ads
News
Loading...

පුංචි තිරය අල්ලන්න ආපු වගීෂා


මෙි දවස්වල හිරු නාලිකාවෙි විකාශනය වන දිවිතුරා නාට්‍යයේ කාව්‍යා පහුගිය දවසක ගොසිප්ලන්තයට මෙි විදියට දී කාව්‍යා වුනාට ඇය නමින් වගීෂා සල්ගාදු.

වගීෂා මෙි දවස්වල ටිකක් තරහ යන චරිතයක් එක්කයි හැමෝම අදුනන්නෙ?

ඔව්. දිවිතුරා drama එකේ කාව්‍යාගේ චරිතය තමයි මගෙ මේ ටිකේ රෑපවාහිනියේ විකාශනය වෙන්නේ ඒක නිසා දැන් ගොඩක් අය හිතන්නේ මං ඇත්තටම ඒ වගේමයි කියලා...

වගීෂාව කාව්‍යාගෙ චරිතයෙන් මෙහෙම ජනප්‍රිය වුනත් ආරම්භය නම් මීට වෙනස් කතාවක් නේද?

මං හිතන්නේ ඔයා අහන්නේ මං කාව්‍යාගේ චරිතයට කලින් ජනප්‍රිය වුන හැටි වෙන්න ඕන?

ඔව් ඇත්තටම දිවිතුරා කියන්නේ මගේ අටවෙනි ටෙලි නිර්මාණය. මං ක්ෂේත්‍රයට එන්නෙත් වේදිකාවෙන් ඒ 2015 ළමා නාට්‍ය උළෙලේ හොඳම ළමා නිළිය සම්මානය එක්ක මං ඊට පස්සේ චිත්‍රපට දෙකක් කරා ඒ වගේම වෙළඳ දැන්වීම් කරා 20 ආසන්න ප්‍රමාණයක්. මාව පුංචි තිරයේ ඉස්සල්ලා ජනප්‍රිය උනේ කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ ධර්මන් ගේ දුවගේ චරිතයෙන් ඊට පස්සේ තව වඩාත් ජනප්‍රිය උනේ interනැසනල් ටෙලි නාට්‍යයේ සුලෝ ටීචගේ චරිතය. ඉතින් ඔහොම තමයි මේ වෙනකොට කව්‍යාත් ඒ ජනප්‍රියතාවය දිනා ගෙන තියෙන්නේ

වගීෂා කවුරුත් නොදන්නව වුනාට පහ සමත් වැනි චිත්‍රපටි හරහාත් රිදී තිරයට අත්පොත් තිබ්බ කෙනෙක්.ඒ අත්දැකීම් ගැන මතක් කරමු

ඔව් මගේ පලවෙනි චිත්‍රපටිය තමයි මේ වෙනකොට කවුරුත් දන්න තාල චිත්‍රපටිය. නමුත් මගේ දෙවැනි චිත්‍රපටය වෙන පහ සමත් තමයි පලවෙනියට තිරගත වුනේ. හැබැයි මට ඇත්තටම ගොඩක් සතුටුයි මං සම්බන්ධ වුන ඒ දැවැන්ත චිත්‍රපටි දෙකම ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගැනීම. තව ඒ වගේම චිත්‍රපටි කීපයකින්ම මගේ ප්‍රෙක්ෂකයන් ඉස්සරහට එන්න දැනටම වැඩ කරගෙන යන ගමන් ඉන්නේ.

දිවිතුරා නාට්‍යයේ ගොඩක් සම වයස්වල අය එක්ක වැඩකරන්න ලැබුන අත්දැකීම කොයිවගේද

ඇත්තටම ඒක හරිම විනෝදයි ඒ වගේම ගොඩක් වටිනවා මොකද අපි හැමෝම පවුලක් වගේ එකට දේවල් බෙදා හදා ගෙන, තව එක්කෙනෙක් අනික් කෙනාගේන් ඉගෙන ගෙන යන වැඩක් මේක. අපි ඇත්තටම විහිළුවෙන් තහළුවෙන් එකට එකතු වෙලා මේ නිර්මාණය කරන්නේ

රංගනය කියන්නෙ කාලයක් තිස්සෙ හි⁣තේ තිබුනු හොදම කැමැත්තද නැතිනම් නර්තනයද වැඩි කැමැත්ත?
මං ගොඩක් ම සංගීතය හා නර්තනය තමයි මුලික වෙලා තිබ්බේ කලාව පැත්තෙන් තවමත් එහෙම තමයි නමුත් රංගනය පියවර දෙක තුනක් ඉස්සරහට තිබ්බා මගේ කලා ජීවිතයේ.මං රංගනයට ඇත්තටම ලොකු කැමැත්තක් තිබුණේ නෑ ඉස්සර නම් හැබැයි දැන් ඒක ඉගෙන ගන්න ගමන් කරන නිසා ලොකු ආදරයක් සහ ගෞරවයක් තියෙනවා

රංගන ශිල්පිනියකට ලැබෙන නිදහස හරියට වටිනව ක්ෂේත්‍රයේ වැඩකරද්දි ඒකට ගෙදරින් ලැබෙන සහය

මගේ අම්මා තාත්තා තමයි මං මේ ක්ෂේත්‍රයට එන්න ලොකුම හයිය වුනේ . ඒ දෙන්නම මේ ක්ෂේත්‍රයේ වැඩ කරපු අය ඉතින් ඒ දෙන්නම තමයි මාව හැමවෙලේම ශක්තිමත් කරලා බය නැතුව මේ පාර දිගේ යන්න කියලා දෙන්න. මං සමහර වෙලාවට නවත්වන්න හැදුවත් එයාලා මට මතක් කරනවා ඇයි මං ඉස්සෙල්ලාම මේක පටන්ගත්තෙත් බය වෙන්න නැතුව අභියෝග අරං එය කරන්න කියලත්.

රසික රසිකාවන් තමයි කලාකාරිනියකගෙ හයිය වගීෂාට ඒ රසිකත්වය උපරිමයෙන්ම ලැබෙන කාලයක් මෙික

ඔව් මගේ රසිකයෝ මං හැමවෙලේම හිතන්නේ මගේ තව පවුලක් කියලා ඒයාලට මං ගොඩක් ගෞරව කරනවා ආදරේ කරනවා. මේ ගමනට එයාලා තමයි මගේ ලොකුම හයිය.


අවසාන වශයෙන් ඊළගට දකින්න ලැබෙන චරිතය ගැන පොඩි ඉඟියකුත් දෙමු

ඒක ඇත්තටම ගොඩක් වෙනස් චරිතයක් මං කලින් නොකරපු මං දන්නවා අනිවාර්යයෙන්ම මගේ ප්‍රෙක්ෂකයන් එකට ගොඩක් ආදරය කරයි කියලා. ඒක ආවම එයාලට බලන්න දෙන එක තමයි හොඳම මං කියනවට වඩා

කියන්න බැරි වුන විශේෂ දෙයක් තව තියෙනවද

මං ප්‍රාර්ථනා කරනවා මේ covid වසංගතේට ලක් වෙලා ඉන්න හැමෝම ඉක්මනින් සුවපත් වෙන්න කියලත් අනික් අයට තමන්ව ආරක්ෂා කරගන්න කියලත් .








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :