ads
News
Loading...

ලයිසන් එක ආණ්ඩුවෙන්




රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට පවත්වන පරීක්ෂණය බාහිර පාර්ශ්ව වෙතින් ඉටුකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුයි.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශ්ව වෙතින් ඉටුකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම තීරණය අවලංගු කර අදාල විභාගය රජය විසින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබූ බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශ්ව වෙතින් ඉටුකර ගැනීම සඳහා පසුගිය රජය 2017 වසරේදී ගත් තීරණය අවලංගු වන අතර එය පෙර පරිදි රජය විසින් පැවැත්වීමට කටයුතු කරන බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :