ads
News
Loading...

තාන හැන්දෑව නාන හැන්දෑවක් වුනාද?



පහුගිය දවසක සංසරණය වුනු තාන හැන්දෑව නර්තනයෙහි වීඩියෝව හින්දා නර්තන ලෝකයම කැලඔිලා තියෙන වෙලාවක ඒ ගැන කතාකරන්න ගොසිප්ලන්තය නර්තන ශිල්පිනී නුවන්ගි කරුණානායක  එකතු කරගත්තා.

නුවන්ගි දැන් වෙත්දි නර්තන කලාවට අලුත් අලුත් දේවල් එකතුවෙලා.අපි එතනින්ම කතාව පටන්ගමු

කලාව අළුත් වෙන්නෝනෙ.ඒක එක තැන පල් වෙන්න හොඳ නෑ.නිර්මාණ කරුවන් සහ නිර්මාණත් බිහි වෙන්න ඕනෙ. එන්න එන්න මේක අලුත් වෙනවා.ඒකනෙ අපිට පේන්න තියෙන දේ.

සාමිප්‍රදායික නැටුම් කලාව ගැන විද්වත් කතාබහක් අඩුවීමත් මෙිකට බලපානව නේද?


ඔව්.ඒක පිළිගන්න ඕනෙ අපි හැමෝම.ඒක තමයි ලොකුම අඩුව සාම්ප්‍රදායික නැටුමෙ මළගමට

ලංකාවෙි නැටුම් කලා⁣ව වාණිජ පරමාර්ථ ගැන විතරක් හිතන තැනකට ආවෙ ඔයාට දැනෙන විදියට කොයි කාලෙද?

මං හිතන විදියට ලංකාවෙ රියැලිටි කලාව පටන් ගත්තු කාලෙදි තමයි මේ දේවල් මෙහෙම වෙන්න පටන් ගත්තෙ

නර්තනය පටන්ගත්තෙ කොයි කාලෙදිද

ප්‍රාග් ඉතිහාසේ කියලා කියන්නෙ ලිඛිතව හැමදේම ලියවෙන්න කලින් යුගේ.ප්‍රාග් ඉතිහාසේ ඉදලම නැටුම් තිබුණා. කාලෙත් එක්ක හැඩතල වෙනස් වෙවී අලුත් වෙවී නැටුම් කලාව ආවෙ.

ලංකාවෙි වෙනස් ආභාෂයන් කරපු ගුරුවරුන් අතර පහලවෙච්ච මූසලයන් කලාව නැති කරන වග ඇතැමුන් කියනව.එය ඇත්තක්ද?

ඔව්.ඒක ඇත්ත.වර්තමානෙ වෙනකොට හොඳ සාක්ෂි තියෙනවා ඒවා ඔප්පු කරන්න

ඔබෙි නර්තන කටයුතු ගැනත් කියමු.

පාසල් කාලෙ ඉදලම මං ගොඩාක් ආසාවෙන් හදාරපු විෂයක්.2015දී මහරගම ජාතික තරුණ සේවා සභාවේ විශේෂ නර්තන කණ්ඩායමේ ශිල්පිණියක් විදියට සම්බන්ධ උනා. ඒ අතරතුරම තරුණ සේවා සභාවෙ අවුරුදු තුනක ලලිත කලා ඩිප්ලෝමාව හැදෑරුවා. ඊට පස්සෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන ඩිප්ලෝමාව හැදෑරුවා. වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා ඉන්දියාවේ ශිෂ්‍යත්වයකට අයදුම් කලා. යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මෙරට නර්තනය ගැන කලකිරිලද ඔබ
ආදරෙන් රකින කොටසක් ඉන්නවා.ඒ අය නිසයි අද ලංකාවෙ නැටුම් මෙහෙම හරි රැකිලා තියෙන්නෙ. අපි හැමෝම කලාකරුවන් විදිහට ජීවත් වෙන්නෙ මේ කලාව තුළින්. තවත් කොටසක් ඉන්නවා මේක රකින්න බැරි. ඒ අයගෙ වැඩ දකිද්දි කළකිරෙනවා ඇත්තටම


ඔබ කියල තිබුනා සුරඔාවල්ලියෙදි දියරෙද්ද අදින්න බෑ කියල.ඒ ගැනත් පැහැදිලි කරමු

සුරඹා වල්ලිය ගැන ටිකක් කියන්න ඕනෙ මුලිම්ම.ලංකාවෙ ප්‍රධාන සම්ප්‍රදාය තුනක් තියෙනවා.උඩරට පහතරට සබරගමු. සුරඹා වල්ලිය කියන්නෙ පහතරට සම්ප්‍රදායට අයිති එකක්. සම්ප්‍රදාය නටද්දි අපි හැමවෙලේම පාවිච්චි කරන්නෙ සම්ප්‍රදායේ අන්න්‍යතාවය රැකෙන විදිහෙ ඇදුම්. පහතරට කවි,ඒ කවි වලට අදාල නාද මාලාව, පහතරට බෙර පද ටික... මේ හැමදේම තිබුණා.ඒත් ඒක සුරඹා වල්ලිය නෙමෙයි.එකග වෙන්න බෑ ඒ වචනෙ යොදා ගත්තු අවස්ථාව ගැන. සම්ප්‍රදායික සුරඹා වල්ලිය ඕක නෙමෙයි.සුරඹා වල්ලිය නිර්මාණ කටයුතුවලට ගනිද්දි අපි හරි පරිස්සම් වෙන්න ඕනෙ.සුරඹා වල්ලිය විතරක් නෙමෙයි කොයි සම්ප්‍රදායික කොටසක් හෝ වේවා නිර්මාණ කටයුතුවලට ගන්න කොට කලාකරුවන් විදියට අපි හැමෝටම යුතුකමක් තියෙනවා අපේ දේ රැකගෙන අලුත් දේ කරන්න. සාම්ප්‍රදායික සුරඹා වල්ලියෙ ඇදුම හරිම පිළිවෙල එකක්.ඒකෙදි අපි යොදා ගන්න ශීර්ෂාභරණ පවා හරිම සාම්ප්‍රදායික හැඩතල රැකගෙන කරපු නිර්මාණ. පපුව ගාව රෙද්දක් ගැට ගහලා කරෙන් උඩට කකුල් උස්සපු පළියට ඒක සුරඹා වල්ලිය වෙන්න පුළුවන්ද? ඒක එහෙමයි කියලා කෙනෙක් කියනවා නං ඒක එයාගෙ දැනුම් මට්ටම සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් .

නර්තන ශිල්පිනියන් විවෘත වෙිදිකාවල අඩනිරුවත් වන අවස්ථා දකින්න තියෙනව.මෙිවාට ඇත්තටම වගකිව යුත්තෙක් නැද්ද?

කලා කටයුතු සම්බන්ධ ලංකාවෙ නීතිමය පැත්ත පුළුල් රාමුවක නෑ. අපේ අය දන්නවා ඒක.ඒ තුලින් හැමෝටම අසීමිත නිදහසක් තියෙනවා ඕනෙ ඕනෙ දේවල් කරන්න.සිතුවිල්ලක් ආපු පමණින් කෙනෙක්ට නිර්මාණ කරන්න පෙළෙඹෙන්න තරම් ඉඩකඩක් ලංකාවෙ තියෙනවා. අද මේ දේවල් මෙහෙම වෙන්නෙ ඒකයි.හැමදේම වාණිජ රැල්ලට ගිහින්. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරි මැදිහත්වීමක් වෙලා මේ දේවල් වල සීමාවක් පනවලා කලාවෙ වටිනාකම රකින්න ඕනේ කියලයි මගෙ අදහස

ඔබ ඇතුළු පිරිසටඔබ ඇතුළු පිරිසට සමහර අය වැඩ වලට කතාකරත්දි ශුංගාරය මතුකරවන ඇදුම් ගැනත් කතාකරල ආරාධනා ආපු අවස්ථා තියෙනවද

ඕනෙ තරම් තියෙනවා. ආරාධනා ආවා වගේම ප්‍රතික්ෂේප කරලත් තියෙනවා.කිසිම දවසක ඒ වගේ අරාධනාවක් භාරගෙන නෑ භාරගන්නෙත් නෑ.

ඇතැම් රංගන ශිල්පිනියන් නැටුම අවසානයේ තම ශිල්පිනියන්ව අලෙවි කරන අවස්ථාත් නැතුව නෙවෙි නේද?

එහෙම දේවල් මේ ලංකාවෙ ඕනෙ තරම් තියෙනවා. මිනිස්සු හරි කැමති ඉක්මනට සල්ලි හම්බ කරන්න.ගොඩාක් සල්ලි හම්බකරන්න. ඒ වගේ පහත් වැඩ වලටත් ඉතිං කලාව අවභාවිතා වෙනවා

අපි කියමු ඔබට නර්තනයට උදව් කරපු අයවත් මෙි වෙලාවෙ මතක් කරමු

ජාතික තරුණ සේවා සභාවේ හිටපු උපදේශිකා ජයමාලා විජේරත්න ගුරුතුමී ආදරෙන් මතක් කරන්න ඕනෙ මුලිම්ම. මට පායිම්පත් තිබ්බෙ සහ වේදිකා නර්තනය පළමු අත්දැකීම් ගත්තෙ ඇගේ රංගායතනෙන්. ඊට පස්සෙ ජාතික තරුණ සේවා සභාවෙ වර්තමාන නිකේතනාධිපති තුමිය තරංගා නන්දසේන ගුරුතුමිය.ඇය නිසයි මං මේ තරම් දුරක් ආවෙ. ඊට අමතරව තරුණ සේවා සභාවෙ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ සහ එරමිණියාය සෞන්දර්ය නිකේතනයේ ආදරණීය ගුරුවරු සියළුම දෙනා ගොඩාක් ආදරෙන් මතක් කරනව ඊට අමතරව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දුරස්ථ අධ්‍යන කේන්ද්‍රයේ නර්තන ඩිප්ලෝමවෙ අධ්‍යාපන කටයුතු සදහා සම්බන්ධ වෙලා ගුරුහරුකම් දුන්නු සියළුම කථිකාචාර්යවරුන්

ඇයව මෙි සාකච්චාව සදාහා එකතු කරගන්න වූයේ නර්තනය ට සම්බන්ධ අතිශය ජනප්‍රිය පුද්ගලයන් සාමාජ මාධ්‍ය තුල මුනිවත රැකීමත් තම මිතුරුකම් හමුවෙි එලෙස මුනිවත රැකිය යුතුද යන්න ප්‍රශ්නයකි
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :