ads
News
Loading...

කියවන අය වෙනුවෙන් වීදි පොත් ගුලක්



Street Library, Megoda Kalugamuwa, Peradeniya, Sri Lanka
ලංකාවේ වීදි පොත්ගුල් චාරිකා (1)
මෙගොඩ කළුගමුව, පේරාදෙණිය
පසුගිය 2020 පෙබරවාරි මස කොරෝනා බිය දසතින් එල්ල වෙද්දී, කැනඩාවේ නිවාසවලට අප හිරවී සිටි සමයේ මගේ මහත්තයා පොත්ගුලක් පිළිබද පැවසූ තොරතුරකට අනුව පුංචි වෙනසක් සදහා වීදියක් දිගේ ඇවිදගෙන යන ගමනේදී වීදි කොනක තිබූ පුංචි පොත්ගුලක් මා සිතේ හීනයක් පැල කරන ලදී. එදිනම එම පොත්ගුල පිළිබඳ මූණු පොතේ සටහන් කර සති කීපයක් යද්දී තවත් වීදියක ගසක එල්ලූ පොත්ගුලක් මගේ හීන පැලයට වතුර බින්දු එකතු කරන ලදී. දිනෙන් දින මෙසේ ඇවිද යද්දී වික්ටෝරියාව පුරා මෙවැනි පොත්ගුල් සිය ගණනක් ඇති බව දැකගන්නට ලැබුණි. අගෝස්තු මස මැදදී මමත් මහත්තයත් එකතුවෙලා ෆේස්බුක් පිටුවක් නිර්මාණයකොට කැනඩාවේ වික්ටෝරියා නගරයේ ඇති මේ පොත්ගුල් පිළිබඳ සටහන් තබමින් පොත්ගුල් චාරිකාව ඇරඹූයේ ලංකාව තුළ මෙවැනි සිය ගණන් දහස් ගණන් පොත්ගුල් ඇරඹීමේ සිහිනය දකිමිනි.
පසුගිය අගෝස්තු මස මෙම පිටුව ඇරඹීමට පෙර මහත්තයාගේ තාත්තා හරහා අපේ ගමේ වඩුකාර්මික මහතෙකු ලවා කුඩා පොත්ගුල දැවයෙන් නිර්මාණය කර ගැනීමට ඇණවුම බාර දුනි. ඒ සඳහා වික්ටෝරියාවෙ වීදි පුස්තකාලයන්හි ඡායාරූප මඟින් අදහස් ලබා දුනි.
ඒ අතරතුර කලණ මිතුරන් සේම මූණු පොත හරහා හඳුනාගත් සැබෑ මානව හිතවාදීන් මා දිරිමත් කළ අතර පොත් ලබා දීමටත් එකගතාව පළ කරන ලදී. මේ අතරතුර අප හිතවත් පේරාදෙණියේ ධනංජනී අක්කා ඈ අසළම පදිංචිවී සිටින ඇගේ සොයුරු සොයුරියන්ගේ දරුවන් භාවිත පොත් තිස් දෙකක් ද චන්දීපනී දියණිය අගනා පණිවිඩයක් ද සටහන් කරමින් පළමු වීදි පොත්ගුල සඳහා රැගෙන එන ලදී. මා නිතර ගමන් කරන ත්‍රී රෝද රථයේ රියදුරු ලලිත් මහත්මාත්, ඔහුගේ සොයුරු වඩුකාර්මික මහතාත් ලබාදුන් සහයෝගයට ස්තුතිවන්ත වෙමි. මගේ පෞද්ගලික පුස්තකාලයෙන් තාත්තා ලවා දුරකථන මාර්ගයෙන් පොත් ද තෝරා එක් රැස් කර ගත් පොත් ඇතුළුකොට වීදි පොත්ගුල් සිහිනය මුහුදු හතක් එතෙර සිට හැබෑ කර ගත්තෙමි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පේරාදෙණිය මෙගොඩ කළුගමුවේ දී එම වීදි පොත්ගුල දැන් ඔබ හමුවෙ ඇත.
මෙය බොහෝ දෙනෙකුගේ සහයෝගයෙන් කැපවීමෙන් එළි වූ සිහිනයකි.
මෙම පොත්ගුල අසලින් අසල වූ බොහෝ දුගී දුප්පත් මිනිසුන් වෙසෙන බටුවත්ත ගමටත් ඉතා දිළිඳු දරුවන් ඉගෙන ගන්න ඉල්ලගොල්ල විද්‍යාලයට යන දරුවන්ටත් මෙම පොත්ගුලෙන් ආලෝකයක් වේවි.
අපේ මූණු පොත්වල සිටී මිතුරු මිතුරියන් එකතු කරගනිමින් සාමාජිකයන් දෙසිය ගණනක් මේ වන විට අපේ වීදි පොත්ගුල් පිටුවට එකතු වී ඇත. මා දුටු පොත්ගුල් සිහිනය හවුලේ දකින්නට පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරූ එප්පාවල නිසංසලා සෙනෙවිරත්න, විවෘත විශ්වවිද්‍යාලය තුළ අනාගත පරපුරට අගනා මෙහෙවරක් කරලා දැනට ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය සඳහා පැමිණ සිටින ආචාර්ය අයෝම් ඉරුගල්බණ්ඩාර එකතු විය. දිනපතා විවිධ අදහස් වලින් හා පෝෂණය කළ ඇය සමග හවුලේ දුටු මෙහෙ සිහිනය වඩා පොහොසත් බව මට දැනුණි. මේ අපේ එහි හීනයකි. ඇගේ සැමියා ඩෙනිස් සහ ඇය මුහුණු පොතේ තැබූ සටහනකට ඉතා සහයෝගශීලී සිතින් අප සමග එක් වූ මිතුරු කපිල මහතාත් සුමනා විජයරත්න, ආචාර්ය අනොමා අල්විස්, නිල්මා කරුණාරත්න මෙම හීනෙට තවත් අඩිතාලමක් දැමීය.... දැන් අප සියළු දෙනා එක්ව අපේ හීනය සැබෑ කර ගැනීමේ පාරේ දිගු දුරක් ගමන් කර ඇත. රීති පොත්ගුල් පිටුවේ සටහන්වලට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය අමරසිරි ද සිල්වා රෝහන ධර්මකීර්ති ඇතුළු බොහෝ දෙනෙක් පොත්පත් ලබා දෙමින් සහයෝගයද ලබාදීමට කැමැත්ත පළ කර ඇත. අප සියලු දෙනා එකතු වී මෙවැනි පොත්ගුල් රැසක් ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටුවීමටත් අත හිත දෙන ලෙසත් , හැකියාව ඇති අය තමන්ගේම නිවෙස් ඉදිරිපිටStreet Library, Megoda Kalugamuwa, Peradeniya, Sri Lanka
ලංකාවේ වීදි පොත්ගුල් චාරිකා (1)
මෙගොඩ කළුගමුව, පේරාදෙණිය
පසුගිය 2020 පෙබරවාරි මස කොරෝනා බිය දසතින් එල්ල වෙද්දී, කැනඩාවේ නිවාසවලට අප හිරවී සිටි සමයේ මගේ මහත්තයා පොත්ගුලක් පිළිබද පැවසූ තොරතුරකට අනුව පුංචි වෙනසක් සදහා වීදියක් දිගේ ඇවිදගෙන යන ගමනේදී වීදි කොනක තිබූ පුංචි පොත්ගුලක් මා සිතේ හීනයක් පැල කරන ලදී. එදිනම එම පොත්ගුල පිළිබඳ මූණු පොතේ සටහන් කර සති කීපයක් යද්දී තවත් වීදියක ගසක එල්ලූ පොත්ගුලක් මගේ හීන පැලයට වතුර බින්දු එකතු කරන ලදී. දිනෙන් දින මෙසේ ඇවිද යද්දී වික්ටෝරියාව පුරා මෙවැනි පොත්ගුල් සිය ගණනක් ඇති බව දැකගන්නට ලැබුණි. අගෝස්තු මස මැදදී මමත් මහත්තයත් එකතුවෙලා ෆේස්බුක් පිටුවක් නිර්මාණයකොට කැනඩාවේ වික්ටෝරියා නගරයේ ඇති මේ පොත්ගුල් පිළිබඳ සටහන් තබමින් පොත්ගුල් චාරිකාව ඇරඹූයේ ලංකාව තුළ මෙවැනි සිය ගණන් දහස් ගණන් පොත්ගුල් ඇරඹීමේ සිහිනය දකිමිනි.
පසුගිය අගෝස්තු මස මෙම පිටුව ඇරඹීමට පෙර මහත්තයාගේ තාත්තා හරහා අපේ ගමේ වඩුකාර්මික මහතෙකු ලවා කුඩා පොත්ගුල දැවයෙන් නිර්මාණය කර ගැනීමට ඇණවුම බාර දුනි. ඒ සඳහා වික්ටෝරියාවෙ වීදි පුස්තකාලයන්හි ඡායාරූප මඟින් අදහස් ලබා දුනි.
ඒ අතරතුර කලණ මිතුරන් සේම මූණු පොත හරහා හඳුනාගත් සැබෑ මානව හිතවාදීන් මා දිරිමත් කළ අතර පොත් ලබා දීමටත් එකගතාව පළ කරන ලදී. මේ අතරතුර අප හිතවත් පේරාදෙණියේ ධනංජනී අක්කා ඈ අසළම පදිංචිවී සිටින ඇගේ සොයුරු සොයුරියන්ගේ දරුවන් භාවිත පොත් තිස් දෙකක් ද චන්දීපනී දියණිය අගනා පණිවිඩයක් ද සටහන් කරමින් පළමු වීදි පොත්ගුල සඳහා රැගෙන එන ලදී. මා නිතර ගමන් කරන ත්‍රී රෝද රථයේ රියදුරු ලලිත් මහත්මාත්, ඔහුගේ සොයුරු වඩුකාර්මික මහතාත් ලබාදුන් සහයෝගයට ස්තුතිවන්ත වෙමි. මගේ පෞද්ගලික පුස්තකාලයෙන් තාත්තා ලවා දුරකථන මාර්ගයෙන් පොත් ද තෝරා එක් රැස් කර ගත් පොත් ඇතුළුකොට වීදි පොත්ගුල් සිහිනය මුහුදු හතක් එතෙර සිට හැබෑ කර ගත්තෙමි. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පේරාදෙණිය මෙගොඩ කළුගමුවේ දී එම වීදි පොත්ගුල දැන් ඔබ හමුවෙ ඇත.
මෙය බොහෝ දෙනෙකුගේ සහයෝගයෙන් කැපවීමෙන් එළි වූ සිහිනයකි.
මෙම පොත්ගුල අසලින් අසල වූ බොහෝ දුගී දුප්පත් මිනිසුන් වෙසෙන බටුවත්ත ගමටත් ඉතා දිළිඳු දරුවන් ඉගෙන ගන්න ඉල්ලගොල්ල විද්‍යාලයට යන දරුවන්ටත් මෙම පොත්ගුලෙන් ආලෝකයක් වේවි.
අපේ මූණු පොත්වල සිටී මිතුරු මිතුරියන් එකතු කරගනිමින් සාමාජිකයන් දෙසිය ගණනක් මේ වන විට අපේ වීදි පොත්ගුල් පිටුවට එකතු වී ඇත. මා දුටු පොත්ගුල් සිහිනය හවුලේ දකින්නට පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරූ එප්පාවල නිසංසලා සෙනෙවිරත්න, විවෘත විශ්වවිද්‍යාලය තුළ අනාගත පරපුරට අගනා මෙහෙවරක් කරලා දැනට ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය සඳහා පැමිණ සිටින ආචාර්ය අයෝම් ඉරුගල්බණ්ඩාර එකතු විය. දිනපතා විවිධ අදහස් වලින් හා පෝෂණය කළ ඇය සමග හවුලේ දුටු මෙහෙ සිහිනය වඩා පොහොසත් බව මට දැනුණි. මේ අපේ එහි හීනයකි. ඇගේ සැමියා ඩෙනිස් සහ ඇය මුහුණු පොතේ තැබූ සටහනකට ඉතා සහයෝගශීලී සිතින් අප සමග එක් වූ මිතුරු කපිල මහතාත් සුමනා විජයරත්න, ආචාර්ය අනොමා  අල්විස්, නිල්මා කරුණාරත්න මෙම හීනෙට තවත් අඩිතාලමක් දැමීය.... දැන් අප සියළු දෙනා එක්ව අපේ හීනය සැබෑ කර ගැනීමේ පාරේ දිගු දුරක් ගමන් කර ඇත. රීති පොත්ගුල් පිටුවේ සටහන්වලට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය අමරසිරි ද සිල්වා රෝහන ධර්මකීර්ති ඇතුළු බොහෝ දෙනෙක් පොත්පත් ලබා දෙමින් සහයෝගයද ලබාදීමට කැමැත්ත පළ කර ඇත. අප සියලු දෙනා එකතු වී මෙවැනි පොත්ගුල් රැසක් ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටුවීමටත් අත හිත දෙන ලෙසත් , හැකියාව ඇති අය තමන්ගේම නිවෙස් ඉදිරිපිට මෙවැනි කුඩා පුද්ගල පිහිටවා මෙම පොකුරට එකතු වන මෙන් ද ඉල්ලා සිටිමි.
මෙම පොත් ගුලෙන් ගෙන යන පොත් නැවත ලැබේ දැයි මම නොදනිමි. එහෙත් මට එක බලාපොරොත්තුවක් ඇත. පොත් ගෙනියන අය අතරින් එක් අයෙකු හෝ කියවා එම පොත නැවත පොත් ගුලට රැගෙන ඒමයි. එවිට මෙය ලාංකේය සමාජයේ හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානයි
දුල්මා කරුණාරත්න......
30/09/2020
Photo - Chandeepani and Lalith මෙවැනි කුඩා පුද්ගල පිහිටවා මෙම පොකුරට එකතු වන මෙන් ද ඉල්ලා සිටිමි.
මෙම පොත් ගුලෙන් ගෙන යන පොත් නැවත ලැබේ දැයි මම නොදනිමි. එහෙත් මට එක බලාපොරොත්තුවක් ඇත. පොත් ගෙනියන අය අතරින් එක් අයෙකු හෝ කියවා එම පොත නැවත පොත් ගුලට රැගෙන ඒමයි. එවිට මෙය ලාංකේය සමාජයේ හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානයි
දුල්මා කරුණාරත්න......
30/09/2020
Photo - Chandeepani and Lalith
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :