ads
News
Loading...

ලියන්න ආභසය ලැබුනෙ අම්මගෙන්


නර්මදා රංගොඩගේ කියන්නෙ ලේඛිකාවක්.සාහිත්‍ය මාසය කියන්නෙ ලේඛනයේ යෙදෙන අයට ගොඩක් කාර්යබහුල කාලයක්.අද ගොසිප්ලන්තය පොතයි මමයි සදහා එකතුවුනේ ඇයයි.

නර්මදා නවකතාවට එලඔුනේ කොයිකලෙද..?
2015 අවුරුද්දේ මැද කාලෙදි.⁣ FB එකට online කොටස් වශයෙන් නවකතාවක් ලියලා තමයි මම පටන් ගත්තේ.

නවකතාකාරිනියකට තමන් වටා ඇති අත්දැකීම් හොද ප්‍ර⁣වෙිශයන් වෙනව ඔබටත් එහෙමද?

අනිවාර්යයෙන් ... මට මගේ වටේ තියන ඕනෑම දෙයක් මගේ කතාවක යම් සිද්ධියක් ගොඩනගන්න අමුද්‍රව්‍යයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

බාදුරා ලියැවුනේ ඒ විදියටද
ඔව් බාඳුරා ලියවුණේ ඒ විදිහට. ඒ කතාවෙ තියෙන්නෙ ගමෙන් කොළඹට ඇවිල්ලා ඒ සංකීර්ණ සමාජයත් එක්ක වැඩ කරගෙන ගියපු තරුණියකගෙ කතාව. ඒ ප්‍රධාන චරිතය ගොඩ නගන්න කොළඹ සමාජයේ අහපු දැකපු දේවල්, සේවය කරපු ආයතනවල ප්‍රධානීන්ගේ චරිත වගේ ගොඩක් දේවල් මම යොදා ගත්තා.

තරුණියකට නවකතාකරණයේ සැඟවුණු අභියෝග නැති තරම්ද?

මෙහෙමයි. කෙනෙකුට කෙනෙක් අභියෝගයක් වෙන්නේ එතන යම්කිසි තරගයක් තියෙනවා නම්.

මට නවකතා නිර්මාණයේදී කා සමඟවත් තරගයක් නැහැ. අනික මම එකම ශානරයකට කොටුවෙලා නිර්මාණ කරන කෙනෙකුත් නෙමෙයි.

ඒ නිසා මට තවත් නවකතා කරුවෙක් කියන්නෙ අභියෝගයක් නෙමෙයි.
මොකද මම යන්නේ ස්වාධීන, හෙමින් ගමනක්. ඒ නිසා මට කිසිවෙක් අභියෝගයක් උනේ නැහැ. දැනටත් නැහැ.

කැපිලි කෙටිලි ඉරිසියා කරුවන් මානසිකව ඇද වට්ටන්න බලන් ඉන්න අය වගේ ඕනම ක්ෂේත්‍රයක ඉන්න අය, මේකෙත් ඉන්නවා මේක මල් මාවතක් නෙමෙයි. නමුත් ඉතින් අපි දැනගන්න ඕන අපේ තැන හදාගන්න. එතකොට කිසි කෙනෙක් හෝ කිසි දෙයක් අභියෝගයක් වෙන්නෙ නැහැ.

ඩිජිටල් ගත නිර්මාණවලදී කතෘ අයිතිය ගැන ප්‍රශ්න බොහෝ අයට මතුවෙනව.ඔබත් එවන් අත්දැකීම් වලට මුහුණ දෙනව නේද

ඔව්. මේ ලඟදිත් මුහුණු පොතේ මගේ කෙටි කතා නිර්මාණයක් කොපි කරලා වෙන කෙනෙක් එයාගේ නමින් පළ කරලා තිබුනා.
ඇත්තටම ලියන අපි නිර්මාණයක් බිහි කරන්නේ හැම අකුරක් වචනයක් සිදුවීමක් ගානේ සෑහෙන්න හිතල වගේම අධ්‍යයනය කරලා.

මට හිතාගන්න බැහැ මනුස්සයෙක් තවත් කෙනෙක්ගෙ නිර්මාණයක් කොපි කරන්නෙ මොන හිතකින් ද කියල. මේ සම්බන්ධයෙන් පවතින නීතිරීති වඩාත් දැඩි විය යුතුයි කියන එකයි මගේ අදහස.

අලුත් නිර්මාණය ගැනත් පොඩි ඉගියක් දෙමු නේද

ඒක ඓතිහාසික කතාවල ආකෘතියට ලියැවුණු රජ කතාවක්. නමුත් ඒක මගේ කල්පිත ප්‍රබන්ධයක්. ඒක සාමාන්‍ය ප්‍රේම කතාවකට එහා ගියපු යුද්ධ, ගැටුම්, රාජ කාලෙ තිබිච්ච සමාජ ක්‍රමය වගේ ගොඩක් දේවල් ගැන ලියවෙච්ච කතාවක්.

කුඩා කාලයේ පටන්ම නර්මදා ලේඛනයට උනන්දු කෙනෙක්ද
ඔව්. මේකට ලොකුම හේතුව වුනේ මගේ අම්මා. ඇය සාහිත්‍ය සිංහල කලාව කියන අංශ වලට හරිම ලැදි කෙනෙක්. ඒ ආභාසය තමයි මට ලැබුණේ.

නවකතාව රචනයට පසු ප්‍රකාශනය ⁣වගේ දේවල් වලටත් ලේඛකයාට ලේඛිකාවට එලබෙන්න වෙන අවස්ථා නිසා නිර්මාණයට යම් කිසි කාලයක් ගතවෙනව නේද

ඔව්. නමුත් දැනට මම කරන්නේ ලේඛනය විතරයි. ඒ නිසා නිර්මාණ කිරීමේ නිදහස කාලය මට තිබෙනවා.

මගේ නිර්මාණ හරිම ඕනෑකමින් කියවන පාඨකයෙක් ම තමයි මගේ ප්‍රකාශක තුමිය. ඒ නිසා මම ලියලා දෙනවා ඇය තමයි අනික් සම්පූර්ණ වගකීම බර දරලා පොත ප්‍රකාශනයට පත් කරන්නේ.. ඒක මගේ පැත්තෙන් මේ වෙලාවේ කාලය ඉතුරු කර ගන්න ලොකු පිටිවහලක්

බාදුරා නවකතාවෙි ඔබ කැමති චරිතයක කැමති දෙබසක්?

".. ඒක බොහොම ශක්තිමත් ඒ වගේම විශ්වාසවන්ත ආදරයක්. එතනදී වයස කාලය තරාතිරම මේ කිසි දෙයක් වැදගත් වුණේ නෑ. රොහාන් කියන මනුස්සයා ඔය කිසිම සැප සම්පතක් නැති, පාරක පේමන්ට් එකක් අයිනේ අච්චාරු කරත්තයක් තියාගෙන විකුණන කෙනෙක් වුණා නම්, ඒත් මගේ හිත මේ විදියටම ආදරේ කරයි. ඒකෙ වෙනසක් නෑ.."

අපි කියමු මෙි හැමදේකටම උදව් කරන අය ගැනත්

මෙහෙමයි ඇත්තටම මේක මම තනියම ආපු ගමනක්. පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ෆේස්බුක් එකෙන් මගේ බාඳුරා නවකතාව දෝතින් වැළඳ ගත්තු වගේම මාව ධෛර්යමත් කරපු ලංකාවේත් ලෝකයේත් ඉන්න දහස් ගණනක් මගේ සියලු පාඨකයන්ට.

පළමුවෙනි නිර්මාණය පොතක් කරන අභියෝගය බාර ගත්තු නොහදුනන්නී ප්‍රකාශකතුමිය මතක් කරන්න ඕනා. ඊලඟට මගේ දෙමව්පියන් මගේ පවුලේ අය, ඒ වගේම මගේ නිර්මාණවල අඩුපාඩුකම් තිබුනොත් දැකපු ගමන් පෙන්වලා දෙන ප්‍රවීණ නවකතා කරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතාම ආදරයෙන් ඒ අය හැමදෙනාම මතක් කරන්න කැමතියි.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :