ads
News
Loading...

අකුරැස්සේ දෙමාපිය දුක නිවන්නට ඔබටත් හැකිනම්....

 
  සටහන : පවිත්‍ර යාපා
අකුරැස්ස ,හේනේගම, ඉදිගස්හේන ග්‍රාමයේ පදිංච් මෙම දෙමාපියන් යුවලගේ බාල පුතුට , ඔබ අපගේ උපකාර ඇවැසි මොහොතයි.. සසරේ අනිත්‍ය බැව් පසක් කරමින් මෙලොවට බිහි වු ඔහු අද වන විට සත් අවුරුදු වියේ පසුවෙයි. නමුත් ඔහු අද වන තෙක්, කිරි පිටි හැරෙන්නට, වෙනත් කිසිම ආහාරයක් ගෙන නොමැත.මන්ද ඔහුට ජීර්ණය වන්නේ කිරිපිටි පමණක් ම නිසාවෙනි.....

ඕනැම අයකුට කරදරයක් ඇත්ද, එය දැන ගත් විගස උණුවෙන හදවතකින් හෙබි මිනිසෙකි..ඔහු නමින් උදයකුමාර මහතායි. අකුරැස්ස සමූපකාර රක්ෂණ සමාගමේ සේවයේ නියුතු ඔහු මෙම අසරණ පවුල පිලිබද දැනගත් මොහොතේ සිට , ඉතා ඕනෑකමින්, මහත් උනන්දුවෙන්, මොවුනට පිහිටක් වෙන්න වහා පියවර ගත්හ..එයට මුල පිරූ තවත් එක් සොඳුරු මිනිසෙක් විය. ඔහු නමින් සුනිල් මහතා යි. අපි ඔහුව අමතනු ලබන්නේ සුනිල් මාමා ලෙසයි.මේ පිලිබද උදයකුමාර මහතා දැනුවත් කල ඒ පිං වන්ත මිනිසා ඔහුයි.  එම නිවසට පා ගමනින් යාමද ඉතා අසීරු බැව් දන ගත්තේ , මෙම වෙසක් පොහෝදින මමද ඔහු සමග මෙම ගමනට එක් වු නිසාවෙනි. සෑම මසකම තමන්ගේ යහලු හිත මිත්‍රාදින් ගේ උපකාර කැටුව ඔහු මෙම අසරණ දරුවට පිහිටක් වන්නට යනු ලබන්නේ , මිනිසාට උපකාර විය යුත්තේ මිනිසාමයි යන කියමනට නව අරුතක් එක් කරමිනි.... මේ සඳහා එම මහතාට සහයෝගය ලබා දුන් සැමට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා... මේ පිං බලෙන් සසර වසනා තුරු මෙවන් ඉරනමකට පත් නෙවන්නට හේතු වාසනා වේවා. බොහොමත්ම පිං !  

ඔබටත් පුලුවන් දැන් ඔවුනට උපකාරයක් වන්නට.. ඒ සදහා උදයකුමාර මහතා හා සම්බන්ධ වන්න.. තෙරුවන් සරණයි !

      📞 0710232590-උදයකුමාර
      📞 0767634285-උදයකුමාර

ඔවුනගේ බැංකු ගිණුම් විස්තර හා ලිපිනය :

ගිණුම් අංකය :
8350032790 (Commercial Bank - Akuressa )
W.H.Shanthi - (මව)
(698584475V)

W.H.ශාන්ති
212 E,
ඉඳිගස්හේන,
හේනේගම,
අකුරැස්ස.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :