ads
News
Loading...

රටම කම්පා කළ මහනුවර අනුවෙිදනීය සිදුවීම






මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලක්, නිවසක් මතට කඩාවැටී එම සුන්බුන්වලට යට වී සිටි අඹුසැමි යුවළගේ සිරුරු ගොඩගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම සිද්ධියෙන් මාස එකහමාරක් පමණ වයසැති බිළිඳෙකුට ද දිවි අහිමි විය.

පස්මහල් ගොඩනැගිල්ල එම නිවසමතට වැටෙන විට එහි අඹුසැමි යුවළක්, ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳා සහ තවත් කාන්තාවක් දෙදෙනෙක් සිට තිබේ.

ඉන් කාන්තාවන් දෙදෙනා අනතුර සිදුවූ අවස්ථාවේදී ම බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හා පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.


කෙසේ වෙතත් මෙම හෝටලය පහලින් වතුර ගලායන මාර්ගයක් නිසා කාලයක් තිස්සේ එය සිදුවීම නිසාම මෙම තත්වය උද්ගතව ඇතිවූ බව නවතම වාර්තා පවසයි.අවිධිමත් ඉදිරිකිරීම් නිසා කාලයක් තිස්සේ මහනුවර ගොඩනැගිලි කිහිපයක්ම වසර කිහිපයක් තිස්සේ පොළොවට ගිලා බහින තත්වයක් දක්නට ලැබෙි.මෙි පිළිබදව නිවැරදි අනාවැකි කීමට නොහැකි නම් මිනිස් ජීවිත රැකගන්නට තවදුරටත් අවධානම් ප්‍රදේශ වලින් මිනිසුන්ව මුදාගැනීමට ප්‍රමාද නොවිය යුතුය.

මෙම සිදුවීමෙන් මිය ගිය චමිල ප්‍රසාද් වයස අවුරුදු තිස් හතරක තැනැත්තෙක් වන අතර අචලා ඒකනායක වයස අවුරුදු තිස් දෙකක නීතිඥවරියකි.දෙදෙනාම පහුගිය නොවැම්බ⁣රයේ විවාහයට පත්වූ අයවන අතර ඔවුන්ගේ බිලිදිය මාස දෙකක් සපුරා තිබුනා පමණි.




මියගිය චමිල සහ අචලා අඔුසැමි යුවල




මාස දෙකක බිළිදිය සොයාගන්නා විටත් ඇය මෙ⁣ලොව හැර ගොස් සිටියා.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :