ads
News
Loading...

තක්ෂිලා මෙහෙම කියන්නෙ කා ගැනද?

තක්ෂිලා රණතුංග කියන්නෙ හැම ⁣තිස්සෙම නිරුපන ක්ෂේත්‍රය තුල වෙනස් දේවල් කරන කෙනෙක්.දේශපාලනයටත් පහුගිය කාලෙ විටින් විට ආපු තක්ෂිලාගේ අලුත්ම විස්තර කියන්න ගොසිප්ලන්තය ට ගොඩවුනා.
ඉතින් තක්ෂිලා මොනවද අලුත් විස්තර ?
හොදින් ඉන්නවා.ක්ෂේත්‍රයේ වැඩ කිහිපයක්ම කරගෙන ඉන්නවා.

පැජන්ට් කිහිපයකම ජයග්‍රාහී වෙච්ච කාලෙ ගැනත් මතක් කලොත්?
  ඔව්.2009 අවුරුද්දෙ සිංහ කුමාරි,2011 නයනා කරුණාරත්නගෙ model of new genaration.2017 අවුරුද්දේ mrs srilanka for mrs universes හි 1 st runner up. 


එච්චර වැඩ කටයුතු කරපු තක්ෂිලා කලාවට ගොඩක් කැමති කෙනෙක්ලු නේද?
  අැත්තටම මම ගොඩක් ආදරෙයි.ලැබෙන හැම විටම කලාවට සම්බන්ධ වෙනවා.


හැමදාම නිරුපනයේ විතරක්ම ඉන්නද කල්පනාව?
  මම නිතරම කැමති අලුත් දේවල් එක්ක ඉස්සරහට යන්න.එහෙම දේවල් කලාම සමහරු බනිනවා.ඒක අපිට නවත්තන්න බෑනෙ.පහුගිය කාලේ ෆොටෝ ෂූට් එකක් හින්දත් බැනුම් අහන්න සිද්ධ වුනානෙ.


නිරුපනයේදී ඔිනෑම අභියෝගයකට මුහුණ දෙනවද?
  මම කැමති එහෙම දේවල් කරන්න.

රංගනයට එන්නෙ නැත්තෙ ඇයි?
ආරාධනා නම් ගොඩක් ආවා.ඒත් ආසයි බයයි.ඒ නිසා ඒ වෙනුවෙන් උනන්දුවක් දැක්කුවෙ නෑ.

තක්ෂිලා ගොඩක් කැමති සමාජ සත්කාර වලට නේද
ඔව්,ඉඩ ලැ⁣බෙන හැම වෙලේම කාටහරි උදව් කරනව.මගෙ පුතත් කැමති කාටහරි උදව් කරන්න.


පහුගිය කාලෙ දේශපාලනය ටත් ආවා නේද?
මගේ අම්මා 1998 ප්‍රාදේශීය සභා මැතිවරණයට සාභාගිවුනා.එතකොට මම දෙක වසරේ.එදා ඉදන් නොයෙක් දේශපාලන වැඩවලට යනවා.ඒ හින්දම දේශපාලනයට කැමතියි.මම දකින දේශපාලනය පොලොවෙි පය ගහල ඉන්න වගේම මිනිස්සු වෙනුවෙන් ජීවත්වෙන අය වෙනුවෙන් කරන දෙයක්.

පහුගිය කාලේ තක්ෂිලාට මඩත් වැදුන නේද?
ඒවා ඉතින් මඩම තමයි.කියල වැඩක් නෑ ඒ ගැන.ඒවගෛ කිසිම සත්‍යයක් නෑ

මඩවලට මුහුණ දෙන්න ශක්තිය ලැබුනෙ?
මුල් දවස්වල මිනිස්සු මගෙ දිහා බලලා හිනාවෙත්දි මට දරාගන්න බැරිවුන.ගෙදර ගිහින් හොදටම ඇඩුවා.පැජන්ට් එකේ යාළුවො මාව ශක්තිමත් කලා.එ් ශක්තිය තමයි අදටත් මගෙ තියෙන්නෙ.

ඒ කියන්නෙ මෙි හැමදේම ජයගත්තා.
ඔිනැම කෙනෙක්ට ඔිනැම දෙයක් කියන්න පුළුවන්.තමන් නිවැරදි නම් ප්‍රශ්නයක් නෑ.කිසිම ඵලයක් නැති ගහකට කවුරුත් ගල් ගහන්නෑනෙ.මඩ ගැහුවහම අපි වැටෙනව නම් අපිව වට්ටන්න හදන කෙනා දිනුම්

ආපහු දේශපාලනය ට එනවද?
කියන්න බෑ.අනාගතය ඒක තීරණය කරයි.
ආන්දෝලනාත්මක ඡායාරූප වලට මුහුණ දෙනවද?
මම හැමදාම එකම විදියට පින්තූර කරන කෙනෙක් නෙවෙයි.


නිරුවත සම්බන්ධයෙන් ලංකාවෙි මිනිස්සුන්ගෙ ආකල්පය දැන් වෙනස් වෙලාද?


නෑ.පහුගිය කාලෙ සීමාවක් තුල ඉදල කරපු ඡායාරූප  වගයක් ගැන කතාබහක් වුනා.හොද නිර්මාණයක් නම් අනිවාර්යෙන්ම දෙයක් වෙනව.මොඩ්ල් කෙනෙක් කියන්නෙ මොඩ්ල් කෙනෙක්ට.සියලුම කාන්තාවන් මොඩ්ල්ස්ලා නෙවෙයිනෙ.ඒත් ලංකාවෙි හැමෝම ඒක පිලිගන්නවද නැද්ද කියන එක කියන්න බෑ.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :