ads
News
Loading...

පරණ ක්‍රියාදාම නළුවෝ ආපහු එකතුවුනේ ඇයි...?


ලාංකේය සිනමාවේ ක්‍රියාදාම ශිල්පීන්ගේ පදනම (Cinema stunt actors foundation) ස්ථාපිත කිරීමේ උත්සවය අද පෙරවරුවේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ  ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.එහිදී "ලාංකේය සිනමා සටන් කලාවේ අතීතය, වර්තමානය හා අනාගතය"  මැයෙන් විශේෂ දෙසුමක් මවිසින් පවත්වන ලදි. ප්‍රවීණ රූපණවේදී රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න,ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් යන මහත්වරුද මෙහිදී කෙටි දෙසුම් පැවැත්වූ අතර සිනමා ක්‍රියාදාම ශිල්පීන්ගේ පදනමේ සභාපති ධුරයට ප්‍රවීණ නළු ක්ලීටස් මෙන්ඩිස් මහතාද ලේකම් ධුරයට ප්‍රවීණ සටන් නළු ටෙඩී විද්‍යාලංකාර මහතාද තේරී පත් වූහ. ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංග, ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න, චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන, චිත්‍රපට රසික සංගමයේ සරත් සිල්වා යන මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ. පෙර පරපුරේ සහ නව පරපුරේ සිනමා සටන් නළුවන් බහුතරයක් මේ අවස්ථාවට සහභාගි වෙමින් බොහෝ කලකට පසුව එකිනෙකාගේ සතුට බෙදා ගත්හ. ලාංකේය සිනමා සටන් නළුවන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම,ජීවිත රක්ෂණය හා සුභ සාධනය අරමුණු කොට මේ පදනම පිහිටුවීමට මෙලෙස සිනමා සටන් ශිල්පීන් ඒකරාශී විය. ප්‍රවීණ ,පුරෝගාමී සටන් නළු රොබින් ප්‍රනාන්දු මහතා එවූ සුබ පැතුම් පණිවුඩය රවීන්ද්‍ර රන්දෙණිය මහතා විසින් මෙහිදී  කියවන ලදි. උත්සවය මෙහෙය වූයේ අනුර රත්නායක මහතාය.තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා ,වරෙක අබාධිත බවට පත්වෙමින් සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ, එහි වීරයන්ගේ වීරත්වය මුවහත් කළ සටන් නැළුවන්ගේ ජීවිත රක්ෂණය සඳහා මෙවන් වැඩපිළිවෙළක් මෙතෙක් පමාවී හෝ ක්‍රියාවට නැඟීම අතිශයින් වැදගත්ය.                                                 සේයා රූ සමන් රණවීර මහතාගෙනි.
 උපුටනය: නුවන් නයනජිත් කුමාර -මුහුණු පොත







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :