ම්ලෙච්ඡ ක්‍රියා ගැනසිදුකල වාර්තාකරණයක් නිසාම ඩැනියල් පර්ල් සම්මානයත් ලැබිලා...
2012 නේටෝ හමුදාවෙි ජේෂ්ඨ හමුදා ජෙනරාල් වරයන් තිදෙනෙක් ටත් චෝදනා කලා..
පහුගිය ජූනි 25 වනදා ඇමරිකාවෙි ද නිව් යෝක් ටයිම්ස් පුවත්පත පල කල වාර්තාවකට අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් එකල චීනය සමඟ කල ගනුදෙනු පිළිබදව ලිපියක් ලියූ මරීයා අබි හබිබ් මෙම ලිපියට තවත් දිගු ලිපියක් ඊයෙ දිනයෙදි ලියා පල කරන ලදී.
ඒ අනුව එහි සවිස්තර වාර්තාවක් ඉදිරිපත්ව ඇති අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් තම මාධ්‍යවේදීන් හට එල්ල කල චෝදනා ගැනද සදහන් කර ඇත.එසේම රාජපක්ෂ ආණ්ඩු කාලයෙහි මාධ්‍ය වෙිදීන් 11 දෙනෙකු මරා දැමුනු බවත් එය ඉතා දරුණු කාලයක් බව මෙම ලිපිය ලියන ලද මරීයා සදහන් කර ඇත.එසේම පවතින රජය විසින් මෙවන් හෙලිදරව් කිරීම් ඇතුලත් ලිපි ලිවීමට තමාට මුදල් දුන්බවට රාජපක්ෂ මහතා පැවසීම ගැන ද කණගාටුව ප්‍රකාශ කර ඇත.
![]() |
මරීයා තම සැමියා බ්‍රයන් සමග |
කෙසේ වෙතත් මරීයා ලියූ චීනය හා සම්බන්ධව මහින්ද රාජපක්ෂගේ ගනුදෙනුව ගැන මුල්ම ලිපිය විවෙිචනය වන කාලයේද රන්ජන් රාමනායක අමාත්‍යවරයා හට ද සෘජුව කතා කල බවද වාර්තා වුනා.මෙි වන විට ඉංදියාවෙි නව දිල්ලි හි සිට පුවත්පත සදහා ලිපි සපයන ඇය වයස අවුරුදු 34 ක් වන ප්‍රවීන මාධ්‍යවෙිදිනියක්.ඇය කාබුල් මිලිටරි රෝහලේ සිදුකරන ලදැයි කියන ඇතැම් ම්ලෙච්ඡ ක්‍රියා ගැනසිදුකල වාර්තාකරණයක් නිසාම ඩැනියල් පර්ල් සම්මානයෙන් පිදුම් ලැබුවාය.එසේම 2012 වසරේදී නේටෝ හමුදාවෙි ජේෂ්ඨ හමුදා ජෙනරාල් වරයන් තිදෙනෙක් ගැනද රජයවිසින් විමර්ශනයට ලක්වූයේ ඇයගේ සුවිශේෂී වාර්තාකරණය නිසාමය.
![]() |
ඇගේ සුරතල් පුතු |
2007 වසරේ ඩුබායි සිට පර්සියානු ගල්ෆ් ප්‍රදේශය දක්වා තම මාධ්‍ය ආවරණය කරමින් ක්ෂෙත්‍රයට පිවිසි ඈ සමාගම් කිහිපයකම දූෂණ හෙලිදරව්ව කරන්නට වූවාය.
![]() |
2016 අගොස්තුවේ ලිබියාවෙිදී |
ද නිව්යෝක් ටයිම්ස්හි ඡායාරූපකරණය සිදුකරන ශිල්පී බ්‍රයන් ඩෙන්සන් සමඟ විවාහ වී සිටින මරීයා පුතෙකුගේ මවක්ද විය.සිය මාධ්‍යවේදී වෘත්තිය වෙනුවෙන් නිර්භීතව ලියන ඇය මාධ්‍ය ක්ෂෙත්‍රයේ සිටින සියළු අයටම ආදර්ශ සපයන්නේය.
0 Comments :
Post a Comment