ads
News
Loading...

ජාත්‍යන්තරය දිනපු තිළිණි අපි වෙනුවෙන් කරන්න යන දේ




Mrs Universe Famous China 2019,Mrs Universe Sri Lanka 2019,Mrs Tourism Ambassador Philippines 2019,Mrs Tourism International Sri Lanka 2019 යන ලාංකේය නියෝජනයක් සිදුකරන්න එලෙසම ජයග්‍රහණ ලබාගන්න එක රටටම ආඩම්බරයක්.නමුත් තම ජයග්‍රහණය රංගනය වැනි ක්ෂේත්‍රයට නොයෙදෙමින් කිරුලෙහි අගය ඔස්සේ සමාජ සේවයට පිවිසි තිළිණි ද සිල්වා ගොසිප්ලන්තය සමඟ එකතුවුනේ ඇය⁣ තම සේවය තවදුරටත් මහජනතාව වෙත සමීප කරවන්න සිදුකරන ක්‍රියාවලිය ගැන කතාකරන්නයි.

තිළිණි ද සිල්වාව අපි මුලින්ම දකින්න ලැබුන කාලයට වඩා අද වෙත්දි සමාජයට වටිනාමකෙනෙක් බවටපත්වෙල මොකද හිතෙන්නෙ ඒ ගැන?

ඔව් මේ ක්ෂේත්‍රයට පිවිසුනේ එක් විදිහකට, නමුත් දැන් ඊට හාත්පසින්ම වෙනස්ම ක්ෂේත්‍රයක නිරත වෙලා ඉන්නේ. ඇත්තටම සතුටුයි ආපු ගමන් මග ගැන හිතනකොට

ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය කෙනෙකුට ලැබුන හැමදෙයක්ම ඔවුන් සමාජය වෙනුවෙන් කැපකරනව.තිළිණි දැන් යම් අරමුණක. මම හරිද?

ඔව් ගොඩක් එහෙම අය ඉන්නවා. මාත් මට
පුලුවන් ප්‍රමාණයෙන් සමාජයට වැඩදායී දෙයක් කරනවා.

කාන්තාවක් විදියට සමාජයේ ඉදිරියට යත්දි ඇතිවන ගැටලු වලටඋත්තර හොයන්නත් ඔබ යොමුවුනාද

එහෙමම කියන්න බෑ. නමුත් සමාජයේ වැඩ කරන් යද්දී දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් යමක් සිදුවිය යුතුයි කියලා හිතුනා. ඒත් සමගම මේ ක්ෂේත්‍රයට යොමු වුනා


බොහෝ කාන්තාවන්ගේ හිසට ඔටුනු වැටුනාම ඔවුන්ට වගකීම් අමතක වෙනව.නමුත් ඔබ එතනින් වෙනස් කෙනෙක් වෙනවා.ඒ කොහොමද?

හැම කාන්තාවක්ම එහෙම නෑ. මං ඔටුන්න ගෙනත් යොමු වුනේ සමාජසේවා කටයුතු කරන්න.


තිළිණි දේශපාලන වෙිදිකාවට එන්නෙ බොරැල්ල ආසනය තුලින්.ඔබ මොනවද එම ප්‍රදේශවල හදුනාගත්ත ජනතාවට අත්‍යවශ්‍යය එහෙත් නොවිසදි තියෙන ගැටළු?

නිවාස ගැටලු, ජාතික පාසල්වලට දරුවන් ඇතුල් කිරීමේ අපහසුතා, කාණු පද්ධති දැනට ආසනය තුල සිටින ජනතාවගේ කසළ පිටව යන්නට තරම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නිතර පාරවල් කසළ ජලයෙන් යට වීම වගේ ගැටලු තියෙනව

තිලිණි දේශපාලනයට එන්නෙ යම් කිසි වැඩපිලිවෙලක් එක්ක .ඒ ගැන දැනගන්න කැමතියි
මං ඇත්තටම crown එකක් ගෙනාවේ model කෙනෙක් විදිහටවත් actress කෙනෙක් විදිහටවත් ඉස්සරහාට යන්න නෙමෙයි. මට ඕනේ වුනේ ගෙනාපු crow එකත් එක්ක සමාජ සේවය කරන්න. විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් හා කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්න. සමාජය වෙනුවෙන් මට පුලුවන් උපරිම සේවයක් කරනවා

පොදුජන එක්සත් පෙරමුණ සමඟ බොරැල්ල එකතුකරන තිලිණි හට දේශපාලනය තුල තියෙන අභියෝග මොනවද?
කාන්තාවක් විදිහට ඕනෑම ක්ශේස්ත්‍රයක වැඩ කරන් ඉස්සරහාට එද්දී බාදක අභියෝග වැඩී. සමාජයෙන් හොද සහා නරක දෙකම අහන්න ලැබෙනවා. මදයස්තව උපේක්ෂා සිතින් කටයුතු කරගෙන යනවා



කාන්තාවන් වෙනුවෙන් තවමත් දේශපාලනය තුල නියෝජනය ගැන සෑහිමකට පත්වෙන්න පුළුවන් ද.

බෑ. කාන්තාවකට නිසියාකාරව එලියට එන්න අපහසුයි. සමාජයෙන් එල්ල වන කැපිළි වැඩී. කාන්තාවක් දක්ෂ වුනත් සමහර අවස්ථාවල නිසි තැන ලැබෙන්නේ නෑ. මගේ ජීවිතේ වුනත් එහෙම තැන්වලට මුහුණ දීලා තියෙනවා. මේ සියල්ල වෙනස් විය යුතුයි. සමාජයේ දක්ෂ කාන්තාවෝ ඉන්නවා. ඔවුන්ට එළියට එන්න නිදහසේ කටයුතු කරන්න පාර සකස් කළ යුතුයි


අනාගතය වෙනුවෙන් තිලිණි අලුත් වැඩපිලියෙලවල් කිහිපයක්ම ඉදිරිපත්කරනව නේද
අනිවාර්යයෙන් ම ඉදිරියේදී ඒවා සමාජගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

මෙි හැමදේකදිම තිලිණට සෙවනැල්ල වෙන අයත් මෙි මොහොතේ මතක්කරමු නේද

ඔව් අනිවාර්යයෙන් ම. මගේ ස්වාමිපුරුෂයා, ඔහුගෙන් මේ හැමදේකටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ අම්මා, තාත්තා, මල්ලී මේ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒවගේම ගංගාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලැබෙනවා. ඒත් එක්කම විශේෂ පුද්ගලයෙක් මතක් කල යුතුමයි, ඒ ශ්‍රී ල.පො.පෙ බොරැල්ල ආසන සංවිධායක දයාකාන්ත පෙරේරා මහතා. ඔහු තමයි මගේ දේශපාලන ජීවිතේට අත්පොත් තබන්න අවස්ථාව දුන්නේ. මේක විශේෂ අවස්ථාවක් කරගන්නවා එතුමාට ස්තූති කරන්න



තම දිරියෙන් දේශපාලනය තුල ඉදිරියට යන ඇයගේ සමාජ මෙහෙය සමග එකතුවෙන්න කැමති ඔබ
https://www.facebook.com/Thilini.De.Silva.Foundation/ පිටුව සමඟ එකතුවෙන්න.

එමෙන්ම https://www.facebook.com/SLPP.Sri.Lanka.Podujana.Womens.Front.Dematagoda/
පිටුවෙන් දෙමටගොඩ කාන්තා පෙරමුණ සමඟද එකතුවෙන්න.

කාන්තා ඔබගේ නියෝජනය වෙනුවෙන් ඇය පෙරමන් බලාසිටින්නීය.තිළිණිද සිල්වා හට ඒ ගමන් මග වෙනුවෙන් අත්වැල් බැදගමු.






















Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :