ads
News
Loading...

ආදර ගීත ලෝකෙ කළඔවපු අලුත්ම හඬ ඉෂානි මෙන්න


      සංගීතය කියන්නේ විශ්වීය භාෂාවක්.ඉෂානි සන්දනායක කියන්නෙත් අන්න ඒ වගේ සංගීතය එක්කම ලොකු ගමනක් යන්න උත්සහ කරන කෙනෙක් .ආදර ගීතයේ වෙනසත් එක්ක ගොසිප්ලන්තය සමග කතාබහකට අද එකතුවුනේ ඉෂානි.

ඉෂානි සන්දනායක ආපහු අලුත් වැඩක් එක්ක ඇවිත් නේද?
     ඔව් පහුගිය දවසක මම මගේ සංසාර නෙත්ගාව ගීතයෙ ඔිඩියෝ වර්ෂන් එක රිලීස් කලා ඒකට හොද ප්‍රතිචාර මෙි දවස්වල ලැබෙනව.


ඒ ගීතයත් ආදර ගීතයක් නේද?
කුමුදිත් ගයාන්ගෙ තනු නිර්මාණයක් .ඔහුව අපිට මුණගැහුනෙ අහම්බෙන් ඔිස්ට්‍රෙලියවෙදි.අරුණ ගුණවර්ධන සංගීතය එකතුකලා .ගීතයේ වචන ශාන් දෙල්කඩුආරච්චිගේ.මෙි ගීතය ගැන ගොඩක් අය ප්‍රතිචාර දක්වනව.මගෙ හඬ හැසිරවීම වගෙම lyrics,music arrengement සහ lyrics vedio එක ගැන.ගොඩක් ස්තුතියි ඒ  ගැන

දුර බැහැරක රැකියාව කලත් රසිකයන්ව නම් අමතක කරලා නෑ
ඇත්තටම.මම කටාර් රටෙි බැංකු සේවයේ නිරතව හිටියට සංගීතයට ගොඩක් කැමතියි.එ් වගේම ආදරෙයි.




සංගීත ක්ෂේත්‍රය ට එන එක ඒ තරම් ලේසි නෑ නේද?
   මෙි ගමනෙදි මට ගොඩක්  අය උදව් කලා.ම⁣ගේ සැමියා මංජුල සන්දනායක  ලොකු ශක්තියක් මට.නම් වශයෙන් කියන්න අමාරුයි.උදව් කරපු අය ගොඩක් ඉන්නව කටාර් සහ ශ්‍රී ලංකාවෙි.

ආදර ගීතවල තියෙන අත්දැකීම් ඇත්තටම ලැබුනු ඒවද
   හොද පදරචනා ලැබුනොත් මම ගායනා කරනව.හැබැයි මෙි කිසිම ගීතයක් මගෙ අත්දැකීමක් නෙවෙි

ඉෂානිගේ ගායනය ගැන ප්‍රවීනයන්ගෙ අදහසුත් හොදයිලු නේද
    අැත්තටම.ගායිකාවන් දෙදෙනෙක්ගෙන් හොද ප්‍රතිචාර ලැබුනා.ක්ෂේත්‍රය තුල කතාබහ වෙන එකත් එක්තරා අතකට වාසනාවක්.

බැංකු නිලධාරිනියක් ගායිකාවක් වෙන එකත් එක්තරා වෙනසක් නේද?
    මම මගේ පවුල් ජීවිතයට වගේම වෘත්තිය ජීවිතයට මුල්තැන දෙනවා.මම අදහන විදියට මෙි සේරම දෙවියන් ගෙ ආශිර්වාද.ඒ නිසා මම හැම විදියකටම නිර්මාණ වලට සාධාරණයක් ඉෂ්ඨ කරනව

ඇන්ජලීන්,ලතා,නිරෝෂා,සමිතා වගේ මියුසික් අයිකන් එකක් වෙන්න කොච්චර කල් යයිද?
  මෙහෙමයි ලංකාවෙ පිට ඉදන් පූර්ණ කාලීන ගායිකාවක් වෙන්න බෑ.ඒක හරි අමාරු දෙයක්.කොහොම වුනත් ඉදිරි කාලයේ විවිධ ශෛල්‍ය වලින් ගීත කිහිපයකට සැලසුම් කරගෙන ඉන්නව.ඩාන්ස්,පොප්,බයිලා වගේ ශෛලයට ගීත කරනව

ජනප්‍රිය නළුවෙක් එක්ක කතාබහක් වෙන වැඩක කරනව කියලා ආරංචියි
  මාත් එක්ක හිටියොත් ඒ විස්තර ලගදිම දැනගන්න පුළුවන් වෙයි.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :