ads
News
Loading...

සිංදු කියන ආරියසේනට මොකද වුනේ




" මා ලගටම තව ලං වෙලා
හිදින්න නිහඩ නුවන් පියා "
මාගේ සියලුම සහෘද කලාකාමී හිතවත් මිතුරන් වෙත මහත් ගෞරවාදරයෙන් සටහන් තබමි.
ඩබ්ලිව්.ඩී.ආරියසිංහ යනු ගායන ශිල්පියකු හා බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් ලෙස අතිදක්ශ තාල තරංග ( තබ්ලා ) වාදන ශිල්පීයෙකි. එතකුදු නොඉඳ හෙතම මාගේ ගෞරවනීය ස්වාමිපුරුෂයා බව මා කෙරෙහි නොදත් සියළුම සංගීත ශ්‍රාවක රසිකයින් හා කළාකාමී ගායන-වාදන ශිල්පීන්ට නැවතත් පසක් කරන්නේ ඉතා සතුටකිනි.

ආර්.ඒ.දර්ශණී චන්ද්‍රසේන වන මා, මෙරට ගායන වාදන සංගීත කලා ඉතිහාසයේ ජීවත් වූ සුප්‍රකට සංගීතවේදී ආර්.ඒ.චන්ද්‍රසේන මහතාගේ සහ එම ශ්‍රියානි චන්ද්‍රසේනයන්ගේ දියණියයි.

විශ්ව විද්‍යාලයීය කථිකාචාර්යවරියක වන මා පාසල් සංගීත ක්ෂේත්‍රයේ බස්නාහිර පළාතේ හිටපු සංගීත අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක් වූ උපාධිධාරීනියක්ද වෙමි. තවදුරටත් සඳහන් කරන්නේ නම් බටහිර සංගීත ඩිප්ලෝමාධාරිනී සහ ලලිතකලාවේදී , විශාරදය දක්වා වූ සංගීත ක්ෂේත්‍රයේ ඉහළම අධ්‍යාපනය ලැබූ අයෙක්මි.
මේ වන විට මා ආර්.ඒ.චන්ද්‍රසේන කලායතනයේ , පියෑනෝ, වයලීන්, ගිටාර්, ගායනය වාදනය ඉගැන්වීම් කරනා සංගීත ගුරුවරියකි.එසේම මාගේ ස්වාමි පුරුෂයාද කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ හිටපු ප්‍රධාන සංගීතාචාර්‍යවරයකු වූ අතර හෙතෙම සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය සංගීත උපාධිධාරී වරයෙකි.
මෙලෙස අප දෙදෙනා පිළිබඳව මෙවැනි අනපේක්ෂිත මොහොතක විශේෂයෙන් උපුටා දැක්වීමට හේතු පාදක වූ කරුන නම් ආරියසිංහයන් මේ වන විට තරමක ශාරීරිකව රෝගාතුරව එහෙත් ඉතාම යහපත් මානසික සෞඛ්‍යමය තත්වයෙන් සහ මනා අවබෝධයකින් හෙබි සිහි කල්පනාවෙන් දෛනික දිවිය ගත කරමින් සිටිනා බව සඳහන් කිරීමටයි.කතා බහ, ආහාර අනුභවය ආදී සියල්ල සහ තමාගේ පෞද්ගලික දුරකතන පවා තවමත් ඔහු සුපරීක්ෂාකාරී ලෙස හසුරුවන්නකු බව දැකීම පවා අපට නම් සාමාන්‍ය දෙයකි.

එහෙත් මීට මාස කීපයකට ඉහත ඔහු විසින් දහවලකදී නිවස අසල අයකු සමඟ යම් සුහද කතා බහක යෙදී සිටියදී පය ලිස්සා ගොස් බිම ඇද වැටුනු අතර ඔහුට එය තරමක් පීඩාකාරී ලෙස උකුල් අස්ථියේ පසෙකට වන්නට බිඳී ගියෙන් 64 වියැති ඔහුට එය යතා තත්ත්වයට පත්කර ගැනීමට යම් කාලයක් ගතකල යුතු බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටියේය.ඒ අතර ඔහුට අවශ්‍ය සියලුම ඇප උපස්ථාන අප විසින් මනා කොට සම්පාදනය කර ඇති අතර පවුලේ සාමාජිකයන් හා මාගේ දරුවන් එය මනාව අවබෝධකොට ගෙන ඉදිරියට කරගෙන යනු ලබයි. තවදුරටත් පවසන්නේ නම් Nursing Home ආයතනයකින් පෞද්ගලික හෙද වරයෙකු ස්ථිර ලෙස ආරියසිංහයන් අසළ 24 පැය රඳවා සිටිනුයේ කිසිදු මූල්‍යමය පැකිලීමක් අපට කිසිලෙස නැති වගට තවත් පසක් කරමිනි.
මා මෙලෙස මගේ පෞද්ගලික තොරතුරු මෙතුවක් නිහඬව සිට එම නිහැඬියාව බිඳීමට් හේතුව මෙසේ වේ.එසේ නැතහොත් පුරසාරම් දෙඩීමක්ද නොවේ.නමුත් අතිශය නිහඬ දිය අතිශය ගැඹුරු බවත්, නෝට්ටු පසෙකලා සිල්ලර කාසි හඬනගනු ඇති බවත් පැවසීමට මට සිතින.

(කතාව කෙටි කරමු)
ආරියසිංහයන්ගේ සුවදුක් බැලීමට පැමිණි එක්තර පහත් මානසික රෝගියකු ආරියසිංහයන්ට අසනීපයෙන් යුතු වග දැන එම පුද්ගලයා විසින් මාගේ ගෞරවනීය ස්වාමිපුරුෂයා ඇඳමත සිටියදී , ඉතාම රහසිගතව එම තොරතුරු චායාරූපයට නගා ඒවා Whatsapp / Facebook ආදී නොයෙකුත් සමාජ ජාලා තුළ ඉතාම පහත් ලෙස ප්‍රචාරය කරඇති බව අප පවුලේ පෞද්ගලික නීතිඥවරයාට ලද තොරතුරකින් පසු මා ඒ පිළිබඳව උත්සුක වුනෙමි.
එම පුද්ගලයා ඔහුගේ දරුවා මාගේ සංගීත ආයතනයට බඳවා ගන්නා ලෙස ඉල්ලූවිට එය හුදෙක් මාගේ ජංගම ගිණුම් අංකය ලබාගැනීමට ගත් වෑයමක් ලෙස මා නොසිතූයේ එවැනි පහත් මනසක් මා තුළ කිසිසේත් ජනිත නොවන බව මා දන්නා නිසාවෙනි.එනිසා මා එම පැමිණි පුද්ගලයන් දෙදෙනාටම රාජකාරීමය ලියාපදිංචි කල Business Card පතක් ලබා දුනිමි. මෙම පුද්ගලයා එම ජංගම දුරකථන අංකය රැගෙන සමාජ ජාලා තුල පලකරමින් ආරියසිංහයන්ගේ චායාරූ සහිතව , අප පවුල වෙත උපකාර කරන ලෙස ඉල්ලා ඇත්තේ ඔහුගේ පෞද්ගලික මූල්‍යමය අවශ්‍යතාවයන්ට බව අප පෞද්ගලික නීතිඥවරයා විසින් ඔහු ලුහුබඳිමින් අප වෙත ප්‍රකාශ කර සිටියේය.අප ඔහු සොයාගෙන අවසනය.

අපට කිසිදු අයුරක මූල්‍යමය අර්බුදයක් නොමැත.සැමියා / දරුවන්ගේ පියා විකීණීමට තරම් ආරියසිංහ සහ චන්ද්‍රසේන පවුල දුබල නැත. මෙය හුදෙක් නූගත් ක්‍රියාවක් මිස අපගේ කිසිදු සම්බන්ධයක් නොමැති එකකි.
මාගේ සහ W.D.ආරියසිංහයන්ගේ සියලුම ගෞරවනීය සහෝදර ශිල්පීන්, කලා රසිකයින් සියල්ලන්ගෙන් මා කරනා එකම
ගෞරවනීය ඉල්ලීම නම් ඔහුට ඉතා සැහැල්ලු විවේකයක් පමණක් අවශ්‍ය බවත්, ඔහු මනා වූ මානසික සුවයෙන් වෙසෙන බවත්ය.
තවද ඔහුගේ සුවදුක් විමසන ඔබ; රෝගියකු චායාරූපයට නගා සමාජ ජාලා ගතකිරීමට තරම් පහළට නොයන බව මා විශ්වාස කරමි.
විශේෂයෙන්ම "YOUTUBE" වැඩසටහන් සඳහා ඔහු ඉදිරිපත් කිරීමට තරම් අප ධීනයන්ද නොවෙමු. VIEWS සඳහා වෙනත් උපක්‍රමයක් භාවිතා කරන්නේ නම් අප ඉතාම සතුටුවෙමු. ආරියසිංහයන් බැලීමට එන මාගේ ආදරණීයයන් සියල්ටම අපගේ ගෞරවනීය ආදරය බිඳකුදු අඩු වන්නේ නම් නැත.තෙරුවන් සරණයි
ස්තුතියි

ආර්.ඒ.දර්ශනී චන්ද්‍රසේන.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :