ads
News
Loading...

දරුවන් දෙදෙනාගෙ අලෙවිය




මෙම ඡායාරූපය ප්‍රථම වරට දර්ශනය වූයේ 1948 අගෝස්තු 5 වන දින ඉන්දියානා හි වල්පරයිසෝ හි විඩෙට්-මැසෙන්ජර් හි ය. දරුවන්ගේ ගැබිනි මව ඡායාරූප ශිල්පියාගෙන් තම මුහුණ සඟවාගෙන සිටින්නේ තමන් තදබල වැරැද්දක් කල හැගීමෙනි. මෙම දරුවන් සිව්දෙනාගේ මව් පියන් රැකියා විරහිතව අසරණ වී ඇත. ගල් අගුරු ට්‍රක් රථයක් පැදවූ රියෙදුරෙකු වූ දරුවන්ගේ පියා රේ චාලිෆොක්ස් මහතායි. ඡායාරුවේ සිටින දරුවන්ගේ මව ලුසීල් චාලිෆොක්ස් මහත්මියයි. සිය දරුවන්ට කුසට ආහාර වේලක් ලබා දීමට නොහැකි වූ මව දරුවන් සමග සියදිවි නසාගනු වෙනුවට රැකබලා ගැනීමට අවැසි පුද්ගලයන්ට දරුවන් විකිණීමට උත්සහගන්නේ තම දිවි රැක ගැනීමේද අරමුණ ඇතිවය. ඔවුන්ගේ නිවස පවා ඔවුන්ට නැතිවෙමින් තිබුණි.

ඡායාරූපයේ පඩිපෙලේ ඉහල වම් පසින් සිටින ලනාට වයස අවුරුදු 6 කි. ඇගේ අනෙක් පසින් සිටින සොහොයුරිය රේ ඈන් වේ. ඇයට වයස 5 කි. පහත පෙලේ සිටින පිරිම දරුවා වයස අවුරුදු 4ක් වූ මිල්ටන්ය. ඇගේ අනෙක් පසින් සිටින දැරිය වයස අවුරුදු 2 ක් වූ එලන්ය. කරකියා ගැනීමට කිසිවක් නොමැතිවූ කල සිය දරුවන් විකුණන ඔවුන්ගේ මවබොහෝ දෙනෙකුගේ ඝර්භාවට ලක්විය. පවුලේ හිතවතුන් පවා පවසා තිබුනේ ලුසීල් මහත්මිය දරුවන් විකුණා යැපීමට උත්සහ කරන බවයි. නමුත් සිය දරුවන්ට හිසට සෙවනක් තිබිය යුතුබව තීරණය කල ඇය ඉදිරි අවුරුදු දෙක ඇතුලත සිය කුසේ සිටි දරුවාද ඇතුලුව දරුවන් 5 දෙනාම විකුණා දමන ලදී.

රේ ඇන් මිල්ස් සහ ඇගේ සොහොයුරු මිල්ටන් 1950 අගෝස්තු 27 වන දින සූට්මන් පවුලට විකුණනු ලැබීය. ඔවුන්ගේ නම් බෙවර්ලි සහ කෙනත් ලෙස වෙනස් කරන ලදී. නමුත් මෙම දරුවන් දෙදෙනාට මෙම නව නිවස අපායක් විය. ඔවුන් බොහෝ විට දම්වැල් දමා කෙතේ දිගු කාලයක් වැඩ කිරීමට බල කෙරුනු අතර ඔවුන්ගේ නව පියා මිල්ටන්ට වහලා "Slave" නමින් ඇමතූ බව ඔහු පසුකලක පවසා ඇත.

රේආන් සහ මිල්ටන් කිසි විටෙකත් ඔවුන්ගේ නව බාර කාර දෙමව්පියන් ලෙස පෙනීසිටි අපයෝජකයින් විසින් නිල වශයෙන් දරුකමට හදා නොගත් බවක් පෙනෙන්නට තිබුණද, ඡායාරූප ගන්නා අවස්ථාවේ ඔහුගේ මවගේ කුසෙහි සිටි ඔවුන්ගේ සහෝදර ඩේවිඩ් නීත්‍යානුකූලව දරුකමට හදා ගත්තේ සැතපුම් කිහිපයක් ඈතින් ජීවත් වූ හැරී සහ ලුවෙලා මැක්ඩැනියෙල් විසිනි. ඔවුන් ඩේවිඩ්ට යහපත් ජීවිතයක් ලබා දී තිබුනි.

කුරිරු කම්පන සහගත තත්ත්වයකට පත්වීමෙන් ටික කලකට පසු රේආන් 17 හැවිරිදි නිවසින් පිටව ගියේය. යෞවන වයසේදී ඇයව පැහැරගෙන ගොස් දූෂණය කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගැනීමක් සිදුවිය. එම නිසාවෙන් ඇයව ගැබිනි ගැහැණු ළමයින් සඳහා වූ නිවසකට යවන ලදී.

මිල්ටන් වයසින් වැඩෙත්ම පහරදීම්, කුසගින්නේ තැබීම් වැනි අපයෝජනයන්ට දරුණු ලෙස කෝපයෙන් ප්‍රතිචාර දැක්වීය. නව පියාට කල පහර දීමක් නිසා විනිසුරුවරයෙක් ඔහු සමාජයට තර්ජනයක් ලෙස සැලකූ අතර, ඔහුව බාල වයස් රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත පුනරුත්ථාපනය සදහා යවන ලදී. එහිදීද මානසික ආතතිය නිසාවෙන් දරුණු හැසිරීම රටා පෙන්වූ මිල්ටන්ව වසර ගණනාවක් මානසික රෝහලකට යවා ප්‍රතිකාර සිදු කරන ලදී.

ලනා සහ සූ එලන් සමඟ සිදුවූයේ කුමක්දැයි සහෝදර සහෝදරියන් දැන සිටියේ නැත, කෙසේ වෙතත් වසර ගණනාවකට පසු ඔවුන්ට සමාජ මාධ්‍ය හරහා නැවත සම්බන්ධ වීමට හැකි විය. ලනා 1998 දී පිළිකාවක් හේතුවෙන් මියගොස් ඇති නමුත් සූ එලන් චාලිෆොක්ස් තවමත් ජීවතුන් අතර සිටියේය. සූ එලන් හැදී වැඩුණේ චිකාගෝ හි නැගෙනහිර පැත්තේ අසල්වැසි නිවසක ය. ඇගේ ජීව විද්‍යාත්මක මව පිළිබඳ ඇගේ මතය ඉතා කෝපාවිෂ්ඨ වූ අතර ඇය නිතර පැවසුවේ ඇගේ මව නිරයේ දැවිය යුතු බවයි.

ඡායාරූපයෙහි සිටින කාන්තාව තම දරුවන් පස්දෙනා විකිණීමෙන් / ලබා දීමෙන් පසු නැවත විවාහ වූ අතර තවත් දියණියන් සිව්දෙනෙක් සිටියහ. ඇගේ අනෙක් දරුවන් අවසානයේ ඇය බැලීමට පැමිණි විට, ඇය විස්තර කර ඇත්තේ ඇගේ වෙන්වූ දරුවන් කෙරෙහි මුළුමනින්ම ආදරය නොමැති වීම හෝ ඔවුන්ට යන්නට ඉඩ දීම ගැන පසුතැවීමක් ඇති බවය. නමුත් මියයාමට නොදී සිය දරුවන් විකූණා දැමීම සම්බන්ධව කිසිදාක ඇය සමාව නොඉල්ලූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙම දරුවන් විකිණීමට ඇතිබව සදහන් සේයාරුව ලොව පුරා ඉමහත් ප්‍රකට වූ අතර අනෙක් ඡායාරුවේ සිටින මහලු කාන්තාවන් දෙදෙනා රේ ඈන් හා සූ එලන්ය. පවුලේ ඡායාරුවේ සිටින්නේ රේ හා මිල්ටන් හදාගත් ඔවුන්ගේ අපයෝජක මව් පියන් වේ.

මනුජිත් අබේරත්න

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :