ads
News
Loading...

කොටට ඇන්දට නරක වැඩ එපා



 

නර්තන ශිල්පිනියක් වන චාපා  ජයමහ කියන්⁣නෙ ප්‍රවීන ගායකයෙක් වෙච්ච ග්‍රේෂන් ජයමහ ගෙ දියණිය.ඇය තම මුහුණු පොතේ තම පියාගැන සංවෙිදී සටහනක් තබා තිබුනේ මෙලෙසින්

" තාත්තා ❤️

තැනකට ගියාම, වැඩක් කරද්දි, මිනිස්සු මුණගැහෙද්දි, කතා කරද්දි ,,,,, ආ මේ ග්‍රේෂන්ගෙ දුවනෙ කියලා සලකද්දි මටත් හරිම ආසයි තාත්තෙ. එහෙම සැලකුම් හැම දරුවෙකුටම ලැබෙන්නෙ නැහැ. මමයි මල්ලියි පිං කරල තියෙනවා. මේ වීඩියෝ එක ගොඩක් අය දැකලා මට ගොඩක් දේවල් කිව්වා. සමහරු පිසසො වගේ දගලද්දි, අහිංසක ගමනක් ඔයා ආවා. මමත් අද මගේ හෙමින් මගෙ පාඩුවෙ යන්නෙ ඔයාගෙන් ඉගෙනගෙන. ඉස්කෝලෙ ඉද්දි ගුරුවරු මට ලගට ඇවිල්ලා කියනවා, ඔයාගෙ තාත්තගෙ සින්දුවලට අපි හරිම ආසයි කියලා. එතකොට මම වැඩිය ගනන් ගත්තෙ නැහැ. ඒත් මම අද වෙනම ගමනක් යද්දි , එහෙම දේවල් ඇහෙද්දි පුදුම සතුටුයි. හැමෝම ඇහුවා ඇයි මම සින්දු කියන්නෙ නැත්තෙ කියලා. ඒකට හේතුව පොඩිකාලෙ ඉදලා මම වැඩියෙන්ම කැමති දෙය මට කරන්න ඉඩ දුන්නා. කොටට ඇදලා වීඩියෝ එකක් දැම්මාම බැනලා තිබ්බ වාරත් තියෙනවා. ඒත් තාත්තනම් කිව්වෙ කොටට ඇනදට කමක් නැහැ වැරදි වැඩ කරන්න එපා කියලා...෴ කවදාහරි මටත් ඕනෙ ඔයාවගේ මිනිස්සුන්ගෙ ආදරේ හොරකම් කරන්න. ඒ ගමනෙදි ඔයා මම එක්ක ඉන්නවා කියලා මම දන්නවා❤️"





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :