ads
News
Loading...

මම පරෙස්සමට චරිත තෝරගෙන වැඩ කරන කෙනෙක්



පහුගිය දවස්වල එක්තරා ඡායාරූප පෙළක් ගැන කතාබහ වුනා.ලංකා බණ්ඩාරනායක හට මෙි ගැන විවිධ ප්‍රතිචාර ඇවිත් තියෙනව.ඒ ගැන කතාබහ කරන්න ඇය ගොසිප්ලන්තය සමග එකතුවුනා.

ඒක පෙන්නලා දෙන්න ට්‍රයි කරන කෙනෙකුට පලවෙනියට සිද්දවෙන්නේ ඒ සමාජයේ වෛරයට පාත්‍ර වෙන්න
  
ලංකා පහුගිය දවස්වල ආන්දෝලනයට තුඩු දෙන විදිහෙ පින්තූර ටිකකට පෙනී හිටිය.අපි එතනින්ම කතාව පටන්ගමු

ඔව්.. මම මීට දින කීපයකට කලින් මගේ පලවෙනි ක්‍රොස් ඩ්‍රසින් එකේ පිංතූර සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා. ඒ ටික සැකපු මගේ පොටෝග්‍රැෆර් මිත්‍රයෙක් වෙන ධනුෂ්ක විජෙසූරිය ආරාධනා කළා තව ක්‍රොස් ඩ්‍රසින් එකක් කරන්න. ඒක කරන්න සංකල්ප ගැන කතා කරමින් ඉන්න වෙලාවේ මනමාලියකගේ පිංතූර ටිකකුත් කරමු කියලා ඔහු කිව්වා. හැමෝම මනමාලියන්ගේ පිංතූර කරනවානේ. ඒ නිසා වෙනස් විදිහක වැඩක් කරන්න විවිධ අදහස් ගැන අපි කතා කරමින් හ්ටියා. අපිට ඕන වුනේ අපේ සමාජයේ ගැහැණියව උත්කරශයට නංවා තිබෙන සම්ප්‍රදායික වටිනාකම් සහ එම සම්ප්‍රදායික වටිනාකම් නාමයෙන් ගැහැණිය වෙත එල්ලවෙන පීඩනය සහ සීමා කිරීම් පිලිඔඳව දේශපාලනික වන ප්‍රකාශණයක් එක්ක පිංතූර ටික කරන්න. ඒ වගේ ක්ෂේත්‍රයක් ගැන ලංකාවේ කතා කරන එක ටිකක් සීරියස්. මොකද අපේ සමාජය එවැනි මාතෘකා පිළිඹඳව ඉතාම අවිචාරවත් විදිහට අධි සංවේදීයි.. ඒ නිසා අපි බොහොම පරිස්සමින් තෝරා බේරා ගත් වපසරියක් ඇතුලේ ඉඳලා තමයි මේ වැඩේ කලේ. මොකද සමාජයේ පසුගාමීත්වයන්ට පහර දෙන වෙලාවල ඒක කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන ධනාත්මක සමාජ වෙනස වෙන්නේ නැතිනම් අපේ උත්සාහයෙන් වැඩක් නෑ..


පින්තූර වලින් කරන සමාජ කියවුම සදහා ඡායාරූප ශිල්පීන් යොමුවෙනව අඩුයි.ඉතින් එහෙම බලත්දි ඔබට මෙය හොද අවස්ථාවක් වුනා නේද

අනිවාර්යයෙන්ම.. මට විවිධ කාලවල පොටෝග්‍රැෆර්ස්ලා කතා කරනවා පොටෝ ⁣ෂුට් කරන්න. නමුත් මම ඉඳ හිට තමයි යම් වැඩක් කරන්න බාර ගන්නේ.. නිකම් එහෙට මෙහෙට ඇඹරිලා ලස්සන ලොකේෂන් එකක ඉන්නවාට වඩා ඒ වැඩේට යොදවන කාලය ඊට වඩා ප්‍රයෝජනවත් සමාජ ප්‍රකාශණයකට යොදවන එක තමයි මම හැමදාම කරන්න උත්සාහ කලේ..

ධනුෂ්ක විජේසුරිය වැනි දේශපාලනික සවිඥානික බවක් තියන ශිල්පියෙක් එක්ක වැඩ කරන්න ලැබුන එක ආශ්වාදයක්. ඒ වගේම තමයි හැඩගැන්වීම් කරපු ශානි හේරත්. ඇයත් මේ වැඩේට එකතු කරපු දේවල් බොහොමයි. අපි මේ ගැන කතා කරමින් අපි සංකලපය වර්ධනය අවධියේදී අපි තුන්දෙනා දරපු දේශපාලනික අදහස් වල ඒකමිතිය වැඩේ අවසන් ප්‍රථිපලයට ගොඩක් බලපෑවා.. ඇත්තටම මට මේක හොඳ අවස්තාවක්..







ඔබ පැවසුවා යම් කිසිවිදියකට ස්ත්‍රීත්වය ගැනඅර්ථ නිරූපණයක් ගැන.එය රසිකයන් වටහාගෙන තියෙනවද?

මුලින්ම මේ සංකල්පය ගැන කතා කරනකොට අපිට ආපු ප්‍රධානම ප්‍රශ්ණය ඕක. මේක ලංකාවේ රසිකයන්ට වටහා ගන්න පුලුවන් වෙයිද කියන එක. මොකද ලංකාවේ, විශේෂයෙන්ම ගැහැණු සමාජය, මේ තොරොම්බල් සරුව පිත්තල ටිකට ලැබෙන ඊනියා සමාජ වටිනාකම් ටිකෙන් ගිනිකන වැටිලා ඉන්නේ.. අපි මේ මොනවාද කරමින් ඉන්නේ සහ සමාජයක් විදිහට යමින් ඉන්නේ කොහෙටද කියන එක ගැන විචාරශීලී නැති සමාජයක් ඇතුලේ ඉඳගෙන ඒක පෙන්නලා දෙන්න ට්‍රයි කරන කෙනෙකුට පලවෙනියට සිද්දවෙන්නේ ඒ සමාජයේ වෛරයට පාත්‍ර වෙන්න.. ඉතිහාසයේ ඒකට ශාක්ෂි ඕන තරම් තියෙනවා.. බුදුහාමුදුරවෝ වුනත් පස්මහ බැලුම් බලලා ඉපදුනේ සහ මුලින්ම කාටද කතා කරන්නේ කියලා කල්පනා කලානේ... ජීසස්ට වුනත් කුරුසියේ ඇණ ගැහුවා.. ඉතින් අපි ගැන කවර කතාද..

ඒ නිසා අපි තුන්දෙනා ගොඩක්ම පරිස්සම් වුනා අපේ සමාජයට දැනෙන මට්ටමේ ප්‍රභලත්වයක් සහිත වැඩක් කරන්න. පිංතූර ටික සමාජගත වුනාට පස්සේ ඒකට ලැබෙමින් තියන ප්‍රතිචාර වලින් පේනවා අපේ උත්සාහය සාර්ථකයි කියලා.. අපි සමාජයේ බහුතරයකට වටහා ගන්න පුලුවන් විදිහේ වැඩක් කලා .


කලාත්මක පින්තූර කලාව ට ලැබුනු ප්‍රතිචාර කොයිවගේද

ලංකාවේ සමාජයට කලාත්මක පිංතූර කලාව ගැන තියන අවබෝධය දැන් ටිකක් පුළුල් වෙමින් යනවා කියලා තමයි මම හිතන්නේ..විශේෂයෙන්ම අන්තර්ජාලයේ ආගමනය එක්ක ඕනම ක්ෂේත්‍රයක් ගැන මිනිස්සුගේ ති⁣යන අවබෝධය ඉහල ගියා.
සංකේත, හැඩතල සහ වර්ණ මගින් ප්‍රකාශ කරන අදහසක් කියවා ගන්න තරම් බහුතර සමාජයට දැණුම තියනවා මේ වෙනකොට කියලා හිතෙනවා ලැබෙන ප්‍රතිචාර වලින්.. සමහරු අපිවත් නොහිතපු මානයන් වල කියවීම් වලට ගිහින් තිබුනා.. නිර්මාණයක් කියවන්න පුලුවන් සමාජයක් කියන එක ධනාත්මක තත්වයක්..

ඔබ ස්ත්‍රීත්වය පිලිඔිබු කරවන ලෙස සමාජයට දෙයක දෙන ලෙස මෙය නිරූපනය කලත් මාල හත ආදිය භාවිතාවය ගැන ඇතැම් කාන්තාවන් තුලින්ම විවෙිචන ඇවිත් තිබුන.ඔබ එය සාධාරණ විවෙිචනයක් ලෙස පිලිගන්නවද

මම කලින් කිව්වා වගේ මේ සරුව පිත්තල ටිකට ලැබෙන ඊනියා වටිනාකම් වලින් ගැහැණු සමාජය ගිනිකන වැටිලානේ ඉන්නේ. මේ පුරුෂ මූලික සමාජ ක්‍රමය මෙතරම් හොඳින් පවතින්නේ පුරුෂයන්ටත් වඩා හොඳින් ස්ත්‍රීන් විසින් මෙය නඩත්තු කරන නිසා. ඉතින් ඇතැම් කාන්තාවන් මෙය විවේචනය කරන එක ස්වාභාවිකයි. කූඩුවක හරි කරලා ජීවිත කාලෙම හදපු ගිරව් දන්නේ නෑ අපිව මේ හිරකරලායි හදලා තියෙන්නේ කියලා. ඒක කවුරුන් හෝ ඔවුන්ට පෙන්වා දිය යුතුයි. ඒක ලේසි වැඩක් නෙමේ. මගේ ආමන්ත්‍රණය තියෙන්නේ ඔවුන්ට. සමාජය ඉදිරියට ගෙනියන්න නම් සාම්ප්‍රදායිකයි කියලා හිස් මුදුනෙන් අදහන්න ඉතිහාසය පුරා බල කෙරුණු පසුගාමී මතවාද නඩත්තුව ගැහැණු සමාජය අත්හැරිය යුතුමයි.. ඒකට අවශ්‍ය තරමේ කතිකාවක් අපේ සමාජයේ ඇතිවිය යුතුයි. මම මගේ උපරිමයෙන් උත්සාහ කරනවා ඒ කතිකාව ලාංකීය සමාජය ඇතුලේ ඇතිකරන්න.

ලංකා රංගනයට නුපුරුදු කෙනෙක් නෙවෙි .අපි ටිකක් අතීතයට යමු


මම දැන් කොළඹ පදිංචි වෙලා හිටියාට මගේ උපන් ගම අනුරාධපුරයේ.. රංගනය ආරම්භ කරන්නේ වන්නියේ වේදිකාව කියන අනුරාධපුරයේ තිබුන නාට්‍ය කණ්ඩායමෙන්. ඉන් පස්සේ අනෝජා වීරසිංහගේ වැඩමුලු වලින් රංගනය හැදෑරුවා. ප්‍රසිද්ද වේදිකාවේ සම්මානනීය රංගන ශල්පිනයක් දක්වා එන ගමන බොහෝ කැපකිරීම් මැදින් ආපු අසීරු එකක්. ඒ වගේම මම හැම වෙලාවෙම බොහොම පරිස්සමින් චරිත තෝරගෙන වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා ඉතා සීමිත නිර්මාණ ප්‍රමාණයක විතරයි මම වැඩ කරලා තියෙන්නේ. මම මේ වෙකොට මගේ ගමන ගැන තෘප්තිමත්. මොකද ඔබ ගමන් කරන වේගයට වඩා වැදගත් වෙන්නේ ඔබ ගමන් කරන දිශාවයි.

සම්මානනීය වීම තුල කලාකාරයෙකුට හෝ කලාකාරිනියකට වටිනාකමක් ලැබෙනවා.යම් කිසි නිර්මාණකරණයන්වලදී එය පවතවාගෙන යාමට ඉඩහසර ලැබෙනවාද


හැමවෙලාවෙම දෙයක් ලබාගන්න එක ලේසියි. ඒක පවත්වාගෙන යන එක තමයි අමාරුම වැඩේ.
ඒකට ඉඩ ලැබෙනවාද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපිට එම වටිනාකම් පවත්වාගෙන යන්න කෙතරම් දුරට අවශ්‍යද කියන එකයි. අපිට අවශ්‍ය නම් අවශ්‍ය ඉඩ අපි හදාගන්න ඕන සහ ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන.
මෙතැන පුශ්ණේ තියෙන්නේ බොහෝ කලාකරුවන්ට එවැනි සැබෑ උවමනාවක් නෑ. බොහෝ ප්‍රවීනයි කියාගන්න, ක්ෂේත්‍රයේ ස්ථාවරයක් ගොඩනගා ගත්ත, සිවිල් බලයක් තියෙන දැවැන්ත චරිත වලට පවා වටිනාකම් සහ ගෞරවය පාවාදෙමින් ඉන්නවා. ඒ නිසා සමස්ථ කලාව දිනෙන් දින අර්බුදයට යමින් තිබෙනවා.
මම දැකලා තියෙනවා සම්මානනීය සමහර කලාකාරිනියන් කලාකරුවන් ඒ ලැබෙන ජනප්‍රියත්වය තමන්ගේ පෞද්ගලික අරමුණු සහ ලාභ ප්‍රයෝජණ වෙනුවෙන් ඉතාම නින්දිත විදිහට පාවිච්චි කරන හැටි. සමහරු ඒකට නිදහට කරුණක් විදිහට කියන්නේ අපිත් ජීවත් වෙන්න එපැයි කියන එකයි. මම නම් කියන්නේ ජීවත් වෙන්න ඕන නම් පාරක් අයිනේ ලේන්සුවක් එලාගෙන හිඟ කන්න පුලුවන් කියලායි.


ඉදිරියෙදි දකින්න ලැබෙන නිර්මාණගැනකිව්වොත්

මම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක්. මේ වෙනකොට මගේ අලුත් නිර්මාණ දෙකක වැඩ අවසන් කරලා තියෙන්නේ. ඉදිරියේදී ඒවා ප්‍රදර්ශණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව අසංක සායක්කාරගේ පුෂ්ප රාග කියන ටෙලි නිර්මාණයේ වැඩ කරන්න සූදානමින් ඉන්නවා. මේ නිර්මාණ ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට නරඹන්න අවස්ථාව ලැබෙයි.


අවසන් වශයෙන් ගොසිප්ලන්තය සමග කල මෙි සාකච්චාව ගැන අදහසක් දැනගන්නත් කැමතියි

මාව මේ සාකච්ඡාවට එකතු කර ගත්තාට ඔබට ගොඩක් ස්තුතියි. මට ආරාධනා කලාම මම ඔබේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවා ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා. සාමාන්‍යයෙන් බොහෝ සාකච්ඡා වලදි වෙන්නේ ඒවා කියවන කෙනාට කිසිම ප්‍රයෝජණයක් නැති ආත්ම වර්ණනා හෝ ඕපාදූප අහන එකනේ. ඒ නිසා මම ටිකක් බලනවා සාකච්ඡාවකට එකතු වෙන්න කලින් ඒක මෙහෙයවන්නේ කවුද කියලා. ඔබ ඉතාම වදගත් ප්‍රශ්ණ කීපයක් මගෙන් ඇහුවේ. එකට ස්තුතියි.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :