වසා දමා තිබෙනවා.

මෙලෙස අර්ධ ලෙස වසා දමා ඇති චීනයේ දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. එය උතුරු කොරියාවට සහ රුසියාවට දේශ සිමවලට මායිම්ව පවතී.

එහි ලක්ෂ 40 ජනතාවක් ජිවත් වන අතර කොරෝනා වෛරස සම්බන්ධව වෛද්‍ය පරීක්ෂණයට භාජනය වී ආසාධිතයෙක් ද නැද්ද යන්න තහවුරු කිරීමෙන් අනතුරුව නගරයෙන් පිටතට යාමට ඉඩ සලසා ඇති බවයි වාර්තා වන්නේ.

ජිලින් නගර බලධාරීන් මේ වන විට දැඩි ස්වයං නිරෝධායන නීති පනවා තිබෙනවා.

නගර පරිපාලකයන් නගරයේ සියලු පොදු ස්ථාන මේ වන විට වසා දැමීමට නියෝග කර ඇති අතර ඖෂධහල් පමණක් විවෘත කර තබන ලෙසත් උණ රෝගයට බෙහෙත් ලබා දෙන්නේ නම් ඒ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා කරන ලෙසත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නගරයෙන් පසුගිය ඉරිදා පළමු පොකුර වාර්තා වී ඇති අතර ජිලින් නගරයේ ෂුලාන් ප්‍රදේශයෙන් මෙම ආසාධිතයන් හමුවී තිබෙනවා.

ඒ අනුව ඊයේ (13) දිනයේ දී තවත් නව ආසාධිතයන් 6 දෙනෙක් වාර්තා වී ඇති අතර මේ වන විට එම නගරයෙන් වාර්තා වන සම්පුර්ණ රෝගීන් ගණන 21කි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :