ads
News
Loading...

දවස ගෙවෙනවා දැනෙන්නෙ නෑ




පුතාගෙ නම සශිල් නේතන් ව්ජේසූරිය..

අපි කොච්චි වල වැඩකලෙත් පොඩ්ඩා හම්බෙන්න ඉත්දිමයි...


කොච්චි ගායනා කණ්ඩායමෙි " නැටලි තිලකරත්න " මෙි දවස්වල ඉන්නෙ ගොඩක් සතුටින්ලු.ඉතින් ඒ ගැන විස්තර එක්කම ගොසිප්ලන්තය "අලුත් ම ආදරේ " සංවාද ඉඩකඩ සදහා සතිඅන්තයෙ ගොඩවුනේ ඇය.

* නැටලි මෙි කාලේ ඉන්නෙ ගොඩක් සතුටින්.ඉතින් කියන්නකො ඒ සතුට ගැන?

සතුටු වෙන්න හේතු කීපයක්ම තියනවා. මේ දවස් වල වැඩියෙන්ම සතුටින් ඉන්නේ මම මව් පදවිය ලැබූ නිසා. හැමදේම අලුත් අත්දැකීමක්. ඒවත් එක්ක සතුටින් කාලය ගෙවනවා.

* අර කිව්ව අනිත් හේතු ටිකත් කියමු බලන්න

ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නවා උපේකා නිර්මාණී ගේ ප්‍රමුඛත්වයෙන් පටන්ගත්ත අපේ අලුත් ම වැඩේ. ඒ තමයි "කොච්චි"
කොච්ච් වලට ලැබෙන ප්‍රතිචාර සහ ආදරය නිසා ඉන්නේ ගොඩක් සතුටින්.
ඒ වැඩ කටයුතුත් කරගෙන සතුටින් ඉන්නවා.


* දැන් අලුත් අමුත්තා එනකන් නැටලි වගේම සැමියත් කොච්චර සූදානම් වෙනවද?දවස ගතවෙන විදිහ?

අමුත්තා නම් මේ වෙද්දිත් ඇවිල්ලා ඉන්නේ
දවස ගෙවෙනවා නම් දැනෙන්නේ නෑ. ඇත්තටම ජීවිතේ ලබන අලුත්ම වෙනස් ම අත්දැකීමක්. ඒ හැමදේකටම හුරු වෙමින් ඉන්නවා.
සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා හැමදේකටම.හැමදේම හොයල බලනවා. ඒවගේම මතක් කරන්න ඕනේ මගෙ දෙමව්පියන් ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හැමෝම ලබන්න මම ඇත්තටම වාසනාවන්තයි.

* අමුත්තාව දකිත්දි මුල්ම අත්දැකීම කවදාවත් අමතක කරන්න බැරි දෙයක්.කොච්චි සොහොයුරියන්ගෙන් ලද ප්‍රතිචාරයත් කියමු

ඔවි. ඒ අවස්ථාව වචනයෙන් විස්තර කරන්න බෑ. මොනතරම් අපහසුතා මැද්දේ හිටියත් ඒ මොහොතේ එ හැමදෙයක්ම අමතකයි. අපි වගේම කොච්චි සොහොයුරියන් මග බලාගෙන හිටියේ අමුත්තා එනකන්. මොකද අපි කොච්ච් වල වැඩ කලෙත් පොඩ්ඩා හම්බෙන්න ඉද්දිමයි. මෙතෙක් කල ගොඩක් නිර්මාණ කලේ එයත් එක්ක.
එගොල්ලෝ හරිම සතුටු උනා. මේ තියන වාතාවරණය එක්ක තාම බලන්න එන්න බැරි උනත් නිතරම අපේ සැපදුක් හොයලා බලනවා.

* කලාකාරිනියක් විදියට මෙි දවස්වල රසික සුභ පැතුම් ගලාගෙන එනව ඇති නේද?

ඔව්. සුභ පැතුම් නම් ගොඩක් ලැබෙනවා.

* පුංචි සිගිත්තගෙ නමත් කිව්වොත්

පුතාගෙ නම සශිල් නේතන් ව්ජේසූරිය.

* නැවතත් කොච්චි එකක් එකතුවෙලා අලුත් ගීතයක් කරන්නෙ ඉන්නෙ කොයිකාලෙදිද?

කොච්චි එක්ක අලුත් වැඩ කීපයක්ම සැලසුම් කරගෙන යනවා. මෑතකදී අපේ පලමු නිර්මාණය release කලා. තවත් ලස්සන අලුත් නිර්මාණ කීපයක්ම ඉක්මනටම  බලාගන්න අවස්ථාව ලැබෙයි.

* කතාබහ අවසන් කරන්න කලින් ගොසිප්ලන්තය " අලුත්ම ආදරේ " විශේෂාංගය ගැන නැටලිගෙ අදහස ගැනත් කියමු.

ඇත්තටම කිව්වොත් මෑත කාලයේ අපි හැමෝම තොරතුරු දැනගන්න වැඩියෙන්ම යොදාගන්නේ මේ මාධ්‍යයි. ඉතින් එහෙන් මෙහෙන් අහුලගත්ත බොරු තොරතුරු පල කරන අය අතරේ, ඒ ඒ පුද්ගලයින් සමගින් කතා බහ කරලා නිවැරැදි තොරතුරු ලබා දෙන නිර්මාණාත්මක වැඩක් කියලා තමයි මට හිතෙන්නේ.








කොච්චි ගායිකාවන් එකතුවෙල අවසන්වරට නිකුත්කල ගීතයේ පෝස්ටරය


MR LOVE - Official Music Video 



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :