ads
News
Loading...

අපේක්ෂා රෝහලට ආධාර පිණිස පැවැත්වූ මොකක්ද මෙි Chill Fest



  සාර්ථික ප්‍රජාසත්කාරක වැඩසටහනක් වෙනුවෙන්....

 පියුමි,නතාෂා,ජයශ්‍රී,චින්ති හැමකෙනෙක්ම එකතුවුනා

        කවදත් සමාජ සත්කාරක වැඩසටහන් වලට අතහිත දෙන ගොසිප්ලන්තය අපි කියන්න යන්නෙ පහුගිය දා පැවැත්වෙච්ච එවන් වැඩසටහනක් ගැන.
      සමහර අය දන් දීම පුරුද්දක් වශයෙන් කරන අතරේ අනිත් අයවත් දන් දීමට යොමු කරවනවා. සමහර අය මෙය සිදුකරන්නේ චාරිත‍්‍රයක් වශයෙන්. තවත් සමහරු දන් දෙන්නේ ප‍්‍රසිද්ධ වෙන්නට. ලාබ සත්කාර කීර්ති ප‍්‍රශංසා බලාපොරොත්තුවෙන් දන් දෙන අයත් සමාජයේ ඉන්නවා. සමහරු දන් දීමෙන් පස්සෙ මේ මේ දේවල් ලැබෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා. තවත් අයට එහෙම විශේෂයක් නැහැ. දානය සකස් කළා, පූජා කළා එපමණයි. මේනම්  එක්තරා විදියක පරිත්‍යාගයක්. මහරගම අපේක්ෂා රෝහලේ ජිවිතේ වෙනුවෙන් සටන් කරන අපේම මිනිසුන් වෙනුවෙන් කල සත් ක්‍රියාවක් . event කරන කොම්පැණි  නම් ලංකාවේ ඕන තරම් තියනවා එත් මේක වෙනස් විදියක වැඩක්. පසුගිය දවස වල සමාජ මාධ්‍ය හරහා   මේ festival එකේ පුර්වප්‍රචාරක පඨය ප්‍රචාරණය වුණා.මෙයට චිත්‍ර ල සෝමපාල ,නතාෂා රත්නායක ,ජයශ්‍රී,ඉරාජ් ,චින්ති  වගේම චම්මු ශ්‍රිගේ  c plus band එකත් අකතු වෙලා කරපු වැඩක්.පියුමි, චන්දිමාල් විශ්ව වගේම තවත් කලාකරුවෝ කිහිප දෙනෙක්ද මේ අවස්තාවට සහාබාගී වුනා .බොහොමයක් දෙනා මෙය දකිද්දීනම් හිතුවේ මෙය තවත් එක සංගීත සංදර්ශනයක් කියලා තමයි.ඔව් මේකත සංගීත සංදර්ශනයක්  තමයි එත් පහන් සිතින් බොහොමයකගේ ජිවිත වලට ආලෝකයක් ලබා දෙන්න  කරපු අපුරු වැඩක්. මේක පිටිපස්සේ ත් ඉන්නවා මිනිසුන් ගේ දුක දැනෙන දුක් විදලා ජිවිතේ ගොඩ දාගත්ත මනුස්සයෙක්.මේක සංවිධානය කරලා තිබ්බේ Aura Event Solutions කියන කම්පැණි  එකෙන් මෙයාලා සමාජ සත්කාර බොහොමයකට එක්කාසු වන පිරිසක් කියලා තමයි සමාජ මාධ්‍ය බැලුවාම අපිට තේරෙන්නේ .මේ සංගීත සංදර්ශනය තිබිලා තියෙන්නේ කලුඅග්ගල වොලන්රෝ හෝටලේ . මෙය ඉතාමත් සාර්ථකව මේක නිමා වුනා කියලා අපිට කියන්න පුළුවන්.
   ඒ වගේම මෙවන් සාර්ථක වැඩසටහනක් එක්ක ලබන අවුරුද්දෙ ඔබව හමුවෙන්න එහි සංවිධායක මණ්ඩලය කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.

 විශේෂ අවස්ථාවන්හි ඡායාරූප පහලින් නරඔන්න.

  📷 -අකිල එරංග 





































Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :