ads
News
Loading...

තම නිරුවත් සිරුර පුතු ලවා සායම් කල රෙහානා ෆාතිමාට උසාවියෙන් දුන්නු දඩුවම



රිහානා පාතිමා සිය නිරුවත් සිරුර තම පුත්‍රයා ලවා සිත්තමි කර ගත්තා පමණක් නොව එය වීඩියෝවකට ගෙන #BodyArtandPolitics නම් හැෂ් ටැගය ඔස්සේ යූ ටියුබයට හා ෆේස් බුක් හරහා අන්තර්ඡාලයටද එක් කර තිබිණි
සදාචාරත්මක ඉන්දියානුවෝ කැළඹුනහ. තම දරුවාට සිය නිරුවත පෙන්වන මවක් මොන වගේ මවක්ද ?
ඇය එයට හෑෂ් ටෑගය හරහා මෙසේ පිලිතුරු දී තිබිනි
‘‘“තම මවගේ නිරුවත සහ එකී ශරීරය දැක ඇති කිසිම දරුවෙකුට කාන්තා ශරීරය අපයෝජනය කළ නොහැක. එමනිසා, කාන්තාවන්ගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ ව්‍යාජ මතයන්ට එරෙහිව එන්නත් ලබා දිය යුත්තේ නිවසේ සිටය.
”කෙ‍‍සේ වුව ශ්‍රේෂ්ඨාධිකරනය රිහානාට අසභ්‍ය සංස්කෘතියක් පැතිරවීමෙි චෝදනාවට වරෙන්තු නිකුත් කල පසු ඇය ශ්‍රේෂ්ඨාධිකරනයට බාර විය.
අරුන් මිශ්‍රගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ විනිසුරු මඩුල්ල ක්‍රියාකාරිකයාගෙන් ඇසුවේ “ඇයි ඔබ මේ සියල්ල කරන්නේ? වැඩෙන දරුවන්ට මින් ඇතිවන හැඟීම කුමක්ද? ”
එවිට ඇය මෙසේ පිළිතුරු දී තිබිනි
‘‘මම කලේ“තම දරුවන් සඳහා ස්ත්‍රී ස්වරූපය සාමාන්‍යකරණය කිරීමට ලක්කිරීමයි එවිට ලිංගිකත්වය පිළිබඳ විකෘති අදහස් ඔවුන්ගේ මනසෙහි පැතිරීමට ඉඩ ලැබෙන එකක් නෑ. මගේ පුතා “තම මවගේ ශරීරය, එය කුමක්ද සහ එයට නැති දේ කුමක්ද යන්න ගැන දැනුවත්ව වැඩිය යුතුයි. පන්සල්වල මූර්ති හා කාමුක දර්ශන වලින් කාන්තාවන්ගේ සිරුරු පිළිබඳ තොරතුරු ලබා ගැනීම වෙනුවට, ඔහු තම මවගෙන් ස්ත්‍රීත්වය ගැන ඉගෙන ගැනීම වඩා හොඳය. මා පවසන දෙය නම් සෑම නිරුවත්වීමක්ම ලිංගිකත්වයට සම්බන්ධ නොවිය යුතු බවයි. මගේ පුතාට එය තේරුම් ගැනීමට හැකි වේ යැයි මම විශ්වාස කරමි. ””
විනිසුරු මඩුල්ල ඔබ ක්‍රියාකාරිකයෙකු විය හැකි නමුත් මෙය මොන වගේ විකාරයක්ද? එය ඔබ පතුරවන අසභ්‍ය ක්‍රියාවකි. එය සමාජයේ ඉතා නරක රසයක් ඉතිරි කරනු ඇත, යනුවෙන් පවසා රිහානා පාතිමාව සිරගත කලේය

රෙහානා ෆාතිමා යනු ඉන්දියාවට හෝ මෙකී මතභේදයට අමුත්තෙක් නොවේ. . 2014 දී ඇය සිය සහකරු මනෝජ් කේ ශ්‍රීධර් සමඟ සදාචාරාත්මක පොලිස්කරණයට එරෙහිව කොචි හි පැවති මතභේදාත්මක ‘ආදරයේ හාදුව’ විරෝධතාවයට සහභාගී වූවාය. තවත් අවස්ථාවක, ඇය ත්‍රිෂූර් හි ජනප්‍රිය උත්සවයක් වන වාර්ෂික ඕනාම් නැටුමට (පුලිකාලි) සහභාගී වීමෙන් පිරිමි ආධිපත්‍යයේ බලකොටුවලට අභියෝග කිරීමට උත්සාහ කළාය
2018 ඔක්තෝම්බර් මාසයේදී ෆාතිමා රෙහේනා සබරිමාලා කන්දට නැගීමේදී ජාතික අවධානය දිනාගත්තේ ශ්‍රේෂ්ධිඨාධිකරණයේ සුවිශේෂී නියෝගය අනුව සියලු වයස්වල කාන්තාවන්ට සබිරිමාලා පන්සලට ඇතුළුවීමට ඉඩ සලසා තිබුණද ඉන්දීය කාන්තාවෝ පන්සලට ඇතුලුවීමට බියෙන් සිටි මොහොතකය. වසර දහස් ගණනක් දෙවොල් භූමියට කාන්තාවන්ට ඇතුලු වීමට අවසර නොවීය. සබිරිමාලා තහනමි දෙවොලට ඇතුලුවී ඡයග්‍රාහීව සිය නිවෙසට පැමිණෙන විට නිවෙස කුඩු පටිටමි වී තිබිණි.
එම වසරේ නොවැම්බරයේදී ෆේස්බුක් හරහා ආගමික හැඟීම්වලට අපහාස කිරීමේ චෝදනාව මත ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නඩු සම්බන්ධයෙන් දින 18 ක සිර දඩුවමක් විඳීමෙන් පසු ඇයට මහාධිකරණයෙන් කොන්දේසි සහිත ඇප ලැබුණි.
ඇයගේ ක්‍රියාව නිසා සමාගමේ කීර්ති නාමය නරක් වී ඇතැයි පැවසූ රෙහානා සේවය කල බීඑස්එන්එල් සමාගම ඇයව ටෙලිකොම් කාර්මික ශිල්පිනි තනතුරෙන් මෙි වසරේ නෙරපා හැරියේය.
ඒ රෙහේනා ෆාතිමාය මෙි !
================================================
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :