ads
News
Loading...

ර්‍ශ්‍ර ලංකන් ගුවන් සේවය ගැන තිස්ස කියපු දේ..


අපගේ ජාතික ගුවන් සේවය වන ශ්‍රිලංකන් එයාර් ලයින්ස් ලෝක ගුවන් සේවා  ශ්‍රේනි ගත කිරිම් අයතනයක් වන"SKY TRAX" වාර්තාවට අනුව 2015 වර්ෂයේ 67 සිට 95 ස්ථානය දක්වා පහල බැස ඇතිබව වාර්තා කර තිබේ 
රටක ජාතික ගුවන් සේවය එම රටට අභිමානයකි සමහර ගුවන් සේවා අලාභ ලබන බව සත්‍යයක් වුවද එහි සේවාවන් හි ගුනාත්මක භාවය ඉහලින් පවත්වාගෙන යනු ලබන්නේ රටට ගෞරවයක් ලෙසය එහෙත් එහි අලාභයන් අවම කර ගෙන ලාභදායි ලෙස පවත්වාගෙන යාමට වෙනත් ගුවන් සේවා කලමනාකාරිත්වයන් සෑම උත්සහයක්ම ගන්නා බව පෙනේ .එහෙත් අප රටේ සිදුවන්නේ එහි කනපිටය .
එහෙත් ශ්‍රිලංකන් ගුවන් සේවය ආරම්භයේ සිටම ජාතියට බරක්වු ආයතනයක් බවට පත්විම කනගාටුදායකය.පසුගිය කාලයේ එමිරේට් ගුවන් සේවය හා එකාබද්ධව හවුල්කාර ව්‍යාපාරයක් ලෙස මෙම ගුවන් සේවය පවත්වාගෙන ගිය නිසා ලංකාවේ භාන්ඩාගාරයට තරමක සහනයක් ලැබුනි .නමුත් පසුගිය ආන්ඩුව එම ගුවන් සේවය යලිත් පවරා ගැනිම හරහා එම අයතනය දේශපාලනකරනය විම හා කලමනාකරණ බිදවැටිම නිසා ඉතා විශාල අලාභයක් භාන්ඩාගාරයට දරන්නට සිදුබව රහසක් නොවේ.
වර්ථමානයේද සිදුවන්නේද එම සිදුවිම විම බැහැර කල නොහැක වත්මන් යහපාලන ආන්ඩුව බලයට පත්ව මෙම ගුවන්සේවයේ පාලන අධිකාරයට පත් කලේ ගුවන්සේවය ගොඩනගන්නට වෙරදරන පිරිසක් නොවේ .යලිත්වරක් තම හිතවතුන් කලමනාකාරිත්වයට පත්කිරිම හරහා අදවන විට මෙම ගුවන් සේවය විශල කඩා වැටිමට ලක්ව තිබේ.මෙහි අධ්‍යක්ෂක මංඩලය පත්වි මුලින්ම කලේ අධ්‍යක්ෂක මංඩල පහසුකම් හා වැටුප් දිමනා වැඩි කර ගැනිමය විශාල අලාභයන් ලබන අයතනයක් ගොඩ ගැනිමට නම් ඒ සදහා රට වෙනුවෙන් කැපවිමක් කල යුතු වුවද මේ අකාරට එහි අධ්‍යක්ෂක වරුන් ක්‍රියාකිරිම ලැජ්ජා සහගතය ශ්‍රිලංකන් ගුවන් සේවයට බදවා ගත් ප්‍රධාන විධායක වරයාවන සුරේන් රත්වත්තේ ට මාසිකව ලක්ෂ් 32 වඩා වැටුපක් ගෙවිම හා  අනිකුත් අධ්‍යක්ෂක මංඩල දිමනා වැඩිකර ගැනිම මොනතරම් අපරාධයක්ද ? 
මෙම ගුවන් සේවයේ කඩා වැටිමට ප්‍රධානම හේතුව නිසි කලමනාකරණයක් නොමැතිවිම හා  ආයතනය දියුනු කිරිමට ව්‍යාපාරික සැලසුමක් නොමැතිවිමයි  .යම් අයතනයකට අධ්‍යක්ෂක වරුන් පත් කරන්නේ ආයතනයක් දියුනු කිරිමට මිස විනාශ කිරිමට නොවේ එසේ කල නොහැකි නොහැකිනම් ඔවුන් ඉවත් කර මේ අභියෝගය භාරගත හැකි කලමනාකාරිත්වයක් පත්කල යුතුයි.
ශ්‍රිලංකන් ගුවන් සේවය තව දුරටත් භාන්ඩාගාරයට බරක් වෙමින් සුදු අලියෙක් ලෙස පවත්වාගෙන යා නොහැක .පලමු කරුන වන්නේ දේශපාලන ඇගිලි ගැසිම නැවැත් විමයි දෙවැන්න නිසි ව්‍යාපාරික සැලසුමක් අනුව පවත්වාගෙන යාමයි .ඒ අභියෝගය භාරගත් හැකි කලමනාකාරිත්වයට මෙන්ම අධ්‍යක්ෂක මංඩලයක් මිස සැදැසමය ගත කරන්නට එන පුද්ගලයන් පත්නොකල යුතුයි .
ශ්‍රිලංකන් ගුවන්සේවය ගොඩ ගැනිමට පුලුවන 
මෙය අපගේ ජාතික ගුවන් සේවයයි .එය ආරක්ෂා කර ගැනිම අපගේ යුතුකමයි .නෑදෑයින් යාලුමිත්‍රයින් නඩත්තු කරන්නට මෙම ජාතික දේපල භාවිතා කිරිම වාහා නවතා දැන් වත් අභිමානවත් ගුවන් සේවයක් ලෙස මෙය පත් කිරිමට පාලකයන්ගේ අවධානය යොමු වේවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :