ads
News
Loading...

සකුරා රටෙන් ඇවිත් ලංකාවෙි සිනමාව කළඔවන සජීව් මෙන්න




භවතරණයට පස්සෙ නිදහසේ පියා...

මෙි පාර අනුරුද්ධ ජයසිංහගේ අලුත්ම ටෙලි නිර්මාණයේ.....

සජීව් රාජපුත්‍ර මුලින්ම සිනමාව තුල දකින්න ලැබුනේ දේවින්ද කෝන්ගහගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද භව තරණය චිත්‍රපටියෙහියි.ජපානයේ ව්‍යාපාරිකයෙකු ලෙස ඉදිරියට ආ ශ්‍රී ලාංකිකයෙකු වන ඔහු කලාකාරයෙකු ලෙසද අප දැනගන්නේ එතැනින්.අනතුරුව ගීතයට මෙන්ම රංගනයේ පුළුල් පරාස සොයාගෙන යන සජීව් ව මෙවර අලුත් වැඩක් එකක් එකතුවෙනව.අද ගොසිප්ලන්තය කතාබහ කරන්නෙ ඒ ගැනයි.

සජීව් කාලකෙට පස්සෙ තමයි ඔබ නිර්මාණයකට රංගනයෙන් දායකවන්නෙ .අද වෙද්දි ක්ෂේත්‍රයේ වෙනස කොයි විදියට දැනුනෙ 

    මුල්ම චිත්‍රපටියට සාභාගි වෙන්න දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂකවරයාගේ සිනමා නිර්මාණයකට පසුව තවත් 
මෙි තමයි මගෙ පලමු ටෙලි අත්දැකීම.ඒ කාලෙට වඩා අද අලුත් අය ඇවිත් ඉන්නව.මම හිතන්නෙ ක්ෂේත්‍රයේ යම් වෙනසක් තියෙනව සහ ස්ටෝරි ටෙලින් පැත්තෙත් වෙනසක් මම දකිනව

පවතින කාලයත් එක්ක තමයි මෙි හැම වැඩක්ම කරන්නෙ කෝමද ඒක සජීව්ට දැනෙන්නෙ

ඇත්තටම ගොඩක් නිර්මාණ එන්නතිබුනු කාලයක තමයි අපි මෙිකට මුහුණ දීලා ඉන්නෙ.හැබැයි නිර්මාණකරුවන් ඒකට මෙි දවස්වල සූදානමින් තමයි ඉන්නෙ.

නිර්මාණයකට සම්බන්ධ වෙද්දි ඔබ ටිකක් කාර්යබහුල නිසා යම් යම් අපහසුතාත් නැතින නෙවෙි නේද

 ඒක හරි .මම චරිතයක් තෝර ගන්නෙ හිතල බලල.මේක මගෙ වෘත්තිය නෙවෙයි.මම ව්‍යවසායකයෙන්.මට රටවල් ගණනාවක ව්‍යාපාර තියෙනව ඒ අතරදි නිර්මාණ වලට සම්බන්ධ වෙන්නෙ ඒ කතාව ⁣ගැන කල්පනා කරල බලල තමයි.මෙි ෆලයින් බුලට් ටෙලි නාට්‍යයේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියල හිතුව.

අනුරුද්ධ ජයසිංහ ගේ අලුත්ම ටෙලිනාට්‍යයේ ඔබගේ චරිතයට හැඩ ගැහෙන්න පහසු වුනාද

 ශාක්‍ය බස්නායක කියන චරිතය ට මට ගොඩක් දේ එකතු කරන්න පුළුවන් වගේම මෙි නාට්‍යය බලන ප්‍රේක්ෂකයන් ට දෙයක් දෙන්න පුළුවන් කියල මම හිතනව⁣.කතන්දරයක් රගපාන එකට වඩා යම් ආදර්ශයක් ඒ වගේම රසයක් දෙන්න පුළුවන් කියල මම හිතනව.

අපි දැන් ඉන්න වකවානුව චරිතවලට සූදානම වැඩියෙන් ලැබුන නේද

  එහෙම එකක් තිබුන.අනික් පැත්තෙන් ජපානෙ ඉදල ලංකාවට ඇවිත් දවස් දාහතරක් කො⁣රන්ටයින් වෙල වගේ ලොකු දේවල් ටිකක් කරල තමයි එන්න වුනෙ.ලෑස්තිවෙන්න කාලෙ ලැබුන වගේම සෑහෙන කාලයක් අමතර වැඩ වලට ගියා.

ව්‍යවසායකයාගෙන් රංගන ශිල්පියාට එද්දි ලෝකෙ තියෙන නිර්මාණ ගැනත් නිතර අවදියෙන් ඉන්න ඇති?

හොද ප්‍රශ්නයක්.මට වෙන්කරන්න ලොකු කාලයක් නෑ.මම ෆැමිලි ටයිම් කියල පවුලට කාලයක් වෙන් කරගන්නව.මම ගොඩක් ෆිල්ම් එකක් බලන්නෙ ගොඩක් කල්පනා කරල.කෙටි කාලෙත් එක්ක හොදම ෆිල්ම් එකක් බලන්නඔිනා නිසා ඒකේ රේටින් වගේම හැමදේම බලල තමයි බැලෙන්නෙ.ඉස්සර ට්‍රැවල් කරද්දි පොඩි අවස්ථාවක් ලැබෙනව ඒකට.ගෙවල් වලට වෙලා හිරවෙච්ච එකෙනුත් ඒ දේට ලොකු අවස්ථාවක් ලැබුන.

ජපානෙ ඉද්දි එහෙ සිනමාව කලාව අත්වින්දද ඔබ?

  මම පදිංචි ජපානෙ හිටියට.මම වැඩිපුර හොලිවුඩ් වගේම ලෝකෙ හැම නිර්මාණයක්ම වෙනස් සංස්කෘති වල නිර්මාණත් නරඔනව.ලංකාවෙි සිනමාවත් ඔය අතරෙ බලනව.


මෙි වෙද්දි ගෝලීය ප්‍රවනතාවක් වෙබ් සීරිස් විදියට හැදෙන්නෙ.සමහර නිර්මාණ වලට වෙනත් රටක ජාතිකයන් එකතුවෙනව.ඔබ හිතන්නෙ මෙි ප්‍රවනතාවය ගැන කොයිවිදිවටද?

  ඒක හොද දෙයක් කියල මම හිතනව.අපි අවුරුදු දෙතුන් සීයක් සීමා ඇතුලෙ හිටිය.මම හිතන්නෙ අපේ රියැලටි එකේ දේවල් සිනමාව තුල තියෙනවනේ.මෙි ගෝලීයකරණය තුල සිනමාව ,කලාව එකතුවෙන එක හොද දෙයක්.ඒ කාලෙ ඉදන් ආපු කතා,රටින් රටට කතා ගොඩක් තියෙනව.එකම කෝණයකින් නොබලා මෙි හැමදේම එකතුවුනාම තමයි ⁣නිර්මාණයකට හොද බරක් එන්නෙ

 සිනමාවට තමයි ඔබගේ මුල්ම කැමැත්ත

මෙහෙමයි මුල් නිර්මාණ තිබුනෙ සිනමාව එක්ක භව තරණයත් එහෙමයි.ඒ කාලෙ මම හිටියෙ කොණ්ඩය වවලා.ඔහු හිතල තිබුන මාව ඒ චිත්‍රපටියට ගැලපෙනව කියල.මම එතකොට ජපානෙ ඉදන් ආවා.මුලින්ම මෙිකට ආවෙ කරල බලමු කියන තැන ඉදල.මම දෙවනුව සම්බන්ධ වෙන්නෙ නිදහසේ පියා චිත්‍රපටියට.
   
 අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ කොයි විදියට ඔබට අධ්‍යක්ෂකවරයෙකු ලෙස දැනෙන්නෙ

  ඇත්තටම මම හිතන්නෙ රංගන ශිල්පියා රංගන ශිල්පිනිය තේරුම් අරගෙන වැඩ කරන කෙනෙක්.ඔහු මට ඒ සහය වගේම තව දෙයක් කියන්න ඔිනා ඔහු හොද නම්‍යශීලී කෙනෙක් 


ඉතින් රංගනය වගේම සජීව් ගායනය පැත්තටත් එකතුවුන කෙනෙක්.

  ඔව්.මගෙ මුල්ම නිර්මාණය වෙච්ච කද සුරිදේ ගීතය සදහා යොදාගත්තෙත් කඳ සුරිදුන්ට කරන ආරාධනාවක් විදියට.ඒ ආමන්ත්‍රණය තමයි ගීතයක් විදියට ගොඩ නැගුනේ.ගීතය ලිව්වෙ මනුරංග විජේසේකර.ඒ වගේම මෙලඩි එක දැම්මෙ දනිත් ශ්‍රී.



රංගනයේ ඉදිරියට ඔබව කොයි විදියට දකින්න පුළුවන් වෙයිද

  ඉඩ ලැබෙන හැම වෙලාවකම රංගනය සදහා මම එකතුවෙයි.ඒ වගේම ලැබෙන වෙලාව එක්ක තමයි හැමදේම කරන්නෙ.

ව්‍යවසායකයෙක් මෙන්ම කලාකරුවකුට තමන්ගෙ පිටිපසෙන් ඉදල උදව්කරන්න කෙනෙක් නැතිව බෑ

ඇත්තටම.මම මතක්කරන්න ඔිනා මගෙ බිරිද මුතූ ඇය තමයි මට ගොඩක් මෙි හැමදේකටම උදව්කරන්නෙ ඒ වගේම හැමදේම සමබර කරගන්න පුළුවන් වෙන්නෙ ඇගෙන් ලැබෙන ඒ සහය නිසයි. 


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :