ads
News
Loading...

පණුවො ඉන්න ටින් මාළු කන්ටෙිනර් ලංකාවට...


ශ්‍රී ලංකාවට ගෙන් වූ ටින්මාළු කන්ටේනර් කිහිපයක සාම්පල් ශ්‍රි ලංකා සත්ත්ව පරික්ෂණාගාරයේ පරික්ෂා කිරිමේ දි ඇතැම් ටින් මාළුවල පරපෝෂිතයින් සිටි බවට අනාවරණය වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නිරික්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ
ඇතැම් ටින් මාළුවල මියගිය පණුවන් සිටි බව සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ පිළිබඳ නිරික්ෂණය කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර බලධාරියා වශයෙන් තම කාර්ය මණ්ඩලය හා වරාය කාර්ය මණ්ඩලය එක්වි එම ටින් මාළු අඩංගු කන්ටේනර් නැවත එම රටවලට පිටත්කොට යැවීමට කටයුතු කළ බව ද පැවසුවා.
එම ටින් මාළු මෙරට වෙළඳපොළට පැමිණ නැති බව සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඉන් නොනැවති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මේ දිනවල වෙළඳපොළේ තිබෙන ටින් මාළුවල තත්ත්වය පිළිබඳ වරින්වර සාම්පල් ගෙන පරික්ෂා කරන බව ද සඳහන් කළා.
විද්‍යාත්මකව බැලූවිට පරපෝෂිතයින් සිටින ටින් මාළු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යයට අහිතකර බවක් නොමැති බව ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එහෙත් එය අප්‍රියජනක බවත් ජනතාවට අප්‍රිය ජනක දෙයක් ලබාදීමට නොහැකි බවත් මේ නිසා ටින්මාළු ඇසුරු සියලුම කන්ටේනර් එම රටවලට පිටත්කොට යැවීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරල තියෙනව.
     ඒ කොහොම වුනත් ඇතැම් ආරංචි මාර්ග කියන විදියට මෙි තොග ජනතාව අතරට යාමට ඉඩ තියෙනව කියලයි.කොහොම වුනත් මෙි දවස්වල ටින් මාළු කෑමෙන් පරෙස්සම් වන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :