ads
News
Loading...

සෙබලාව හොල්මන් කල අම්පාරෙ සැලුන් එක


කොවිඩ් හින්දා විවිධ ක්ෂේත්‍රවල ගාන වැඩිකරල.අද අපි කියන්න යන්නෙ අම්පාරෙදි සෙබලෙක් ගිය සැලුන් එකක්කරපු දෙයක් ගැන.

උපුටාගැනීම
අද මම #අම්පාර ටව්න් එකේ මහජන බැංකුව ඉස්සරහ තියන මේ සැලුන් එකට ගියා කොන්ඩේ කපන්න. ආර්මි එකේ ක්‍රමේට වටේ ෂේප් කරලා කපන්න කීවා. හිටිය පොර ඔන්න ඔහෙ කොන්ඩෙට ඇරලා දැම්මා. විනාඩි 5 කින් විතර එයාට ඕන විදියට මගෙ කොන්ඩේ කපලා බ්ලේඩ් එක මාරු නොකර වටේ ලයින් හදන්න ගියා. මම කීවට පස්සේ මූ තලේ මාරු කලේ. ඒ කරලා ගාන ඇහුවම 250 යි කීවා. යකෝ කොන්ඩේ කපන්න 250 ක්. ඒකත් මෙහෙම තැනකින් මෙහෙම කොන්ඩේ කෑවටත් පස්සේ. මම ඇහුව ඇයි අයියෙ එච්චර ගානක් කියලා. ඌ කියනව කොරෝනා නිසාලු. 😀මම ඇහුවා කොරෝනා නිසා මොකක්ද මේකේ ගාන වැඩිකරන්න හේතුව කියලා. ඌ කියනවා සනීපාරක්ෂක ගාස්තුලු. මම බැලුවා ඒ මොනාද ඒ කියලා. ආ ඔව්මයි. මෙන්න යකෝ අත හෝදන්න බේසමක් තියලනෙ ඇතුල් වෙන තැන. ෂා නියමයි.

මේ කොරෝනා නිසා වැඩියෙන්ම දුක් වින්දෙ සහ විදින්නෙ ආරක්ෂක අංශේ ඉන්න අපි. ඒකෙන් සමහර මිනිස්සු මෙන්න මෙහෙම අයුතු ප්‍රයෝජන ගන්නවා. කොන්ඩේ කපන්න මෙහෙම ගානක් අය කරන එක අසාධාරණයක්. හරි පහසුකම් දීලා 500 ක් ගත්තත් කමක් නෑ.

මම කීවා උට අපේ පැත්තෙනම් මෙහෙම ගානක් ගන්නෙ නෑ කියලා. ඌ කියනවා ගම් වල එහෙම උනාට ටව්න් වල මේ ගානලු. මම ඌව ට්‍රිප් එකක් එක්ක යන්න හිතන් ඉන්නෙ අපේ ගමට😀😀😀😀 මූ හිතන්න ඇති මම ඉතියෝපියාව දිහා කියලා.

මේව ගැන පාරිභෝගික අධිකාරිය, අම්පාර පොලීසිය, අම්පාර ව්‍යාපාර සංගම් වලින් හොයලා බලන්න.

සනීපාරක්ෂාව කියන වචනෙට සාධාරණයක් කරලා තිබුනනම් රුපියල් 250 ක් වෙනුවෙන් මේ පෝස්ට් එක දාන්නෙ නෑ එකෙන්ම.
(උපුටාගැනීමකි)
       
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :