ads
News
Loading...

මෙය ක්‍රීඩා පිටියක් කරගන්න එපා



රංගන ශිල්පියෙක් හෝ ගායකයෙක් හෝ ජනප්‍රියත්වයට පත් තැනැත්තියක් විසින් තම ක්ෂේත්‍රයේ දේ ප්‍රකාශයට පත්කරන ෆේස්බුක් පිටුවලට වැටෙන අසැබි හෝ අපහසුතාවයට පත්වන කමෙන්ට් නිසා අදාල පුද්ගලයන් විවිධ අයුරින් ආතතියටපත්වෙනව.
  මෙහි ආසන්නම අවස්ථාවක් දිනයකට පෙර ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ දැක්වූ ප්‍රතිචාරය හරහා අපට වාර්තා වුනා.

හේමාල්ගේ සටහන


  මාගේ Facebook පිටුව මා මෙතෙක් කාලයක් භාවිතා කලේ රංගන ශිල්පියෙකු ලෙස මාගේ වෘතීමය අළුත් තොරතුරු මට ආදරය කරන්නවුන් සමග බෙදා හදා ගැනීමටත්, නොයෙකුත් සමාජීයව කාලීනව වැදගත් මාතෘකාත් වගකීමැති පුරවැසියන් සමග සන්නිවේදනය කරගැනීමටත්ය.

මෙය ඔබේ ක්‍රීඩා පිටිය බවට පත් නොකරන ලෙස කාරුණිකව ආදරණීයව ඉල්ලා සිටිමි.

ස්තුතියි

උපුටාගැනීම අවසන්

    කෙසේ වෙතත් මෙම සටහනට මුල්වන්නේ රසිකාවියන්ගෙන් ලැබෙන වෙනස් විදිහේ කමෙන්ට් නිසාමය.ඒවා ඇතැම් ඒවා රසිකාවියන් ලෙස දක්නට ලැබුනද නව පරපුරේම හේමාල්ගේ කාලයේ දී  නළුවෙකු බවට පත්වූ අයෙකු කලා යැයි දැන් දැන් හේමාල්ගේ රසිකයන් හට ඇත්තේ කුකසකි.එම නළුවා විසින් කොණ්ඩය හා රැවුලද හේමාල් ලෙස වවාගෙන සිටින අතර අනෙකාව අපහසුතාවයට පත්කිරීමට වෑයම් නොකර දක්ෂතාවයෙන් ඉදිරියට යන්නට කවුරුන් හෝ ඔහුට කියා දිය යුතුය.මෙි බැව් මෙි දිනවල ෆේස්බුක් ගිණුම් කිහිපයකම සටහන්ද විය.


ෆේක් රසිකයන්

 මෙය සිනමාවට පමණක් නොව අනිකුත් ක්ෂේත්‍රවලට ආවෙිණික අතර මෙම රසිකයන් අදාල පුද්ගලයා විසින් කරන උසිගැන්වීම් වලට තව කෙනෙකුගේ මානසික මට්ටම කඩා වට්ටවන්නත්,ෆේස් බුක් ෆලෝස් ප්‍රමාණය අඩුකිරීමත් ඉලක්කය වී තිබේ.මෙය පිටුපස එක්තරා පෞද්ගලික බැංකුවක රැකියා කරන මැදිවියේ කාන්තාවක්ද සිටින බව රසිකයෙකුගේ කමෙන්ටුවකම සදහන් විය.

කෙසේ වෙතත් මෙි හරහා හේමාල්ගේ දක්ෂතාවයට පහරක් ගැසිය නොහැකි අතර ඔහු අභියෝග හමුවෙි ඉදිරියටම යන්නට ගොසිප්ලන්තය සුභ පතන්නෙමු.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :