ads
News
Loading...

දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ සෙල්ලම් දමන බස්



     මාතර වෙත දිවෙන අධිවෙිගී මාර්ගයෙහි නීති රීති ගණනාවක් එහි බස් රථවලට සහ වාහන රියැදුරන්ට ඇතත් සමහර අවස්ථාව වල එය කඩවෙන බවක් පෙනේ.ඒ පිලිබදව  පොලීසියෙහි අවධානය නොමැති වීම කණගාටුවට කාරණාවකි.
වරදක් ඇති තැනක්-බුකිය ඇසුරෙනි.

ඉතාම අවිනීත ආකාරයෙන් දක්ෂිණ අධිවේගයේ මාතර දෙසට ධාවනය වු මෙම බස් රථය පිලිබදව සොයා බැලීමට කිසියම් හෝ බලධරයෙක් ඇතැයි සිතා මේ සටහන තබමි.වරෙක වම්පස ඇක්සිඩන්ට් තීරුවේ පවා ගමන් කල නිසා වැගන් ආර් රතයක් අනතුරට පත් නොවූයේ හාස්කමකින් මෙනි.පුංචි පැටව් සහිතව ගමන්කල ඒ රතයේ රියදුරාට ජනේලයෙන් හිස දමා අතින් තර්ජනය කිරීමට තරම් බසයේ රියදුරා වසලයෙක් විය.මා 12.31 ට හයිවේ හදිසි ඇමතුම් ඔස්සේ පින්නදූව පොලීසිට මේ පිලිබදව පැමිනිලි කරන ලදී.පොලීසිය කාර්‍යක්ෂමව නිහඩ වූවාදැයි මා දන්නේ නැත.මගේ යුතුකම මා ඉටු කලෙමි.ශ්‍රී.ලං.ග.ම බස් රථ රියදුරකු විනීතයයි යන මතය තහවුරු කිරීම බලධරයන්ගේ වගකීමකි.එමෙන්ම මෙවන් අශීලාචාර තත්වයකට දක්ෂිණ අධිවේගය පත්වීමේ හේතුව අධිවේගී මාර්ගස්ත පොලීසිය භාර අයවලුන් භාරගත යුතුය.(මෙවැනි වසල රියදුරන් පිලිබදව දැනුවත් කිරීම ඔබගේද වගකීමකි.

උපුටනය අවසන්.

පොලිස්පතිතුමනි ඔබේ අවධානය පිණිසයි!
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :