ads
News
Loading...

බන්දුලගෙ නම වැටෙන චිත්‍රපටියක් ඡන්ද කාලෙ



ඡන්ද කාලෙට බන්දුලගෙ නම වැටෙන චිත්‍රපටියක් හෝල්වලට දාන්න ඉහළින් අණ ඇවිල්ලු.ඉතින් කොවිඩ් වලට කලින් පෙන්නපු චිත්‍රපටි හැම එකකටම මෙි නිසා ලොකු අසාධාරණයක්වෙල තියෙනව.
විශේෂයෙන් මෙවර මැතිවරණය තුල අදාල අපේක්ෂකයන්ගෙ මුහුණු නම් කටවුට් පවා ගලවන අවස්ථාවක මෙි ආකාරයට චිත්‍රපටියක් හරහා බන්දුල ගුණවර්ධන විසින්  තම නම යවා ගැනීමෙි ප්‍රචාරණයද නීති ⁣විරෝධී නොවෙිද.මෙි පිලිබදව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් වීම අත්‍යවශ්‍යයයි.
  සාමාන්‍යයෙන් චිත්‍රපටියක  ප්‍රචාරණය තුල නිෂ්පාදකවරයා ගේ නම පෝස්ටරය තුල ඩිජිටල් කැම්පේන්  හරහාආදිය ජනතාව  තුලට යාම ආදී කාරණා නිසා අනෙක් අපේක්ෂකයන් ට නොලැබෙන වාසි ලබාගැනීම ට බන්දුලටහැක.එසේම සිනමාහලේදී නාමවලිය හා පෝස්ටර් තුල පවා බන්දුල ගුණවර්ධනගේ නම පෙනෙයි.එමෙන්ම චිත්‍රපටියෙහි නිෂ්පාදක අංශය විසින් සෑම සිනමාහලක්ම අවශ්‍ය බවද පවසා ඇත.

මෙි පිලිබදව මැතිවරණ කොමසාරිස්වරයා ගේ අවධානය යොමුවිය යුතුය.වර්තමානයේ කොමිසම විසින් ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට විවිධ අපේක්ෂකයන කූඨ ක්‍රියාමාර්ග යොදා ගන්නා අතර මෙයද එවන් අවස්ථාවකි.  


ඒ පිළිබදව මෙි දිනවල තිරගතවන ඇවිලෙනසුළුයි චිත්‍රපටියෙ අධ්‍යක්ෂක චින්තන ධර්මදාස දැක්වූ අදහස පහළින්

ලැජ්ජයි මහත්වරුනි!!

ඊයෙ ජුනි 27 ෆිල්ම් එක පෙන්නන්න පටන් ගත්තා. අපි බලාපොරොත්තු වුනාට වඩා හොඳ තත්වයක ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබුන කියල ෆිල්ම් හෝල්වල අය කිව්වා. අපි ෆිල්ම් එක පෙන්නන්න තීරනය කරද්දි පෙන්නන්න තිබුන ෆිල්ම් ගොඩක් අවදානම හින්දම පස්සට ගත්තා. අපේ ෆිල්ම් එකත් පස්සට ගන්න කියල නොයෙක් විදිහෙ ඉල්ලීම් ආවා. ඒත් අපිට ඕන වුනේ ෆිල්ම් එක පෙන්නන්න. බලන්න කැමති අයට හෝල්වල නරඹන්න ඉඩ දෙන්න. ප්‍රධාන ධාරාවෙ මාධ්‍ය හැම එකක්ම වගේ අහිමි වෙලා තියෙද්දි අපේ ෆිල්ම් එක ගැන කතා බහ අරගෙන ගියේ ෆේස්බුක් යාලුවො. අපි ගැන වීඩියෝ සංවාද කළේ ඒ විදිහෙ වැඩවලට ආදරේ කරන යාලුවො. මුනගැහිලා නැති වුනත් කෝල් කරලා උදව් කරන්න ඉදිරිපත් වුන තව යාලුවො ගොඩක් ඉන්නවා. ඒ තමයි අපේ බලකාය. ඇඞ්වර්ටයිසින් කියල මිනිස්සු කිව්වට මං ඒකට කියන්නෙ ආදරය කියල.

ප්‍රධාන ධාරාවෙ මාධ්‍ය වලින් සහයෝගයක් නොදීමට අමතරව ඒ අය මෙහෙම ෆිල්ම් එකක් නොපවතී කියන තැන ඉඳන් වැඩ කරන්න ගත්තා කණගාටුදායක විදිහට. රේඩියෝ එකේ ප්‍රවෘත්තිවල පවා කිව්වෙ 2 වෙනිදා ඉඳන් ප්‍රදර්ශනය වෙන බන්දුල ගුනවර්ධනගෙ චිත්‍රපටිය ගැන. සිනමාව වෙනුවෙන් අවදානමක් අරගෙන ඉදිරිපත් වෙන මහා වීරයා විදිහට බන්දුලව ඉස්සරහට ගේන්න මාධ්‍ය හිරිකිත වෑයමක් දරනවා. ඊයෙ තිබුන රවීන්ද්‍ර මාලනී සහ චිත්‍රපට සංස්තා සබාපති සහභාගි වුන වැඩසටහනක්. එතනදිත් කිසිම කෙනෙක් කිසිම වචනයක් දැනට ප්‍රදර්ශනය වෙන ඇවිලෙනසුලුයි චිත්‍රපටිය ගැන නොකියන්න වගබලා ගත්තා. හැමෝම කතා කලේ කොරොනාවට පසු සිනමාව ගොඩගන්න එන බන්දුල වීරයා ගැන. සභාපතිවරයා වැරදීමකින් වගේ මෙහෙම කතාවක් කියනවා. දැන් අපි දකිනවා චිත්‍රපටි ශාලාවලට ප්‍රේක්ෂකයො පැමිනෙමින් තියෙනවා... ඒත් ඒ මොන ෆිල්ම් එක බලන්නද කියල එයා කියන්නෙ නෑ. ඒ මදිවට සියලු මන්ඩලවල බන්දුලගෙ ෆිල්ම් එක පෙන්නන්න පටන්ගන්නවා කියල කියනවා. ඒ කියන්නෙ දැනට අපිට තියෙන ෂෝටයිම්ස් ටිකත් අහිමි කරනවා කියන එක.

තව චිත්‍රපටි ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්න එක හොඳයි. ඒක ඇත්තටම ප්‍රේක්ෂකයන් සිනමාව කරා කැඳවන තත්වයක්. අපිට වඩා ලොකු සිනමා නිර්මාණවලට වඩා ලොකු අවස්තා හිමිවෙන එකත් හොඳයි. ඒත් මේ ඇත්තටම තවත් සිනමා කෘතියක පැමිනීමක්ද නැත්තං බන්දුල ගුනවර්ධනගෙ චන්ද කැම්පේන් එකේ කොටසක්ද කියල අපිට තේරුම් ගන්න සිද්ද වෙනවා.

මෙතන සිනමාව ගැන සංවාදයක් නෑ. ඒ නිර්මාණකරුවන් ගැන කතාවක් නෑ. කතාව තියෙන්නෙ සිනමාවේ වීරයා බන්දුල ගුනවර්ධන කියන එක. බන්දුල ගැන ටීවී සංවාද, බන්දුල ගැන පත්තර පිටු ගනං ලිපි, කොටින්ම පෝස්ටර් ගහන්න ඉඩ නැතත් බන්දුලට පෝස්ටර් ඉඩක්, මැතිවරන ප්‍රචාරක කටයුතු තහනම් වුනත් බන්දුලට කැම්පේන් එකක් මේ චිත්‍රපටිය හරහා විවෘත වෙනවා. අවුලක් නෑ. කොහොමත් දේශපාලනය එහෙමයි.

ඒත් අඩුම තරමේ කොරොනා අවදානම මැද්දෙ මුලින් පෙන්නන්න ඉදිරිපත් වුනේ ඇවිලෙනසුලුයි චිත්‍රපටිය කියන එක සඳහන් කිරීමේ සදාචාරයවත් මෙතන නෑ. මාස්ක් දාගෙන ඇවිත්, ඈතින් ඉඳගෙන සිනමාශාලා විවෘත වුනු පලවෙනි දවසෙම ඒක නරඹපු ප්‍රේක්ෂකයාට හිමිවිය යුතු ගෞරවයවත් මෙතන නෑ. චන්ද කැම්පේන් එකක් හින්ද චිත්‍රපටි මකා දමන වෑයමක කැත විතරයි දකින්න තියෙන්නෙ.

බන්දුලගෙ ෆිල්ම් එක කරපු නිර්මාණකරුවන්ට මං හදවතින්ම ආදරෙයි. තිරිමාදුර ඇවිලෙනසුලුයි චිත්‍රපටියෙත් චරිතයක් නිරූපනය කරන සහෘද නළුවෙක්. ඒත් සිනමාව මේ විදිහට දේශපාලනයට පාවිච්චි කිරීම පීචං. 

මාධ්‍යවලින් ඉතිහාසෙ වෙනස් කරන්න හදන එක පොහොට්ටුවෙ ජානවලින්ම එන උත්සාහයක්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :