ads
News
Loading...

නවීන කේක් කලාවෙහි හොදම තැන මෙන්න


ලෝකෙ යාවත්කාලීන නෙවෙන කිසිම දෙයක් නැති තරම් .කේක් කලාවත් අන්න ඒ වගේ ඉතින් ගොසිප්ලන්තය mission සාකච්චාවට අද අපි සමඟ එකතුවුනේ ඩිලීෂියස් කේක් ඇන්ඩ් ඩෙකරේටින් ස්කූල් හා මූලිකයා වෙච්ච ⁣ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පිනී ජූඩ් දිසානායක මහත්මියයි

🔴වයස අවුරුදු දහතුනෙදී  කේක් පන්තියකට ගියා...

🔴උපන්දින සාදවල නැතිවම බැරි ස්වීට් ටේබල් ට්‍රීට්ස් සදහා පාඨමාලාව ඒ කාලෙ මුලින්ම හදුන්වාදුන්නෙ අපි

කේක් නිර්මාණ කලාව තුල ජූඩ් ගැන නිතරම අහන්න දකින්න ලැබෙනව.ඉතින් දැනගන්න කැමතියි මෙි නිර්මාණ කලාව තුල ආරම්භය ගැන?

පොඩිකාලේ ඉදන් අපේ ගෙදර ටිකක් කේක් වලට පොඩි හුරුගතියක් තිබුනා. මහ ගෙදර මගේ බාප්පා කෙනෙක් රැකියාව කලේ කේක් සම්බන්දව. මට නිතර නිතර විවිධ කේක් දකින්න , කන්න ලැබුනා. වෙඩින් කේක් හදනවා දකින්න ලැබුනා. ඒ වගේම මට වයස 13 දී වගේ ක්ලාස් එකකට ගියා. සති දෙක තුනක් වගේ කාලයක් ගියේ . උගන්වපු දේවල් හරි හැටි නොතේරුනාට ඒ දවස් වල හරි ආසාවෙන් ගියේ කේක් හදනවට වඩා ඒ අය දෙන කේක් ශෙයා එකට.. කාලයත් එක්ක මට කේක් අමතක වෙලා ගියා... හැබැයි කොහේ කොතැන දැක්කත් මං විවිධ කේක් වර්ග වල රහ බලන්න අමතක කලේ නෑ ඒ මං කේක් කන්න ගොඩක් ආස කල නිසා ...
මං 2001 ඉතාලියට ගියාම එහේ තිබුනෙ ටිකක් වෙනස් විදිහෙ කේක්.. පැණිරස අඩු ටිකක් වතුර ගතිය වැඩි කේක් ( විපින් ක්‍රිම් යොදලා හදපු ස්පොන්ජ් කේක්) ලංකාවේ රස රස අයිසින් වර්ග වලට ආස කල මට ඉතාලියේ කේක් වල රහට හුරු වෙන්න මට සෑහෙන කාලයක් ගියා . ඉතාලියේදි 2008 මගෙ උපන්දිනයට ලංකාවෙ කෙනෙක්ගෙන් හදවන් ගෙනාව කේක් එකට ආස හිතුනා එදා හිතුනා අනේ මටත් ඒ වගේ කේක් හදන්න පුලුවන් නම් කියලා.. කේක් එක හදපු ලංකාවේ අක්කාගෙන් ඇහුවා මටත් උගන්වන්න පුලුවන්ද කියලා. එයා හා කියලා මට බඩු වගයකුත් ගන්න කිව්වා ... ඒ කාලේ ඉතාලියේ වැඩිය ඩෙකරේටඩ් කේක් ජනප්‍රිය නැති නිසා මට ඒ කියපු බඩු ලංකාවෙන්ම ගෙන්න ගන්න වුනා... ඒ ටිකත් ලෑස්ති කරන් මං බලන් හිටියා ඒ අක්කා කේක් ක්ලාස් එක පටන් ගන්නකන්. ඒ අතරතුර ආශාව වැඩි කමටම මං අන්තර්ජාලය හරහා කේක් සම්බන්ද ලිපි එහෙම කියවනවා හොයාගෙන.. අන්තිමේදී ඒ අක්කා මට උගන්වන්න බෑ කිව්වා.. එදා මට ගොඩක් දුක හිතුනා මොකද ලංකාවෙ විදිහට කේක් හදන තැන් ඉතාලියේ වැඩිය නැති නිසා ඉගෙන ගන්න විදිහක් නෑ කියලා මට දැනුන නිසා. මං උත්සහය අත හැරියෙ නෑ දිගටම අන්තර්ජාලයෙන් කේක් සම්බන්ද රූප, හදන ක්‍රම සහ විස්තර හොය හොයා තනියම බටර් අයිසින් වලින් ඩිසයින් පයිපින් කරන්න උත්සහ කලා ..කේක් බේක් කලා ... ඒ දවස් වල අද වගේ කේක් සම්බන්දව youtube වීඩියෝ තිබුනේ නෑ බල බලා හදන්න තරම්.
ඒ වගේම තව මිලානො වල ඉන්න හිතවතියක් මට එයා ඉගෙන ගත්ත කේක් නෝට්ස් පොතම ගෙනත් දුන්නා මං ආස නිසා ඒක කොපි කර ගන්න කියලා ..ඒකත් බලාගෙන මං ටිකෙන් ටික කේක් හදන්න පටන් ගත්තා... ඒ හදපු කේක් වලට මගෙ නෑදෑයෝ හිතවතුන් හරි කැමති වුනා ඒ අයගෙ සාද වලට මගෙන් කේක් මිලදී ගන්න පටන් ගත්තා .
ඔය අතර 2010 දී මට මගේ ගුරුතුමිය ශකිලා ලියනපතිරන මහත්මිය ගැන අහම්බෙන් දැනගන්න ලැබුනා.. මගේ කේක් සෑදීම වගේම ඒ සම්බන්දව වැඩිදුර ඉගෙන ගැනීමේ ආශාව ඒ වෙද්දි ගොඩක් වැඩිවෙලා තිබුනේ. ඒ නිසාම මං එතුමිය විසින් බ්‍රේශියා නගරයේ පවත්වපු පලමුවන කේක් ප්‍රදර්ශනය බලන්න ඉතාමත් උනන්දුවකින් ගියා. 


ඉන්පසුව ඇයට නිතර නිතර කතා කරලා මිලානෝ වල ක්ලාස් කරන්න කියලා ආරාධනා කලා.. ඇයගේ ශකී කේක් ඇකඩමියෙන් මං වසර කිහිපයක් කේක් ඩෙකරේටින් , අයිසින් මල් , රෝයල්. අයිසින් යන තුන් අංශයෙන්ම ඉගෙනුම ලබා ඩිප්ලෝමා සහතිකය ලබාගත්තා. ඒ වගේම වසර 3 ක් එම පාසලේ කේක් තරග වලට සහභාගී වෙලා විවිධ අංශ යටතේ අඛන්ඩව පලමු ස්ථාන , අති විශිෂ්ඨ සම්මාන වගේම තරගයේ විශිෂ්ඨම කේක් නිර්මාණය වැනි ස්ථාන  දිනා ගත්තා.
එනනිනුත් නොනැවතුන මං ඉතාලි රජයේ හා සමගාමීව පවත්වනු ලබන පෞද්ගලික ඉතාලි පේස්ට්‍රි සහ රසකැවිලි පාසලකට ඇතුලත් වී පේස්ට්‍රි චෙෆ් කෙනෙක් හැටියට ඉතාලී පේස්ට්‍රි සහ රසකැවිලි සම්බන්දව පාඨමාලාවක් හැදෑරුවා , ඉන් පසුව එංගලන්තයේ නයිට්ස්බ්‍රිජ් හී PME කේක් ඩෙකරේටින් ජාත්‍යන්තරය පාසලේ අනුශාකාවක් වන මිලානෝහී ඉටෑලියන් කේක් ඩෙකරේටින් ස්කූල් හී මගේ මාස්ටර්ස් ඩිප්ලෝමාව අවසන් කලා . ඉන් නොනැවතුන මගේ කේක් ඉගැනීමේ ආශාව ජාත්‍යන්තර කේක් නිර්මාණ ශිල්පීන් ‍පසුපස හබාගියා. ඉතාලිය ,එංගලන්තය, ජර්මනිය , අයර්ලන්තය , රුසියාව, ඇමරිකාව, ඉන්දියාව ,මැලේශියාව වගේ රටවල ආචාර්ය වරුන්ගෙන් කේක් හා සම්බන්ධ විවිධ පාඨමාලා රාශියක් හැදෑරුවා අදටත් හදාරමින් පවතිනවා..


හැම කලාවක්ම අලුත් වෙනව කේක් කලාවත් එහෙම අලුත් වෙනවද?

ඔව් දවස ගානේ අලුත් වෙනවා ඒකනේ මං අදටත් ඉගෙන ගන්නවා කියලා සදහන් කලේ... ඒ වගෙමයි ඒ අලුත් දේවල් ඉගෙන ගන්න එකත් එක්තරා විදිහක පිපාසයක් වගේ.. අපේ පාඨමාලා වලත් විෂය මාලාවන් මේ නවීන ක්‍රම වලට සමගාමීව අලුත් වෙනවා ...

උදාහරණයක් ලෙස අප පාසලේ ඉගැන්වෙන සියලුම පාඨමාලා ගන්න පුලුවන් ..

කේක් ඩෙකරේටින් පාඨමාලාවේදී අපි ලංකාවේ වර්තමාන ප්‍රවනතාවයට අනුව විශාල ඉල්ලුමක් ඇත් කේක් සාදා ගන්නටද , නවීන අයිසින් වර්ග සාදා ගැනීමට මෙන්ම ෆොඩන්ට් සතුන් මිනිස් ආකෘති ආශ්‍රයෙන් ලස්සන කේක් නිර්මාන කර ගන්නා ආකරය, යුරෝපීය සහ ශ්‍රී ලාංකික ක්‍රමවේද යටතේ ඉගැන්වීම් කරනවා...

ස්වීට් ටේබල් ට්‍රීට්ස් පාඨමාලාව ගත්තොත් අද කාලේ උපන්දින උත්සව වලට නැතුවම බැරි අංගයක් වෙලා.. චොක්ලට් සහ කේක් වගේම තවත් රස කැවිලි භාවිතා කර ගනිමින් ලස්සන ලස්සන හුරුබුහුටි ඩෙකරේෂන්ස් වලින් උත්සවයේ කේක් එකේ තේමාවට සමගාමීව කේක් එක තබන මේසය පුරාවට සරසා ගන්න අපි කවුරුත් කැමතියි .ඒ දේවල් හදන්න දැනන් හිටියේ ලංකාවෙ බොහොම සීමිත පිරිසක් පමණයි. ඉගැන්වූයෙත් සමහර රසකැවිලි පමණයි. අපි ආඩම්බරයෙන් කියනවා ලංකාවේ ප්‍රතම වරට මේ දේවල් සාදන විදිහ කියලා දෙන්න වෙනම පාඨමාලාවක් හදුන්වා දුන්නෙ අපේ පාසල හරහා කියලා...අද වෙද්දි මං දැක්කා ස්වීට් ටේබල් ට්‍රීට්ස් යනුවෙන් විවිධ අය පාඨමාලා ආරම්භ කරලා තියෙනවා ...

ඩෙසට් පාඨමාලාවේත් මං බෝහොමයක් මුල්තැන දුන්නෙ පිටරට වල අතුරුපස සාදාගන්නා විදිහ කියලා දෙන්නයි ඉතාලිය මෙක්සිකෝව ඇමරිකාව ප්‍රංශය වැනි විවිධ රටවලට ආවේනික අද වෙද්දී ලංකාවේ ඉතාමත් ඉල්ලුමක් ඇති අතුරුපස වර්ග ඒ ඒ රටවලට ආවේනික නිවැරදි රෙසිපි වලට අනුකූලවයි අපි උගන්වන්නෙ ..

අපේ පාඨමාලා අතර වඩාත් ජනප්‍රියයත්වයක් උහුලන්නෙ අයිසින් මල් නිර්මාණයකරණයයි. අපේ පන්ති වල උගන්වනු ලබන අයිසින් මල් බොහොමයක් ස්වභාවික මල් වලට සමානව සාදා ගන්නයි අපි උගන්වන්නෙ.. ඒ සදහා විවිධ රටවල ගුරුවරුන් යටතේ මං ලබාගත් දැනුම බොහෝසේ ප්‍රයෝජනවත් වුනා. නවීන ක්‍රම , මෙවලම් විතරක් නෙමෙයි අපි කමිබි අමුනන විදිහ , වර්ණ ගන්නවන විදිහ , වගේම වර්ණ ගැන්වීමට පින්සල් අතින් අල්ලන කරන ක්‍රම පවා විවිධ ආකරයට අපි ඉගැන්වීම් කරනවා ..

ලෝකෙ නවීන ශිල්ප ක්‍රම ඉගෙනගත්දි අපේ අයට මෙි දේවල් ඉක්මනින් අල්ලගන්න පුළුවන් වෙනවද?නැත්නම් ඒකට වැඩි කාලයක් යනවද?

මෙහෙමයි ඒක රදා පවතින්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයා මතයි . මං විශ්වාස කරන දෙයක් කියනවා. කැමැත්තයි උත්සහය කැපවීම මේ 3 තියෙනවා නම් තමන්ට කරන්න බැරි දෙයක් නෑ කියන එක. මෙතනදී ශිල්පය නවීනද පැරණිද කියන එක නෙමෙයි අදාල වෙන්නෙ තමන් ඉගෙන ගන්න හිතන විෂයට අපි කොයිතරම් උනන්දුයිද ආසයිද ඒ ප්‍රමාණයටම ඒ අය එම විශය වෙනුවෙන් කැපවෙන්නත් ඕනේ එහෙම වුනොත් ඕනෑම නවීන ශිල්ප ක්‍රමයක් බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් වෙනවා



අපේ රටෙි කේක් හදන අය ගොඩක් හිටියත් ප්‍රමිතියට මෙි වැඩෙි කරන්න කියල දෙන කෙනෙක් විදියට ඔබ ප්‍රසිද්ධයි.

මං ගැන එහෙම හිතනවට ගොඩක් ස්තුතියි . මං කරන දේ හරියාකාරව කරන්න කැමති කෙනෙක්.. ක්ලාස් එකකදි වුනත් මං දන්න ශිල්පය ඒ ආකාරයටම ලමයින්ට දෙන එක තමයි මගේ පරමාර්ථය . හේතු දෙකක් නිසා හිතට එකගව බොරු කියාදීලා වත් හංගගෙන උගන්වලා වත් මුදල් හම්බ කරන්න මං කැමති නෑ. මොකද ලමයෙක් පන්තියකට සහබාගී වෙන්නෙ ගොඩක් බලාපොරොත්තු තියාගෙන .ඉතිං බාගෙට හෝ වැරදි දෙයක් උගන්වුවොත් මං අද මේ ලබන සතුට මට කවදාවත් ලබාගන්න බැරි වෙනවා.ඒ වගේමයි මේ කර්මාන්තය හරි ආකාරයට අපෙන් පස්සෙත් ඉදිරියට යා යුතුයි කියන තැන මං ඉන්නෙ. අපේ ගුරුවරු අපිට හරිදේ එදා නොදුන්නා නම් අපිට වුනත් උගන්වන්න වෙන්නෙ බොරු නේ...
ඒ වගේමයි මං නිතරම මගේ සිසු සිසුවියන්ට කියන්නෙ කිසිම හේතුවක් නිසාවත් වෙලදපොලේ තියෙන ලාබ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලයි.. අපි පන්තියේදීත් පාවිච්චි කරන්න ගන්න සියලුම අමුද්‍රව්‍ය වුනත් ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු දේවල් ඒක අපේ ලමයි දන්නවා .අපි කැමති නෑනේ මුදල් දීලා වස විස කෑමට ගන්න ඒ නිසා අනිත් අයට කරන දේ වුනත් අපේ පාරිභෝජනයට ගන්නවා කියල හිතලා කේක් හදන්න ඕනේ

කේක් වර්ග එක්කම යන දෙයක් වර්ණ භාවිතය ඒ ගැනත් දැනගන්න කැමතියි

කේක් හදන අපි වර්ණ ගැන බොහෝසේ ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන් මං වර්ණ භාවිතා කරද්දි හරිම පරිස්සම්. කෙක් එකක් වුනාම රස වගේම ලස්සනත් තිබිය යුතුයි . අද වෙද්දි කේක් ව්‍යාපාරය බොහෝ ව්‍යාප්ත වෙලා තියෙන්නෙ සමාජ මාධ්‍ය අන්තර්ජන්ජාලය හර්හා. එතකොට කේක් එකක් අවශ්‍ය කෙනෙක් ඉස්සෙල්ලම බලන්නෙ ලස්සන කේක් එකක් කියන දේ හිතේ තියාගෙන.. පාරිභෝගිකයා සොයන ඒ ලස්සන අපි දෙන්න නම් අපේ නිර්මාණ වලට හරියාකාරව වර්ණ ගලපන්න අපි දැනගෙන ඉන්න ඕනේ. උත්සවය අනුව වේලාව අනුව පුද්ගලයාගෙ රුචිය අනුව එකිනෙකට වෙනස් කරන්න අප දැනගෙන සිටිය යුතුයි.. අපේ පන්ති වලදි සිසුන්ට ක්‍රමාක්‍රමයෙන් ඒ දේවල් උගන්වනවා ...
විශේෂයෙන් අපේ අයිසින් මල් පන්තියට සහභාගි වන සිසුන්ට ඒ අවස්ථාව වැඩි වශයෙන් ලැබෙනවා. මොකද අපි අන්ථර්ජාතිකව ඉගෙන ගත් විශේෂිත වූ ස්වභාවික ක්‍රම වලට අනුවයි මලකට වර්ණ ගන්වන්නෙ... අපේ අයිසින් මල් දකින ඕනම කෙනෙක්ට එය පසක් කර ගන්න පුලුවන් වෙයි කියලා මං හිතනවා .


දැනට ඔබ ආයතනය මගින් කේක් පාඨමාලාව නිසා ගෝලයන් කොපමණ බිහිවෙල ඉන්නවද ඒ අය ගැන ඔබට දැනෙන දේ?

මං කේක් උගන්වන්න පටන් අරන් දැනට අවුරුදු 3ක් පමණ වෙනවා. මුල් කාලයේදී ඉතාලියේ මිලානෝ නගරයේත් පසුව ඉතාලියේ නගර කිහිපයකත් පාඨමාලා වලට සිසු සිසුවියන්  65     ක් පමණ දෙනා සහභාගී වෙලා තියෙනවා ඒ වගේම වරින් වර නිවාඩුවට ලංකාවට ආව අවස්ථාවේදීත් පසුගිය වසර මුලුල්ලේ ලංකාවේ හිටිය නිසා මේ වෙද්දි කොහොමටත් විවිධ පාඨමාලා හරහා මං සිසුන් 150 කට කේක් සම්බන්දව ඉගැන්වීමට හැකියාව ලැබිලා තියෙනවා ...ඒ වගේම ලංකාවේ විවිධ නගර වලින් වගේම ලොව පුරා විසිරී සිටින කේක් ලෝලීන්ගෙන් මට ආරාධනා ලැබෙමින් පවතිනවා ඔවුන්ටත් සහභාගි වෙන්න පුලුවන් දුරකට ඇවිත් උගන්වන්න කියා...
මගෙන් මේවන විට ඉගෙන ගත්ත සිසු සිසුවියන් තමගේම කේක් ව්‍යාපාර පමණක් නෙමෙයි කේක් සහ මල් ඉගැන්වීම්ද ආරම්භ කරලා තියෙනවා.. මං හැම වෙලේම හැමෝටම උපදෙස් දෙන්නෙ හරි දේ අරගන්නවා වගේම තවත් කෙනෙක්ට හරි දේ දෙන්න කියලයි... අද වෙද්දි දසත විහිදිලා ඉන්න මගේ ගෝලයන්ගේ දක්ෂකම් ගැන මං ගොඩක් සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා.. මං ලබන ලොකුක ජයග්‍රහණයක් ඒ අයගෙ දවස ගානේ ඒ අය්ගෙ දක්ෂකම් දැකීම.

ඇතැම් අය තම කේක් දැනුම ලබාගැනීම සහතික⁣යකින් අවසන් කරනව.ක්ෂේත්‍රයේ  ඉන්නව නම් තව දේවල් අත්හදා බැලිය යුතුයි නේද

වත්මන් සමාජයේ ගොඩක් දේවල් සහතිකයක් මත පදනම් වෙලා ඉවරයි. කේක් වලටත් ඒ දේම තමයි වෙලා තියෙන්නෙ. අපිට කතා කරන ගොඩක් දෙනා අහන්නෙ. කේක් පාඨමාලාවේ අන්තර්ගතයට වඩා ලැබෙන සහතිකයේ අන්තර්ගත දේවල් ගැනයි. ඒකටත් හේතුවක් තියෙනවා , වත්මන් සමාජයේ ගොඩක් අය හුරුවෙලා ඉන්නෙ තවත් කෙනෙක් කරන දෙයක් කරන්නන් වාලේ තමුනුත් අනුකරණය කරන්න හදන එක. එහෙම අයට විශය ගැන හැගීමකට වඩා තවත් කෙනෙක්ට වඩා කැපී පෙනීමේ අවශ්‍යතාවයක් තියෙන්නෙ. අන්න එහෙම එන අය බොහෝවිට සහතිකය මත පදනම් වෙලා සහතිකයෙන් කෙලවර වෙනවා. ඒත් මේ කලාවට සැබෑ ආසාවකින් උනන්දුවකින් එන අය නව අත්හදා බැලීම් එක්ක සාර්ථකව ඉදිරියටම යනවා.. අන්න ඒකයි අවශ්‍ය වෙන්නෙ ...

විශය කරුණු දිගේ ඉදිරියට යාමයි අවශ්‍ය වෙන්නෙ.



කේක් ව්‍යාපාරය පටන්ගත්දි ඉගැන්වීම් පටන්ගත්තදි තිබුනු බාධා මොනවද


පටන් ගැනීමේදී නම් කිසිම බාධාවක් තිබුනේ නෑ.. කරගෙන යද්දී යම යම් බාධා එල්ල වුනා.. දුක හිතුන අවස්තාත් තිබුනා ඒත් ඒ හැමදෙයක්ම මගේ ශක්තියක් කරගෙන මං අදටත් අවංකව බොහොම නිහඩ ගමනක් යෙදෙනවා...

අනාගතයේ දී මෙි ව්‍යාපාරය පුළුල් කරන්නත් අදහසක් තියෙනවද?

එහෙම අදහසක් නැතුවමත් නෙමෙයි . දැනටත් අපේ පාඨමාලා වල ශ්‍රී ලාංකීය වගේම යුරෝපීය කේක් , අතුරුපස සහ අයිසින් මල් සම්බන්දයෙන් නවීන ක්‍රම ඉගැන්වීම් කරනවා. කොහොම නමුත් ඉදිරියේදී අපේ පාඨමාලාවලට සහභාගි වෙන සිසු සිසුවියන්ට තව තවත් නවීනතම ක්‍රමවේද වලට අනුව සැකසුන විශේෂිත ක්‍රමයන් යටතේ ලංකාවේ පිලිගත් කේක් ඉගැන්වීමේ පාසලක් තුල විෂය මාලා හැදෑරීමට අවස්තාවක් ලැබෙයි..






කෙනෙක්ට ඔබගේ පාඨමාලා සදහා සම්බන්ධ වෙන්න ඔිනැ නම් සම්බන්ධ විය යුතු ආකාරය


අප පාසලේ cake baking and decorating / sugar flowers / desserts / sweet table trats යනුවෙන් පාඨමාලා කිහිපයක් කරගෙන යනවා . මේ දවස් වල අය්සින් සීනි මල් (sugar flowers) පාඨමාලාව කෙරෙමින් පවතිනවා. නව පාඨමාලාවලට සභාගී වෙන්නට කැමති අයට පුලුවන් අපේ දුරකතන අංකයට 0712572413 කතා කරලා හෝ whatsapp හරහා විස්තර ලබාගෙන පාඨමාලා සදහා ලියාපදිංචි වෙන්න.

වික්‍රමසිංහපුර බත්තරමුල්ල හි පිහිටා ඇති එම ආයතනයෙහි පිටුව https://www.facebook.com/deliciouscakes.judydissanayake/ ෆේස්බුක් එක.




ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පිනී සහ උපදේශිකා ජූඩි දිසානායක මහත්මිය




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :