ads
News
Loading...

වෙරළ සංරක්ෂණය කර⁣න හ⁣රිම විදිය ⁣


වෙරළ සංරක්ෂණය සඳහා ආයතනයක් තිබේ.බොහෝ පනත් ක්‍රියාත්මක කිරීමේ ආයතනයද එම පනත මගින්ම ස්ථාපනය කල ඒවා වේ.යම් අවස්ථාවලදී එම ආයතනයේ ක්‍රියාවකටම පනත අදාල වන විට අන් අයටත් ආදර්ශයක් සැපයෙන පරිදි පනත ක්‍රියාවට නැඟීම එම ආයතනවල ඒකායන වගකීම වේ.
වෙරල කලාපය තුල සිදුකරන සංවර්ධන කටයුතු සඳහා වෙරල සංරක්ශන සහ වෙරල සම්පත් කලමනාකරන පනතේ 14 සහ 16 වන වගන්ති මගින් වෙරල සංරක්ශන සහ වෙරල සම්පත් කලමනාකරන දෙපාර්තමේන්තුව වෙත හිමිව තිබෙන සහ ජාතික පාරිසරික පනතේ නියෝගයක් මගින් මෙන්ම​,පනතේ 2011 අංක 49 දරන සංශෝධන පනතින් තව දුරටත් පුලුල් කර තිබෙන අභිමතානුසාරී බලය පිලිඹඳ පසුගිය දිනවල සිදුවූ කතාබහ මෙන්ම මගෙන් කල විමසීම් වලට හේතු වූ කරුනු මෙසේය​.
වෙරල කලාපය තුල සංවර්ධන කටයුත්තක් කරන්නේ නම් ඊට වෙරල සංරක්ශන සහ වෙරල සම්පත් කලමනාකරන පනතේ 14 වන වගන්තිය යටතේ අවසරයක් ලබා ගැනීම අනිවාර්‍යය අවශ්‍යතාවයකි.
නමුත්,අධ්‍යක්ශක​-ජනරාල් වරයාට අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවලදී එසේ 14 වන වගන්තිය යටතේ අනුමත කිරීමට පෙර ඒ සඳහා මූලික පාරිසරික විශ්ලේශනන වාර්තාවක්(Initial Environmental Examination)(IEE) හෝ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (Environmental Impact Assessment)(EIA)පිලියෙල කොට අනුමැතිය සඳහා ඉදිරිපත් කල යුතු බවට තීරනය කිරීමේ අභිමතානුසාරී බලතල පනත සම්මත වූ 1981 සිට තිබූ තත්වය වේ.
මේ බලතල වල විශාල ලෙස පුලුල් වීමක් සිදුවන්නේ 1988 අංක 56 දරන සංශෝධන පනත මගින් ජාතික පාරිසරික පනතටත් පරිසර අනුමැතිය ලබාදීමේ බලතල ලබාදීමත්,ඒ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා 1993.06.24 දිනැති අංක 772/22 දරන ගැසට් පත්‍රයේ පලවූ පාරිසරික අනුමැතියට අදාල නියෝගයන් තුලිනි.එයට හේතුව වූයේ එකී නියෝග මඟින්,නියමිත ව්‍යාපෘති ලෙස නම්කල කටයුතු සඳහා රටේ වෙනත් ප්‍රදේශ වලදී ජතික පාරිසරික පනතේ 23ආආ (23AA) වගන්තිය යටතේ අනිවාර්‍ය අවශ්‍යතාවයක් වන පාරිසරික අනුමැතිය වෙරල කලාපය බැහැර කොට ක්‍රියාත්මක කිරීම සඳහා එම පාරිසරික අනුමැතිය ලබාදීමේ ක්‍රියාපටිපාටිය​ වෙරල කලාපයෙන් බැහැර ප්‍රදේශ සඳහා සීමා කිරීම වේ.
මේ පියවර වෙරල කලාපයේ සිදුකිරීමට අදහස් කරන සංවර්ධන කටයුතු සඳහා ජාතික පාරිසරික පනත යටතේ අ නුමැතිය ලබා ගන්නවා වෙනුවට වෙරල සංරක්ශන සහ වෙරල සම්පත් කලමනාකරන පනත යටතේ අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය දිගටම එලෙසින්ම පවත්වා ගෙනයාම පිනිස ගත් පියවරක් විය​.
එනමුත්,මේ මඟින් නොදැනුවත්වම වාගේ ඇතිවුනු විශම තත්වය අපට නම් එදා එක්වරම පෙනීගිය දෙයක් විය​.එනම්,රටේ සෙසු ප්‍රදේශ වලදී අනිවාර්‍යයෙන්ම පාරිසරික අනුමැතියට ලක්විය යුතු කටයුතු වෙරල කලාපය තුල සිදු කෙරෙන්නේ නම් ඊට පාරිසරික අනුමැතිය හෙවත් මූලික පාරිසරික විශ්ලේශනන වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් පිලියෙල කොට අනුමැතිය ලබා ගැනීම අනිවාර්‍යය අවශ්‍යතාවයක් නොව අධ්‍යක්ශක​-ජනරාල් වරයාගේ අභිමතය අනුව සිදුවිය යුත්තක් බවට පත්වීම වේ.
වෙරල කලාපය විශෙශයෙන් වැදගත් සහ සංවේදී ප්‍රදේශයන් නිසාම වෙරල කලාපය රැක ගැනීම වෙනුවෙන් විශේශිතවම ක්‍රියාත්මක වීම සඳහා වෙරල සංරක්ශන සහ වෙරල සම්පත් කලමනාකරන පනත සම්මත වී තිබේ. එනිසා රටේ වෙනත් ප්‍රදේශ තුල අනිවාර්‍යයෙන්ම පාරිසරික අනුමැතියට යටත් කටයුතු සඳහාද වෙරල කලාපය තුල අදාල අනුමත කරවා ගැනීමේ ක්‍රියා පටිපාටිය අනුව ක්‍රියා කිරීමත් අත්‍යාවශ්‍යයෙන් අනිවාර්‍ය කටයුත්තක් විය යුතුව තිබුනත් සිදුව තිබෙන්නේ එයට හාත්පසින් වෙනස් සහ ඊට පටහැනි තත්වයකි.
මෙහි අභිමතානුසාරී බලතල අනර්ථකාරී භාවිතයන් බවට ඉතා පහසුවෙන් පත්වීමේ විශාල අවදානම අප කලින් සිට දැක තිබූ දෙයකි.නිදසුනක් ලෙස ගතහොත්,රටේ සෙසු ප්‍රදේශ වලදී පාරිසරික අනුමත කරවා ගැනීමට අනිවාර්‍යයෙන් ලක්විය යුතු ව්‍යාපෘතියක් ගත හොත්,වෙනත් ප්‍රදේශයකදී පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සහිතව ජාතික පාරිසරික පනත යටතේ අනුමත කරවාගැනිම අනිවාර්‍යය වන සහ පාරිසරික බලපෑම් අධික වීම නිසා අනුමෑතිය ලබාගත නොහැකි විය හැකි ව්‍යපෘතියක් සලකා බලමු. එය වෙනත් ප්‍රදේශයක් තුල අනුමත නොවිය හැකිමුත්,වෙරල කලාපය තුල ස්ථාපනය කරන්නට යන්නේ නම් ඊට පාරිසරික අනුමැතිය අනිවාර්‍ය අවශ්‍යතාවයක් නොව අධ්‍යක්ශක​-ජනරාල් වරයාගේ අභිමතය යටතේ පමනක් සිදුවන්නක් වේ.මේ තත්වය අනුව​,රටේ සෙසු ප්‍රදේශයක වූයේ නම් පාරිසරික අනුමැතිය ලබා ගැනීම දුශ්කර විය යුතුව තිබෙන හෝ නොහැකි වියහැකි පරිසරයට ඉතා අයහපත් ව්‍යාපෘතියක් වුවත්,කිසිම අපහසුවකින් තොරව මෙන්ම කිසිඳු පරිසර අනුමැතියක් හෝ නොමැතිව පනතේ 14 වන වගන්තිය යටතේ අනුමැතිය ලබාගත හැකි වනු ඇත​.නමුත්,මෙවන් තත්වයක් අත්තනෝමතික තීරනයක් වනු නිසැකය​.එමෙන්ම​,කිසිඳු වග කිවයුතු රාජ්‍ය නිලධාරියෙකු එසේ නොකරනු ඇති බවට අපට ඇතිතරම් තර්කනය කල හැක​.
නමුත් අප අතීතයෙන් නිරතුරුව නිසි පාඩම් ඉගෙන ගත යුතුමය.​එනම්,අත්තනෝමතිකත්වයට ඉඩකඩක් ලබා දී තිබේ නම්,එය එසේ නොවෙතැයි කියා හෝ අනාගත්‍යේදී කිසිවෙකු එසේ නොකරනු ඇතැයි වැනි සුභවාදී උපකල්පන මිනිස් ස්වභාවයට බොහෝවිට අනනුකූල බවයි.
වෙනත් ලෙසකින් කිවහොත්,වරදක් නීත්‍යානුකූල මුහුනුවරකින් කරන්නට අවකාශයක් ඉතිරි කර තිබ්බොත්,එසේ කෙනෙකු කල හැකි බව විශ්වාශ කර ඒවා වලක්වා ලීමට හැකි ඉක්මනින් ක්‍රියාකිරීම අනාගතය වෙනුවෙන් කල හැකි මෙන්ම කල යුතු වඩාත් ප්‍රශශ්ථ ක්‍රියාමාර්ගය වන බවයි.

මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග දෙකක් වේ. මේ දෙක එකිනෙකට පරස්පර විරෝධී නොව අනුපූරක ක්‍රියාමාර්ග නිසා එක්වර හෝ එකකට පසුව අනෙක් ක්‍රියාමාර්ගය ගැනීමේ ඉඩකඩ ඇත​.

* ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත 1993.06.24 දිනැති අංක 772/22 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශිත අනුමැතිය ලබාගත යුතු ව්‍යාපෘති ලේඛනයට ඉහලින් තිබෙන වෙරල කලාපය බැහැර කරන වාක්‍ය ඛන්ඩය ඉවත් කිරීම​.මෙවිට වෙරල කලාපයේ සිදු කිරීමට නියමිත සියලු නියමිත ව්‍යාපෘති සඳහාද ජාතික පාරිසරික පනත යටතේ අවසර ලබා ගැනීම අනිවාර්‍යය වනු ඇත​.එවිට​,පනතේ 16 වගන්තිය යටතේ පාරිසරික අනුමැතිය ඉල්ලා සිටීමේ අභිමතය​,ජාත්‍රික පාරිසරික පනත යටතේ අනුමැතියක් අත්‍යාවශ්‍ය නොවෙනත්,අවස්ථාවෝචිත කරුනු අනුව එවන් අනුමත කිරීමක් අවශ්‍යවේ යැයි අධ්‍යක්ශක​-ජනරාල් වරයාට හැඟෙන විටදී භාවිතා කල හැකි වේ.
++ මෙම පියවර අමාත්‍යවරයා විසින් නිකුත් කරන නියෝගයක් මගින් සිදුකල හැකි නිසා පනතක් සංශෝධනයක් මෙන් සංකීර හා කල්ගත වන්නක් නොව​,පහසු සහ කඩිනම් ක්‍රියාමාර්ගයක්ද වේ.

* පනතේ 16 වන වගන්තිය සංශෝධනය මගින් අභිමතානුසාරී බලය සීමා කිරීම සහ ඒ සඳහා සමගාමී අනුමැතියක් මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ සමුද්‍ර පරිසර ආරක්ශන අධිකාරියෙන් ලබා ගත යුතු බවට ප්‍රතිපාදනයක් එක් කිරීම.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :