ads
News
Loading...

සම්පත් බැංකුව වට්ටන්න වෙබ් කොන්තරාත් දුන්න මහ මොළකරු මෙන්න



දුන්න මහමොළකරු මෙන්න

බැංකු වට්ටන උසාවි විහිලුවට ගන්නා කළුකඩ වෙබ් මුදලාලිලා



ලෝකයේ ව්‍යාපාරිකයන් වර්ග දෙකකි. එක වර්ගයක ව්‍යාපාරිකයෝ සිය දහදිය මහන්සියෙන් ව්‍යාපාර ගොඩනගා, සිය දහස් ගණනක් සහෝදර ජනතාවට රැකියා ද ලබා දී, තමනුත් දියුණු වී, රටත් දියුණු කරති. දෙවැනි වර්ගයේ ව්‍යාපාරිකයන් කරන්නේ අනුන්ගේ ධාර්මික ව්‍යාපාර කඩාකප්පල් කර තමන්ගේ මඩිය තර කර ගැනීම ය. ඔවුන්ට ව්‍යාපාරිකයන් නොව ජාවාරම්කරුවන් කීම වඩා සුදුසු ය. විවිධ වර්ගයේ ජාවාරම් අතර වර්තමානයේ ඉහළින්ම සිටින ජාවාරම, කළුකඩ වෙබ් ජාවාරමයි. නීතිගරුක ව්‍යාපාරවලට මඩ ගසා ඔවුන්ගේ කීර්තිනාමය ප්‍රාණ ඇපයට ගෙන කරන මෙම වර්ගයේ ජාවාරම්, හුදෙක් ව්‍යාපාරිකයන්ට නොව රටට ම තර්ජනයකි. මෙම කළුකඩ වෙබ් මාෆියාවේ අලුත්ම ඉලක්කය වී ඇත්තේ ලංකාවේ කීර්තිමත් ම බැංකුවක් වන සම්පත් බැංකුවයි. "ගනුදෙනුකරුවන්ට වංචා කල බව සම්පත් බැංකුව අධිකරණයයේදී පිලිගනියි" යනුවෙන් ව්‍යාජ සිරස්තලයක් පවා යොදමින් මොවුන් කරන ක්‍රියාවේ ඇත්ත නැත්ත හෙළිකිරීම මේ ලිපියේ අරමුනයි.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු බවට පැවසෙන ගනුදෙනු සම්බන්ධ ගැටළුවක් මීට පාදක කරගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධව මේ වන විට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විමර්ශනය වෙමින් පවතී. ආරම්භයේ සිටම නීතිමය කටයුතුවලට සම්පත් බැංකුව සිය පූර්ණ සහය දැක්වූ අතර, පූර්ණ පාරදෘශ්‍යභාවයකින් යුතුව කිසිදු තොරතුරක් නොසඟවා අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔවුන් මුල සිට ම ඉදිරිපත් වූයේ අධිකරණයට සහ සියලු පාර්ශ්වකරුවන්ට උපරිම සාධාරණය ඉටුකරමිනි. ඒ බව තහවුරු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා ගරු අධිකරණයට කරුණු සැළකර ඇත. ඊට අමතරව අභ්‍යන්තර පරීක්ෂණයක් සහ ස්වාධීන විගණන ආයතනයක් මගින් තවත් පරීක්ෂණයක් ලෙස බැංකුවේ පූර්ණ වියදමින් පරීක්ෂණ දෙකක් පවත්වා එම තොරතුරු ද උසාවියට ලබා දී තිබේ. කරුණු මෙසේ තිබියදී, එම නඩුව ජුනි 11 වන දින යළි කැඳවන්නට ඒක පර්ශවික මෝසමක් ඉදිරිපත් විය. එහි ඉල්ලීම වී තිබෙන්නේ සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි කළමණාකාර අධ්‍යක්ෂතුමන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි.

මෙම නින්දිත උත්සාහය පසුපස සිටින්නේ කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැති වෛද්‍යවරයකු යැයි කියාගන්නා කැළුම් විරසිංහ නමැත්තකු වන අතර, ඔහු විසින් කිසිදු සුදුසුකමක් නොමැතිව ජනතාව මුළා කරමින් ඉපැයූ කළු සල්ලිවලට ලියන කළුකඩ වෙබ් ජාවාරම්කරුවන් පිරිසක් ද මීට එකතු වී සිටිති. කෙසේ වෙතත්, අධිකරණය වෙත දැනටමත් ඉදිරිපත් කර ඇති කරුණු මත සහ ස්වාධීන වෝහාරික විගණන වාර්තා මගින්ද අධ්‍යක්ෂ මණ්ඩලය හෝ කළමණාකාර අධ්‍යක්ෂ තුමන් වෙත එසේ සිතාසි නිකුත් කිරීම සදහා අවශ්‍යතාවක් නැති බව පැහැදිලි ව පෙනී තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ නඩුවට සාධාරණයක් ඉෂ්ට කිරීම නොව, සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය උසාවි ගෙනා බවට පුවතක් මවා එමගින් බැංකුව අපකීර්තියට පත්කිරීම බව ඉතා පැහැදිලි ය. එම ඉල්ලීම පසුපස ඇති කූට අරමුණ වටහාගත් ගරු අධිකරණය එම ඉල්ලීම ඉවත දැමුවායින් පසුව, ඔවුන්ගේ ඊළඟ පියවර වී ඇත්තේ නඩුවට අදාළ කරුණු සහමුලින්ම විකෘති කරමින් ව්‍යාජ පුවත් වාර්තා කිරීමයි.

ගරු අධිකරණය යනු රටක ස්වාධිපත්‍යය රඳා පවතින කුළුණු තුනෙන් එකකි. අධිකරණය සහ අධිකරණ කටයුතු පිළිබඳව ජනතාවගේ විශ්වාසය පැවතීම රටේ නීතිගරුක බවට අත්‍යවශ්‍ය කරුණකි. ගරු අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂියක් දීම පවා සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන පසුබිමක, කිසිදු බිය සැකකින් තොරව අධිකරණයේ ඉදිරිපත් වූ කරුණු අසත්‍ය ලෙස විකෘති කර වාර්තා කරන්නට සහ කිසිසේත් සිදු නොවූ දේ පවා සිදු වූවා යැයි වාර්තා කරන්නට තරම් බලපුළුවන්කාරකමක් මෙකී කළුකඩ වෙබ් මාෆියාවට ලැබුණේ කොහෙන්දැයි අපට විශාල ප්‍රශ්නයකි. මෙය හුදෙක්ම සම්පත් බැංකුවේ කීර්ති නාමයත් එහි අධ්‍යක්ෂක මණ්ඩලය සහ කළමණාකාර අධ්‍යක්ෂක තුමන් අපකීර්තියට ලක් කිරීමේ ක්‍රියාවක් පමණක් නොවේ. මෙය රටේ ගරු අධිකරණය පවා හෑල්ලුවට ලක් කරන බරපතළ අපරාධයකි. මෙම වංචනිකයන්ට එරෙහිව රටේ නීතිය දැඩිව ක්‍රියාත්මක වීම අවශ්‍ය යයි අප තරයේ කියාසිටින්නේ එහෙයිනි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :