ads
News
Loading...

ක්‍රීඩා මාධ්‍ය කියන්නෙ ලංකාවෙ පුරුෂාධිපත්‍ය තියෙන තැනක්


    

ක්‍රීඩා මාධ්‍ය තුල තරුණියන් දකින්න ලැබෙන්නෙ ඉතා අඩුවෙන්.චතුරිකා ගලගෙදරගේ ගුවන් විදුලි නිවෙිදිකාවක් ලෙස පහුගිය දිනවල වැඩිපුර කතාබහ වුනා.


චතුරිකා අපි දැනගන්නෙ ක්‍රීඩා මාධ්‍ය පැත්තෙන් පහුගිය දිනවල වල ගෙවුණු විදිහ ගැන කියමින් කතාව පටන්ගමු

ඔව්.ක්‍රීඩා මාධ්‍ය ආරම්භ වෙන්නෙ ගුවන් විදුලියෙන්.පසුගිය දින වල ක්‍රිකට් ලෝක කුසලානයට සම්බන්ධ උනා.සජීව වැඩසටහන් වලට මේ දින වල සම්බන්ධ වෙනව.ගුවන් විදුලියේ ජාතික ක්‍රීඩා විකාශය හා වෙළෙඳ සේවය සමග වැඩකටයුතු කරනවා

තරුණියක⁣ට මෙික සුවිශේෂ අත්දැකීමක්.මුලින් කෝමද ඒක දැනුනෙ

මම ගිය වසරේදීත් LPL සදහා දායක උනා..ක්‍රීඩා නිවේදිකාවක් වීම මම මුල සිටම අරමුණු කරගෙන සිටියේ...හොද අත්දැකීමක්

විශේෂයෙන්ම ලන්කාවේ ක්‍රීඩා නිවේදිකාවන්ට සිදුවී තිබෙන්නෙ වෙළෙඳ දැන්වීම් ගැන කතා කිරීමට පමණයි ..මම ඉන් එහාට ගිය බව විශ්වාස කරනවා...ඇත්තටම මට ලැබුනු ඒක හොද අවස්ථාවක්

හැමදේටම මුල පාසැලද?

ඔව්.මම පාසල් කාලයේ ක්‍රීඩා කලා..නිවේදනයට ඉතා අඩුවෙන් යොමු උනේ

මාධ්‍ය අංශයෙන් ඉදිරියට යද්දි තරුණියක⁣ට අභියෝග තියෙන්න පුළුවන් ඔබටත් ඒවා ආවද

මගේ වාසනාවකට මට නිවැරැදි තැන හා වගකීම් ලැබුනා...අභියෝග වෙනුවට මට ලැබුනේ ආශිර්වාද .මම මට ලැබෙන දේ උපරිම කරන්න වෙහෙසෙනව....ඒක තමා එකම අභියෝගය.නමුත් ක්‍රීඩා මාධ්‍ය කියන්නෙ ලන්කාවේ පුරුශ ආධිපත්‍යය තියෙන තැනක්...මට එය අභියෝගයක්


අමතක නොවන සිදුවීම් ඔය අතර ඇති.

ඔව් ගොඩක් තියෙනව.එකක් කියන්නම්.අනූශ සමරනායක මහතා සජීව වැඩසටහන අවසන් කිරීමේදී මාව අගය කලා
ඔහුටත් හිනා ගියා අවසානෙ මම බොහොම අමාරුවෙන් වැඩසටහන අවසන් කලා...ඔහුට පෑනෙන් අනින්නත් සිද්ද උනා.


උදව්කල අය ගැනත් මතක් කරමු

මගේ දක්ශතා හදුනාගෙන මට ඉදිරියට ඒමට අවස්ථාව ලබා දුන්නෙ සින්හ මීඩියා ආයතනයේ රොශාන් මද්දුමගේ සහ ගුවන් විදුලි ක්‍රීඩා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ටී ඩී කේ ජයන්ත මහත්මයා සහ වෙළෙඳ සේවා සහකාර අධ්‍යක්ෂක සම්පත් සල්පිටි  මගේ දක්ශතා හදුනාගත්තා








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :