කලා අංශයෙන් ජාත්‍යන්තර විදුහලක් වූ ලයිසියම් හි ඉගෙන ගත් සේනාධි දියණිය ලංකාවෙන්ම උසස්පෙළ අංක එක වීම ගැන හිටපු අධ්‍යාපන ඇමති කෙනෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩුවට චෝදනා කලා.ඉතින් මෙි ගැන සමාජය කතාබහක් යන අතරෙ අද ලයිසියම ජාත්‍යන්තර පාසැලෙනුත් එතුමා හට හොද උත්තරයක් ලැබුනෙ මෙන්න මෙි විදියටයි.
උපුටාගැනීම
" අපගේ එකම අරමුණ සමහර මතවාද වලට පිළිතුරු දෙමින් වටිනා කාලය කා දැමීමට වඩා අනාගතයේ තව තවත් බොහෝ විශිෂ්ටයින් බිහිකිරීමයි "
- ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය -
සේනාධී අල්විස් දරුවාගේ දෙමාපියන්ට අනුව ඇය රජයේ ( සෑහීමකට පත් විය හැකි ) පාසලකට ඇතුළත් කිරීමට සියලු උත්සාහ දරා ඇත.එය අසාර්ථක වූ පසු අපහසුවෙන් වුවද ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1 වන ශ්‍රේණියට ඇතුලත් කර ඇත. ඇය ඉතා නිහතමානී , සරල හා ඉතා දක්ෂ දැරියකි.2018 වර්ෂයේ රජයේ උසස් පෙළ විභාගයට ඇය උගත්තේ රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලුවීමේ අරමුණෙන් වන අතර පළමු වතාවට විභාගයට මුහුණ දුන් දිවයිනේ සියලු සිසුන් අතරින් කලා විෂය ධාරාවේ උපරිම ලකුණු ඇය විසින් ලබා ඇත.ඒ බව ප්‍රකාශ කරන්නේ අප නොව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවයි.ඇයගේ ජයග්‍රහණය අප ඉතා අගය කරන අතර මේ දියණියට අපි ඉත සිතින්ම සුබ පතමු.තවද ඇය අනාගතයේ මව්බිමට විශිෂ්ට සේවයක් කරන දිරිය දියණියක් වේවා යිද පතමු.
![]() |
සේනාධි ශිෂ්‍යාව |
මේ පිළිබඳව කර ඇති විවිධ ප්‍රකාශ වලට පිළිතුරු බැදීම අපගේ අරමුණ නොවේ.සමහරුන්ට මෙය විශේෂ ප්‍රවෘත්තියක් වුවද ලයිසියම් පාසල දිගින් දිගටම අ.පො.ස උසස් පෙළ විභාග වලින් දිවයිනේ හා දිස්ත්‍රික්ක වල ඉහළම ස්ථාන දිනාගත් සිසු සිසුවියන් ගණනාවක් වාර්ෂිකව බිහිකර ඇත.
එපමණක්ද නොව අප පාසල රටවල් 160 කට අධික ප්‍රමාණයක් සිසු සිසුවියන් ලක්ෂ ගණනක් සහභාගි වන කේම්බ්‍රිජ් ජාත්‍යන්තර විභාග හරහා ලෝකයේ ඉහළම ලකුණු ගත් විශිෂ්ටයින් විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව බිහිකර ඇත.2018 වසරේ මැයි මස පැවති කේම්බ්‍රිජ් ජාත්‍යන්තර විභාගයෙන් සිසුන් තිදෙනෙක්ම විවිධ විෂයයන් සදහා ලෝකයේ වැඩිම ලකුණු ලබා ලෝක විශිෂ්ටයන් වී රටටම ගෞරවයක් ලබා දී තිබේ.
තවද එම විභාගයෙන් ම විවිධ විෂයයන් ට ලංකාවේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් දොලොස් දෙනෙකු අප පාසල විසින් 2018 වසරේ දී බිහි කර ඇත.
විශිෂ්ටයන් සමහරුන්ට අරුමයක් වුවත් අප පාසල බොහෝ විශිෂ්ටයින් නිරන්තරයෙන් බිහිකරන බැවින් එය අපට අරුමයක් හෝ සුවිශේෂයක් නොවේ.
අපගේ එකම අරමුණ සමහර මතවාද වලට පිළිතුරු දෙමින් වටිනා කාලය කා දැමීමට වඩා අනාගතයේ තව තවත් බොහෝ විශිෂ්ටයින් බිහිකිරීමයි.
කළමණාකාරීත්වය - ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය
0 Comments :
Post a Comment